Iron Throne එක ඇත්තටම මොන වගේද?

 Iron Throne එක ඇත්තටම මොන වගේද?

Iron Throne

පොතේ කියල තියෙන විදිහට Iron Throne එක  දැක්කත් බය හිතෙන විදිහට තමා හදලා තියෙන්නෙ.මේක පළවෙනි එගෝන් රජතුමා නිර්මාණය කරල තියෙන්නෙ තමන්ගෙ සතුරන්ගේ අසිපත් දහස් ගණනක් බැලේරියන්ගේ මකර ගින්නෙන් උණු කරලා කියලා අපි හැමෝම දන්නවනෙ. පොත්වල සඳහන් වෙන විදිහට තනි යකඩවලින් හදල තියෙන මේ සිහසුණ මත ඉඳගෙන ඉන්නත් සෑහෙන uncomfortable කියලා තමා කියන්නෙ.මේ Throne එක අපි දැකපු එකට වඩා උඩකින් පිහිටන ලෙස තමා ගොඩනගලා තියෙන්නෙ ඒ හින්දම මහළු රජවරුන්ට මේකෙ ඉදගන්න Throne එක ලගට යන්නත් අමාරුයි

Iron Throne

 මෙහෙම අමාරුවෙන් යනකොට ලිස්සුවා කියන්නෙ ඉතින් ඒක ඒ රජතුමාගෙ අවසානෙ තමා මේක කොච්චර භයානකද කියනව නම් ඉඳගන්න නුසුදුසු කෙනෙක් සිහසුණෙ වාඩි වුණොත් ඒ කෙනාව අයන් ත්‍රෝන් එක විසින්ම කපා තුවාල කරනව කියල මතයක්ද තියෙනවා. හැබැයි ඉතිං HBO එකෙන් හද්පු සීරීස්වල අයන් ත්‍රෝන් එක නම් පොත් වල එන Throne එකෙන් ගොඩක් වෙනස් කරලා Tone Down කරලා තමා නිර්මාණය කරලා තියෙන්නෙ.HOTD & GOT කියන සීරිස් දෙකේම මේ Throne එක පොත්වල අහලකින්වත් තියන්න බෑ.

Comments