A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)
A Knight of the Seven Kingdoms කියන series එක බලද්දි “මේක පොඩි knight කෙනෙක්ගෙ simple කතාවක්ද?” කියලා හිතෙනවා නම්, ඇත්තටම ඒක Westeros ඉතිහාසයේ ගැඹුරුම, දුක්බරම, සහ දේශපාලනිකව වැදගත්ම කාලයක් එක්ක බැඳුණු කතාවක්.
මේ post එකෙන් 👇
- A Knight of the Seven Kingdoms series එකට පාදක වූ
Dunk & Egg පොත් තුනේම
– The Hedge Knight
– The Sworn Sword
– The Mystery Knight
👉 PDF versions + Comic / Graphic Novel versions + Audiobook
(කැමති අය ඉල්ලන්න — post එක අගට යනකම් කියවන්න)
- Dunk & Eggගේ සම්පූර්ණ සංචාර තුනේම කතාව
(Series එකට පාදක වෙන novels තුනේ storyline)
- ඒ අතර හමුවෙන වැදගත් චරිත,
Key Points, Hidden / Foreshadowing Points
Dunk & Egg පොත් තුනේම
– The Hedge Knight
– The Sworn Sword
– The Mystery Knight
👉 PDF versions + Comic / Graphic Novel versions + Audiobook
(කැමති අය ඉල්ලන්න — post එක අගට යනකම් කියවන්න)
(Series එකට පාදක වෙන novels තුනේ storyline)
Key Points, Hidden / Foreshadowing Points
- Duncan the Tall කවුද?
– ඇත්තටම ඔහු Knight කෙනෙක්ද, නැත්නම් නමට විතරද?
- Trial of Seven
– සත් දෙවිවරු, නයිට්වරු හත් දෙනා, එක විනිශ්චයයක්
- Daeron Targaryenගේ හීන
– Tourney at Ashford එකට ඒවා සම්බන්ධ වෙන්නේ කොහොමද?
- Storm’s End සටන
- – Baelor Targaryen, Duncanට උදව් කළේ ඇයි?
- Dorne වලට Dunk & Eggගේ සංචාරය
- “Died in the Spring”
– Seven Kingdoms එකම කම්පනයට ලක් කළ වසංගතය
- Standfast හි අභියෝගය
– The Sworn Sword ආරම්භය
- Coldmoat Trial
– Duncan vs Lucas Longinch
- Whitewalls වෙත Duncan & Eggගේ ගමන
- Second Blackfyre Rebellion
– Westeros ඉතිහාසය almost වෙනස් වෙන්න ගිය මොහොත The Wedding at Whitewalls
– Banners, Blood, Betrayal, and Prophecy
– ඇත්තටම ඔහු Knight කෙනෙක්ද, නැත්නම් නමට විතරද?
– සත් දෙවිවරු, නයිට්වරු හත් දෙනා, එක විනිශ්චයයක්
– Tourney at Ashford එකට ඒවා සම්බන්ධ වෙන්නේ කොහොමද?
– Seven Kingdoms එකම කම්පනයට ලක් කළ වසංගතය
– The Sworn Sword ආරම්භය
– Duncan vs Lucas Longinch
– Westeros ඉතිහාසය almost වෙනස් වෙන්න ගිය මොහොත
The Wedding at Whitewalls
– Banners, Blood, Betrayal, and Prophecy
නමුත් ඒකට පෙර සිද්ධ වෙච්ච දේවල් නොදැන ඒ සිද්ධියට ඇති වැදගත්කම හරියට තේරෙන්නෙ නැති නිසා, Dunk & Eggගේ කතාව මුල සිටම timeline එකක් විදිහට මේක ලියන්න තීරණය කළා.
A Knight of the Seven Kingdoms කියන්නේ Dunk සහ Eggගේ සංචාර ගැන කියන series එකක්…
Dunk (Duncan the Tall) සහ Egg (Prince Aegon Targaryen) එකතු වෙලා Seven Kingdoms වටා කරන සංචාර, චාරිකා, සහ ඒ අතර සිද්ධ වෙන සිද්ධීන් ගැන විස්තර කෙරෙන සීරීස් එකක්.
Dunk = hedge knight → නමක්, භූමියක්, බලයක් නැති knight
Egg = ඔහුගේ squire (සහචරයා) → ඇත්තටම රහසිගත Targaryen කුමාරයෙක්
දෙන්නා:
ගමෙන් ගමට යනවා
Tourney වලට සහභාගි වෙනවා
රජවරුන්ට සේවය කරනවා
පොදු ජන ජීවිතය, දුප්පත්කම, අසාධාරණය දැකගන්නවා
A Knight of the Seven Kingdoms සීරීස් එක ගත්තම මේකට පාදක වෙන්නෙ George R. R. Martin ලියා තියෙන ප්‍රදාන පොත් තුනක් වෙන
The Hedge Knight
The Sworn Sword
The Mystery Knight
මේ පොත් තුනම cover කළාම, published Dunk & Egg stories ඉවර වෙනවා.අපේ සීසන් 01 එක බලපුහාම පේන්නෙ ඒක හදලා තියෙන්නෙ පලවෙනි පොතෙන් කියලා.එහෙම ගත්තම සීසන් එකකට එක පොතක් ගත්තොත් උපරිම සීසන් තුනක් හදන්න පුලුවන් හැබැයි මේ සීරීස් එක සීසන් 15ක් විතර හදන්න සැලසුම් කරලා තියෙනවා කියලා Ira Parker කියලා තියෙනවා.
අනිවාර්යයෙන් නෑ. හේතු කිහිපයක් තියෙනවා
Martin කියලා තියෙනවා Dunk & Egg කතා 9–12ක් වගේ plan කරලා තිබුණා කියල.ඒ අතර Winterfell, Riverlands, Dorne, Casterly Rock වගේ places වල adventures තියෙනවා හැබැයි ඒවා ලියලා නෑ, නමුත් outline / history තියෙනවා.
3️⃣ HBO style එක (GOT / HOTD pattern)
HBO ලාගෙ HOTD වුණත් Fire & Blood එක full novel එකක් නෙවෙයි gaps expand කරලා seasons ගණනාවක් කළා. Dunk & Egg එකටත් ඉතිං ඒකම කරන්න පුලුවන්.අනික පැය භාගෙ එපිනෙ යන්නෙත් සීසන් එකටත් එපි 6යි නෙ ඒක හින්දා expand කරන්න ඔනෙත් නෑ.ඉතිං එහෙම බලපුහාම
Season 1, 2 & 3 = Book 1, 2 & 3
Season 4 + = original but lore-accurate stories
සතුටින් කියවන්න.
Good luck — මෙතැනින් කතාව ඇරඹෙයි.
🗺️ The Journey Begins — Dunk & Egg Across the Seven Kingdoms
සීරීස් එකේ Egg එක්ක ඉන්න කෙනා Dunk යනු Aerys I, Maekar I, and Aegon V Targaryen රජුන්ගේ පාලන සමයේ හිටපු නයිට්වරයෙක්.Flea Bottom හී Duncan ලෙස හැදී වැඩුන ඔහු Hedge Knight, Ser Arlan of Pennytree ගේ සහචරයෙක් උනා .ඉතිං Hedge Knight කෙනෙක් කියන්නේ භූමියක් නැති, කාසල් එකක් නැති, ස්ථිර ස්වාමිවරයෙක්ට සේවය නොකරන Knight කෙනෙක්.Ser Arlan of Pennytreeගේ මරණයෙන් පස්සේ Dunk තමන්ව Hedge Knight කෙනෙක් ලෙස හඳුන්වාගන්න පටන් ගන්නවා වගේම තරග කරන්න Ashford Meadow යනකොට තමයි Eggව හම්බෙන්නෙ මොකද Eggටත් ඔනෙ මේකට යන්න ඉතිං Egg Duncanගෙ සහචරයෙක් විදියට තමයි යන්නෙ කියලා සීරීස් එක බලන ඔයාල දන්නවනෙ. Ser Arlan of Pennytreගේ මරනයත් එක්ක ඔහුට අයිතිව තිබුන දේවල් මෙන්ම අශ්වයන් තුන්දෙනෙක් ද Duncanට අයිති වෙනවා. ඒ තමයි Thunder, Chestnut සහ Sweetfoot. Hedge Knight පදවිය ලැබුනා කියලා Dunk කිවට ඇත්තටම ලැබුනමයි කියන්න බෑ මොකද Ser Arlan විදිමත් සාක්ෂි එක්ක Duncanව knight කරලා නෑ. නමුත් Duncan ජීවිතේම පුරා ඔහු නයිට් කෙනෙක් වගේ ජීවත් වෙනවා. ඒකයි Dunk special වෙන්නෙ. සාමාන්‍යයෙන් නයිට් කෙනෙක් කරද්දි සන්නාහයක්, කඩුව, සාක්ශීන් (witnesses), Seven Faith rites ( සත් ඇදහිලි චාරිත්‍ර) වගේ දේවල් තියෙන්න ඕන. Ser Arlan මැරෙද්දි ඔහු දුප්පත්, කාත් කවුරුත් නෑ, උත්සවයක් නෑ, සාක්ෂියෙක් නෑ ඒ නිසා Ser Arlan විසින් Duncanව රහසේ knight කරලා තිබුණාද කියලා වත් නිශ්චිත සාක්ෂි නැති නිසා, නීතිමය අර්ථයෙන් ඔහු ‘properly knighted’ නෙමෙයි කියලා කියන්න පුළුවන්. නමුත් ඔහු සැබෑ නයිට්වරෙයෙක්ටත් වඩා හොදට මේ වැඩේ කරනවා.
Ser Arlan of Pennytree
- Landed Knight - ඉඩමක් සහිත බලකොටුවක් හිමි එහි පදිංචි වී සිටින නයිට් වරයකි. මොවුන්ගේ නයිට් පදවිය පව්ලත් සමගම ලැබෙන අතර ඔවුන්ගේ තත්වය පාරම්පරීකය.
- Hedge Knight - Hedge නයිට්වරයෙක් යනු ස්වාමියෙකු නොමැතිව ඉබාගාතේ යන නයිට්වරයෙකි. Hedge නයිට්වරු තමන්ගේ සේවය ලබා දිය හැකි ස්වාමියෙක් සොයමින් රාජධානි හත පුරා සංචාරය කරති. මොවුන්ට ස්ථීර වාසස්ථානයක් නැති අතර සේවය ලබාගන්නා ස්වාමියාගෙන් ආහාර පාන නවාතැන් හා මුදල් උපයා ගනි. ස්වාමියෙකු නොමැති කාලවල ගස් යට තානයම් වල කාලය ගත කරයි.
- Kingsguard - The Sworn Brotherhood of the Kingsguard. Iron Throneහී රාජකීය ආරක්ශකයන් වේ. සත් රාජධානිවල හොඳම නයිට්වරුන් ලෙස සැලකෙන්නේ මොවුන් ය. තම රජු සහ රාජකීය පවුල තම ජීවිතවලින් ආරක්ෂා කිරීමට, ඔහුගේ අණට කීකරු වීමට සහ ඔහුගේ රහස් තබා ගැනීමට දිවුරුම් දී ඇත. Kingsguard ජීවිත කාලය පුරාම දිවුරුම් දී ඇති අතර ඉඩම් හිමිකර ගැනීම, බිරිඳක් ගැනීම හෝ දරුවන් ඇති දැඩි කිරීම තහනම් කර ඇත, නමුත් ඔවුන්ට රජුගේ අත වැනි පාරම්පරික නොවන තනතුරු දැරිය හැකිය. කාන්තා පාලනයක් රැගෙන ගිය දෙදෙනෙකු වන Queen Rhaenyra Targaryen (129–130 AC) සහ Queen Daenerys Targaryen (300 AC-Present) යන අය Kingsguard එකක් වෙනුවට Queensguard එකක් සමඟ කටයුතු කර ඇත.
Ashford Meadow වෙත ඇරඹුණු Daeron සහ Egg ගේ ගමන...
මේ තමයි Eggගෙ ලොකු අයියා. Daeron the Drunken නැත්තනම් බේබදු ඩෙරොන් කියලත් හදුන්වන්නෙ මෙයාව. Maekar Targaryenගේ වැඩිමල් පුතා උනත් Daeron කවදාවත් Iron Throne උරුමකාරයෙක් ලෙස සැලකුණේ නැහැ . මොකද ඔහුගේ ක්‍රියාකලාපය ඒකට ගැලපුනේ නෑ. Daeron කියන්නෙ අනාගත සිහින දකින්නෙක් ඉතිං මේ දකින හීන නිසා මොහු මෙහෙම බිබි පිස්සුවෙන් වගේ ඇවිදින්න හෙතු උනා කියලත් කියනවා. Daeron 233 AC වලට පෙර, ගණිකාවකගෙන් හදාගත් බවට විශ්වාස කරන pox වැනි රෝගයකින් මිය යනවා.
ඇත්තටම Daeron කියන්නෙ අනාගතේ ගැන හීන පෙන කෙනෙක්. Daeron තානයමක ශොට් එකක් දාන ගමන් ඉන්නකොට Daeron ට Duncan the Tall හම්බුන වෙලාවෙ Daeron Duncan ගැන හීනයක් දැක්ක කියලා කියනවානෙ. Daeron හීනයක් දකිනවා හැබැයි ඒකෙ හරිම තේරුම ඔහුට තේරෙන්නෙ නැහැ.
“Did I? Well, it’s so. My dreams are not like yours, Ser Duncan. Mine are true. They frighten me. You frighten me. I dreamed of you and a dead dragon, you see. A great beast, huge, with wings so large they could cover this meadow. It had fallen on top of you, but you were alive and the dragon was dead.”
“මම එහෙම කළාද? හොඳයි, ඒක එහෙමයි. මගේ සිහින ඔයාගේ සිහින වගේ නෙවෙයි, සර් ඩන්කන්. මගේ සිහින ඇත්ත. ඒවා මාව බය කරනවා. ඔයා මාව බය කරනවා. මම ඔයාවයි මැරුණු මකරෙකුවයි හීනෙන් දැක්කා, ඔයාට පේනවා. මේ තණබිම වහන්න පුළුවන් තරම් විශාල පියාපත් තියෙන මහා මෘගයෙක්. ඒක ඔයා මතට වැටිලා තිබුණා, නමුත් ඔයා ජීවතුන් අතර හිටියා, මකරා මැරිලා.”
Valarr Targaryen: අනාගත රජු ලෙස උපන් “The Young Prince”...
Aerion Brightflame: Targaryen උමතුවේ අඳුරුම මුහුණ...
The Ashford Tournament Begins:Chaos, Dreams, and Challenges...
Aerion Targaryen තරගාවලිය අතරතුර තම ඥාති සොහොයුරා වන Valarr Targaryen කුමරුට අභියෝග කිරීමට සූදානම් ව සිටි නමුත් ඒ වෙනුවට Ser Humfrey Hardyngට අභියෝග කරනවා. මේ වෙලාවෙ Egg කෑගහනවා Aerionව මරන්න කියලා.මම කිව්වෙ Egg Aerionට කැමති නෑ කියලා.
සටන යනකොට Aerion එයාගෙ හෙල්ලෙන් Humfrey Hardynගෙ අශ්වයාට පහර දුන් අතර අශ්වයා Humfrey Hardyng මතට වැටිම නිසා Humfrey Hardyngගෙ කකුලට හානි වෙනවා. පසුව අශ්වයාද මිය යනවා. පසුව Aerionගේ කෝපයට පත් කරමින් Lord Ashford අශ්වයාගේ මරණයට වන්දි ගෙවීම ලෙස Humfrey Hardyngට Aerionගේ අශ්වයාව ලබා දීමට තීරණය කරනවා.
මෙදා රෑ තරගය තිබුන භූමියේදි නයිට්වරයෙක් මකරෙකු මරන ආකාරය පෙන්වන රූකඩ සංදර්ශනයක් දැකලා Aerionට තවත් තරහා යනවා මොකද ඌ හිතන් හිටියෙ ඌත් මකරෙක් කියලා. මේකට යකා නැගපු Aerion උගෙ මිනිසුන්ට කියලා රූකඩ කුටිය සහ රූකඩ විනාශ කරලා විතරක් නතර නොවී හිතාමතාම රූකඩ ශිල්පියෙකු වන Tanselle නම් ගැහැණු ළමයෙකුගේ අතේ ඇඟිලි කඩලා දානවා. මේ කලබලය අස්සෙ Egg Duncanගෙන් උදව් ඉල්ලපු හින්දා Duncan මැද්දට පැනලා Aerion බඩටයි මූනටයි හොද පාරවල් ටිකක් ගහලා දානවා තව ගැහුවනම් Aerionගෙ දත් ටික පහුවදාට තමා බඩෙන් එලියට ගන්න වෙන්නෙ වාසනාවට ඊට කලින් Aerionගෙ මිනිස්සු Duncanව අල්ලගන්නවා. පස්සෙ Aerion මිටියකින් Duncanගෙ දත් කඩලා බඩ කපලා දාන්න කියලා නියෝග කරනවා ඊට පස්සෙ තමා Egg ඇවිත් තමා Aegon කුමරු කියලා පෙන්නලා Duncanව බේරගන්නෙ. හැබැයි Duncanට නිදහස් වෙන්න ලැබෙන්නෙ නම් නෑ.
Duncanට Baelor කතා කරන අතර එහිදී ඉස්සරහට වෙන දේවල් Duncanට කරන්න පුලුවන් දේවල් ගැන කියනවා මෙහිදි ඔනම නයිට් කෙනෙක්ට තමන් නිවැරදි බව ඔප්පු කරන්න සටනකින් නඩු විභාගයක් ඉල්ලන්න පුලුවන් කියලා කියනවා.ලේ කුමාරයෙකුට පහර දිම සම්බන්දයෙන් Duncanට එරෙහිව නඩු විභාගයක් සිද්ද කරනවා. මෙහිදී Duncan පවසන්නෙ ඔහු නයිට්වරයෙකුගේ කාර්‍යයක් වන මිනිසුන් ආරක්ශා කිරීම සිද්ද කල බවත් තමන් නිවැරදි බව ඔප්පු කරන්න Aerion සමග සටනක් ඉල්ලන අතර එහිදි Aerion විසින් සත් දෙනෙකුගේ නඩු විභාගයක් ඉල්ලනවා. මේකට එකග උනේ නැත්නම් Duncanට තමන් නොකරපු වැරදි වලට වැරදි කාරයා වෙන්න වෙන නිසා එකඟ වෙනවා. එම නඩු විභාගය Trial of seven ලෙස හදුන්වනවා.
Tragedy at the Ashford Tournament: Duncan Faces Aerion...
Aerion සිතුවේ Trial of seven සදහා Duncanන් හට සය දෙනෙකු සොයා ගැනිමට නොහැකි වෙයි කියායි නමුත් Duncan Aegon හා Raymun Fossowayවේ ගේ සහය ඇතිව තමන්ගෙ පිරිස සොයාගන්නවා වගේම සන්නාහයක් ලබා ගැනීමට අශ්වයන් තුන්දෙනාගෙන් Sweetfootව විකුණනවා. මොහුගේ පිරිස අතරට ඔටුන්න හිමි Baelor Breakspearද ඇලුත් වෙනවා. ගැටුම ආරම්භ වීමට පෙර, Baelor Duncanගේ පැත්තේ ශූරයන්ට තරගාවලියේදී හෙල්ල භාවිතා කරන ලෙස උපදෙස් දුන් අතර Aerionගේ පැත්තෙ ඉන්න Kingsguard නයිට්වරුන් තිදෙනාගෙන් ඔහුට හානියක් නොවන බවත් සදහන් කරනවා. Kingsguard එකේ අය දිවුරුම් දෙනවා රජ පව්ල ආරක්ශා කරන්න ඒ නිසා ඔවුන්ට පව්ලේ අයට විරුද්දව සටන් කරන්න බෑ.
Duncanගේ පැත්ත නියෝජනය කරමින්,
- Ser Duncan the Tall
- House Targaryen නියෝජනය කරමින් Prince Baelor Targaryen
- House Baratheon නියෝජනය කරමින්Ser Lyonel Baratheon
- House Fossoway නියෝජනය කරමින් Ser Raymun Fossoway
- House Beesbury නියෝජනය කරමින්Humfrey Beesbury, slain by Donnel of Duskendale
- House Hardyng නියෝජනය කරමින් Ser Humfrey Hardyng, died after the battle
- House Rhysling නියෝජනය කරමින් Ser Robyn Rhysling
- Prince Aerion Targaryen
- Prince Daeron Targaryen
- Prince Maekar Targaryen
- House Fossoway නියෝජනය කරමින් Ser Steffon Fossoway
- Kingsguard Ser Willem Wylde
- Kingsguard Ser Donnel of Duskendale
- Kingsguard Ser Roland Crakehall
සටන ආරම්භ වන අතර මුලදී Duncan පසුබැසීමකට ලක් වුනත් අවසානයේ Duncan හා Aerion මුහුණට මුහුණ හමුවෙනවා Duncan විසින් Aerionට පහරදුන් අතර අවසානයේ Duncan Aerionට වඩා ඉදිරියෙන් සිටියා. Duncan Aerion යටත් වීමට බල කළ අතර Aerion ගේ සහෝදරයා උන Daeron දැනටමත් ඔහුගේ පරාජය පෙර දින Duncan පොරොන්දු වූ පරිදි Duncan සියලු චෝදනාවලින් නිදහස් වූ බව ප්‍රකාශ කර පරාජය බාරගන්නවා පසුව Aerionද Lord Ashford ඉදිරියේ පරාජය බාරගන්න අතර Duncan සියලු චෝදනාවලින් නිදහස ලබා සටන ජය ගන්නවා.
Duncan සටන ජයගත්තද, සටන අතර තුරදී Maekarගෙ ආයුදය mace එක නත්නම් යගදාවෙන් පහරක් ඔහුගෙ ලොකු අයියා උන Baelor Breakspear ගේ හිසට එල්ල වෙනවා.මේ නිසා ඇතිවුන තුවාලය නිසා Baelor Breakspear තරගයෙන් පසුව මිය යනවා.මේ මිය යාම තමන් නිසා සිදු උන දෙයක් කියලා හිතන් Duncan දුක් වෙනවා.
මේ සටන අවසානයේදී පරාජය උන Aerionව Essos වල පිහිටි Lys වලට පිටත් කර යවනවා. ඒ Free Cities වල ටික කාලයක් ගත කිරීමෙන් ඔහුගේ මේ ගතිගුන යහපත් අතට හැරෙයි කියන බලාපොරොත්තුවෙන්. කෝම හරි Lys වලදි අවජාතක දරුවන් කීපදෙනෙක් හැදුවා කියලත් කියනවා.පස්සෙ කෝම හරි ටික කාලෙකින් ආයෙ Westeros වලට ඇවිත් තුන්වන Blackfyre Rebellion එකටත් සහබාගි වෙනවා.
Uncle Baelor said that clemency was best when dealing with an honorable foe. If a defeated man believes he will be pardoned, he may lay down his sword and bend the knee. Elsewise he will fight on to the death, and slay more loyal men and innocents.
—Aegon Targaryen to Duncan the Tall
“Duncan Ser Arlan, he told me you were the soul of chivalry, and that one day the Seven Kingdoms would be safe in your hands.
Baelor: Not for many a year still, I pray.”
—Duncan the Tall and Baelor
“It is not every man who can boast that he broke seven lances against the finest knight in the Seven Kingdoms. I could never hope to do better, so why should I try?”
—Arlan to Dunk
තරගාවලියෙන් පස්සෙ Maekar නැත්නම් Eggගේ තාත්තා Duncanට Summerhall හි ස්ථානයක් දෙනවා. මේ කියන්නෙ ඉඩමක් ගැන නෙමේ මේ Summerhall කියන්නෙ Dragonstone වල තියෙන බලකොටුවක් ඉතිං මේ බලකොටුවෙ ඉන්න සේවය කරන්න දුන්න ස්ථානයක් ගැන තමයි මෙ කියන්නෙ. Maekar Targaryen Duncanට Summerhall හි සේවය සඳහා ස්ථානයක් ලබා දුන්නේ Egg සහ ඔහුට අධ්‍යාපනික හා Knight කෙනෙක්ගේ අත්දැකීම් ලබාදීම සඳහායි මොකද Duncan නයින් කෙනෙක් කියලා කිව්වත් හරිහමන් අත්දැකීමක් පුහුණුවක් ඔහුට තිබුනේ නෑ. නමුත් Duncan එය ප්‍රතික්ශේප කරනවා වගේම Eggව තමාගෙ සහචරයා විදියට භාර ගන්නවා. මෙහිදී කුමාරයත් Hedge Knight කෙනෙක් විදියට ඉන්න ඔන කියලා කොන්දේසියක් දානවා. මේ තීරණයෙන් එය Eggට නිහතමානීකම උගන්වනු ඇතැයි කියලා Duncan Eggගෙ තාත්ත Maekarට ඒත්තු ගනවනවා ඉතිං මේකත් එක්කම Maekarගෙ කැමැත්තත් මේකට ලැබිලා ටික කාලෙකින් Duncan & Egg නැවතත් ඔවුන්ගෙ ගමන ආරම්භ කරලා Standfast Journey එක පටන් ගන්නවා. මේ ගමන යන්න කලින් Maekar ඔහුගෙ මුද්දක් පුතාට ලබා දෙනවා හදිසි වෙලාවක භාවිතාකරන්න කියල.
දෙන්න ගමන පටන් ගන්නෙම කෙල්ලෙක් පස්සෙ ගිහින්. මතක ඇති Ashford Meadow වලදි Duncan Tanselle කියලා රූකඩ නටවන කෙල්ලෙක්ව බේරගන්නවා ඉතිං මේ කෙල්ලව හොයාගෙන Dorne වලට යන එකෙන් තමයි දෙන්නගෙ ඊලග ගමන පටන් ගන්නෙ. කෝම හරි Tanselle Too Tall සොයා Dorne වලට ගිය ගමන Dorne වල අවුරුද්දක් විතර හිටියා කියලා තමයි කියවෙන්නෙ. පොත්වල්ල හොද කොටස් ටිකක් දාන්නම් බලන්න. පොත්වල PDF හම්බුනාම කියවලා බලන්න මේවා හම්බෙයි.
මේ දාන ඒවගෙන් Dunk & Egg ගෙ ගමන ගැන ලොකු සදහනක් වෙනවා. මම මේවා සිංහලෙන් දාන්න යන්නෑ ඉතිං.
“Egg had served Dunk for a good year and a half, though some days it seemed like twenty. They had climbed the Prince’s Pass together and crossed the deep sands of Dorne, both red and white. A poleboat had taken them down the Greenblood to the Planky Town, where they took passage for Oldtown on the galleas White Lady.” -The Sworn Sword
“A tree and shooting star. I have never seen those arms before.” She touched his tunic, tracing a limb of his elm tree with two fingers. “And painted, not sewn. The Dornish paint their silks, I’ve heard, but you look too big to be a Dornishman.” “Not all Dornishmen are small, m’lady.” Dunk could feel her fingers through the silk. Her hand was freckled, too.I’ll bet she’s freckled all over. His mouth was oddly dry. “I spent a year in Dorne.””
“They had slept in stables, inns, and ditches, broken bread with holy brothers, whores, and mummers, and chased down a hundred puppet shows. Egg had kept Dunk’s horse groomed, his longsword sharp, his mail free of rust.”
“I should be dreaming of Tanselle. Tanselle Too-Tall, they called her, but she was not too tall for me. She had painted arms upon his shield and he had saved her from the Bright Prince, but she vanished even before the trial of seven.”
“Tanselle smiled at me, but we never held each other, never kissed, not even lips to cheek.”
මේක මම ආසම කොටසක් පව් අපේ Duncan කෙල්ල එක්ක හිනා උනා විතරයි. (Tanselle සමඟ සිහිනයක් වගේ හිනාවක් විතරක් පවතින අතර, ඔවුන් කිසිදාත් ආදර සම්බන්ධතාවයකට යොමු නොවීය) කෝම හරි කෙල්ල හොයන්න යන ගමනෙදි ඉතුරු උන අශ්වයන් දෙන්නගෙන් Chestnut මිය යනවා.Chestnutව එතනම වල දාලා දෙන්න කෙල්ල හොයන් යනවා.අන්තිමට කෙල්ලත් නෑ අශ්වයත් නෑ.
පොත් තුනෙන්ම මම කැමතිම කතාව තියෙන්නෙ The Sworn Sword කියන දෙවනි පොතේ. බොහෝ විට එය වඩාත්ම හොද ස්වයංපෝෂිත කතාවක් කියලා මට හිතෙනවා ඒක මගේ පුද්ගලීක මතයක්. Dunk සහ Egg මැදිහත්වීම් සිදු වන්නෙ කුඩා ගම්මානයක් හා බලකොටු දෙකක් අතර යි. වැඩිය සටන් ක්‍රියාදාම දකින්නට නැති නමුත් අවසානයේ අරථවත් දේශපාලනමය වශයෙන් වැදගත් දේශසීමා ගැටුමකට සම්බන්ධ වීමක් දකින්න පුලුවන්. කතාව ජීවමාන කිරීම සඳහා සිත් තුල සැගවුනු ආදර කතාවක් තිබුනත් එය ආදරයක් කියලා සෘජුවම ඉදිරිපත් කරලා නැති නිසා අවසානයේ එය නිකම්ම ආකරශනයක්ද නැතිනම් ආදරයක්ද යන වග වටහා ගැනිම කියවන්නා සතුය. මම ඔය ආදර සීන් එක ගැන තියෙන කොටස් ටිකක් පොතෙන් අරන් මේකට දාන්නම් බලන්න. ඒ සීන් ටික නම් මරු.
“I bet she has freckles all over”
හැබැයි වසංගතයෙන් අපේ Duncan & Eggට නම් මුකුත් වෙන්නෑ මොකද මේ කාලෙදි Duncan & Egg වසංගතය දරුණුවටම පැතිරුන තැන්වල හිටියෙ නෑ වගේම දෙන්න ඉබාගාතේ යන Hedge Knight වරුන් ලෙස මහා නගර මඟහැර, චලනය වෙමින්, Dorne, Standfast වැනි හුදකලා ප්‍රදේශවල කාලය ගත කරපු හින්දා. මේ ජීවන රටාව නිසා වසංගතයට ඔවුන්ගේ නිරාවරණය බෙහෙවින් අඩු කරා. නමුත් Eggගේ සීය වන, දශක ගණනක් රාජධානිය පාලනය කළ Daeron II Targaryen මේ වසංගතය නිසා අහිමි වෙනවා. Series එකේ මේ වසංගතය කොච්චර දුරට පෙන්වයිද කියලා තවම පැහැදිලි නෑ මොකද Duncan & Egg ඩෝන් වල ඉන්න හින්දා හැබැයි මේක අනිවාරෙන් පොඩියට හරි පෙන්වයි Eggගෙ සීයා මෙකෙන් මැරෙන හින්දා.
“Thank the Mother for her mercy, then.” The Great Spring Sickness had never come to Dorne, perhaps because the Dornish had closed their borders and their ports, as had the Arryns of the Vale, who had also been spared.” -The Sworn Sword
ඉතිං Duncan & Egg Reach වලට යනකොට නැත්නම් ඒ කාලෙ වෙනකොට රාජධානියෙ වෙනස් කම් ටිකක් උනා. Daeron II Targaryen රජතුමා මිය යාම, ඔහුගෙන් පස්සෙ රජ කමට හිටපු Valarr Targaryen මිය යාම නිසා රාජ්‍යත්වය පිලිබද ප්‍රශ්නයක් ඇති වීම හා පසුව Aerys Eggගෙ තාත්තගෙ අයියා Aerys I Targaryen නමින් රජ වීම ප්‍රදානම වෙනස් කමක් විදියට දක්වන්න පුලුවන් අතර මේ කාලයේදී සත් රාජධානි Great Spring Sickness එකට පස්සෙ ඇති වුනු දරුණු ගිම්හාන නියඟයකින් පීඩා විඳිමින් තමයි තිබුනෙ. හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ.
“The realm was full of lawless men these days. The drought showed no signs of ending, and smallfolk by the thousands had taken to the roads, looking for someplace where the rains still fell.” -The Sworn Sword
House Webber කියන්නෙ Goldengrove වල House Rowan නම් Reachවල පැරණිතම හා වැදගත්ම පවුලකට දිවුරුම් දුන් පිරසක්. මේක ඇවිල්ල විශේශ House එකක් මොකද මේ House Webber කියන්නෙ Duncan & Egg කියන කාලෙදි විතරක් තිබුන House එකක්.මුං හිතන් ඉන්නෙ මුං Spider man කියලද කොහෙදො මොකද මුන්ගෙ ලකුණ මකුළුවෙක් ඉන්න මකුළු දැලක්.
Coldmoat Castle...
Coldmoat කියන්නෙ Reach වලට උතුරින් House Osgrey හි පැරණි භූමියට මායිම්ව පිහිටා ඇති Osgrey වංශයේ බලවත් බලකොටු හතරෙන් එකක් විය. එය මේ වන විට Maegor I Targaryen විසින් අවුන්ගෙන් ලබාගෙන House Webber එකට පවරා දී ඇත.
මේ බලකොටුව ගොඩනගන්නෙ House Gardener විසින් පාලනය කල කාලයකදී Lord Perwyn Osgrey විසිනි. Duncan & Egg මෙහි යන කොට මේ බලකොටුව පාලනය කරන්නෙ Rohanne Webber විසිනි. Ser Eustace Osgrey Rohanne Webber සමග විවාහ වන විට මෙම බලකොටුව නැවතත් නීතිමය හා දේශපාලනමය අතින් Osgreyලට අයිති වෙනවා.
කතාවෙ එන ප්‍රදාන කතානායිකාව හා Duncanන්ට ආලයක් ඇති වූ කාන්තාවගේ ජීවිත කතාව.අනිවාර්‍යෙන් කියවන්න කතාවට ගොඩක් වැදගත් කරුණූ මේකෙ තියෙනවා.
Lord Wyman Webber දියණිය නැතිනම් රතු වැන්දඹුව ලෙස හැඳින්වෙන Rohanne Webber ඇය Aerys I Targaryen රජුගේ පාලන කාලයේදී Coldmoatහී ආර්යාව සහ House Webberහි පාලිකාවද උනා. Rohanne සහෝදරයන් පස් හය දෙනෙකු සිටි නමුත් ඔවුන් සියල්ලෝම ළදරු වියේදීම මිය ගිය නිසා Wyman Webberගේ එකම ජීවමාන උරුමක්කාරිය වූයේ ඇයයි.
ඇයගේ ළමා කාලයේදී, Eustaceගේ පුතෙක් උන Addam Rohanneගේ පියාගේ සහචරයෙක් විදියට සේවය කල අතර ඒ කාලය අතරේ Addam හා Rohanne අතර ආදර සම්බන්දයක් තිබී ඇති අතර Eustace දෙදෙනාව විවාහ කිරිමට යෝයජනාවක් ගේන නමුත් Rohanneගේ පියා ඊට විරුද්ද වෙනවා. ඔහු ඔහුගේ වෙනත් සහචරයෙකු සමග Rohanneව විවාහ කරන අතර පලවෙනි Blackfyre කැරැල්ලෙදි Rohanneගේ පියා වගේම සැමියත් මිය යාම සමග වයස අවුරුදු 10 වෙද්දි ඇය පලමු වරට වැන්දඹුවක් වෙනවා. Eustace විසින් Blackfyre වරුන්ට සහය දැක්වූ අතර මේ සටනේදී ඔහුගේ පුතුන් වන Addam හා අනෙක් දෙදෙනාද මිය යනවා. මේ මිය යාමත් සමග Rohanne දුක් උනේ Addam වෙනුවෙන් මිස ඇය යන්තම් හෝ දැන සිටි ස්වාමිපුරුෂයා වෙනුවෙන් නොවේ. පසුව ඇය Addamගේ මරණයට Eustace දොස් පැවරූ අතර ඉන් පසුව ඔහු කෙරෙහි ඇයගේ සිතේ වෛරයක් ඇති විය. Rohanne හා Addam අතර ආදරයක් තිබූ නමුත් එය හාදුවකට එහා නොගියේය. මොකද Addam ඊට කලින් මිය ගිය නිසා.
පසුව ඇය වයස අවුරුදු 13දි පනස් හැවිරිදි මනුස්සයෙක් එක්ක විවාහ වෙනවා. ඔහු ටික කලකින් සීතල හේතුවෙන් මිය යන අතර පසුව මාස කීපයකට පසු ඇය මිය ගිය පුද්ගලයාට දාව දරුවෙකු බිහි කරන අතර දරුවා දවස් තුනකින් මිය යනවා. මින් පසු ඇය පුද්ගලයන් දෙදෙනෙකු සමග විවාහ වන අතර දෙදෙනාම මිය යනවා. ඇගේ තුන් වන ස්වාමියා වසංගතයෙන් මිය යනවා. දෙවනි හො තුන්වෙනි පුදගලයාගෙන් කාට හරි දාව ඇය නැවත දරුවෙක් බිහි කරන අතර එම දරුවත් අවුරුද්දකින් මිය යනවා. ඇගේ මේ ස්වාමිපුරුෂයන් සහ දරුවන්ගේ අවාසනාවන්ත මරණය හේතුවෙන් Rohanne රතු වැන්දඹුව ලෙස හැඳින්වූ අතර, ජනයා ඇයට චෝදනා කළේ ඇගේ ස්වාමිපුරුෂයන්ට වස දීම සහ ඇගේ නූපන් දරුවන් අපායේ ස්වාමියාට විකුණා දැමූ මායාකාරියක් බව යැයි පවසාය. ඇගේ විවාහයට ආව නෑදෑයන්ගෙන් සමහරක් Coldmoatවල රැදුන අතර Helicent Uffering කියන්නෙ එයින් එක් අයෙකි.
Lord Wyman Webber ඔහුගේ මරණයට පෙර Rohanneව ඔහුගේ castellan (බලකොටුවෙ පාලකායා වෙනුවට බලකොටුව පාලනය කරන්න පත කර පුද්ගලයා) වන Ser Lucas Inchfield සමඟ විවාහ කර දීමට උත්සාහ කළ නමුත් Rohanne ඔහුව ප්‍රතික්ශේප කල අතර පසුව Wyman ඔහුගේ මරණයෙන් පසු කැමැත්ත හැටියට Rohanneට විවාහ වීමට වසර දෙකක් ඇති බව සදහන් කර මිය ගියා. එම කාලයෙන් පසු ඇය අවිවාහක ලෙස සිටියේ නම්, Coldmoat ඇගේ ඥාති සොහොයුරා වන Ser Wendell Webber හට ලබා දීමට සිද්ද වෙනවා.
මරනයට පෙර Rohanneගේ පියා Lucasට ඇයට නුසුදුසු පුද්ගලයන් විවාහ වීමට ආවොත් ඔවුන් බිය ගන්වන ලෙස සදහන් කල නමුත් ඊළඟ වසර දෙක තුළ, Lucas එය සියලුම පුද්ගලයන් නුසුදුස්සන් ලෙස අදහස් කර ඔවුන් බිය ගැන්වීම සිදු කලා. කෙසේ වෙතත්, Rohanneට Cleyton Caswell සහ Simon Leygood ඇතුළු පෙම්වතුන් කිහිප දෙනෙකු සිටි අතර දෙදෙනාම තරමක් පසුබට උනේ Lucasගේ හැසිරීම නිසායි. තවත් අපේක්ෂකයෙකු වූයේ Lord Gerold Lannisterයි. ඔහු Casterly Rock සිට ඇයට Love Letters පවා ලිව්ව..
පළමු Blackfyre කැරැල්ලට පෙර Eustace ඔහුගේ අසල්වැසියා වූ Lord Wyman Webber සමඟ හොඳ මිතුරෙකු වී සිටියේය. නමුත් Eustace හට Wyman ගැන ඊරශ්‍යාවක් නැතුවම නෙමේ මොකද Webber මාලිගාව වන Coldmoat ඇතුළුව, House Webber ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් වරක් House Osgrey වෙත අයත්ව තිබ්බ හින්දා. Wymanගේ දියණිය හා Eustaceගේ බාල පුතා වෙනුවෙන් ගෙනා විවාහයට Wyman අකමැති වීමත් සමග Wymanගේ ජීවිත කාලය තුළ Eustace කිසි විටෙකත් Coldmoat වෙත ආපසු පැමිණියේ නැත.
පළමු Blackfyre කැරැල්ලේදී, Targaryen පාලනය යටතේ House Osgrey වෙතින් අහිමි වූ ඉඩම් සහ මාලිගා ආපසු හරවා ගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්, Eustace බොරුකාර Daemon I Blackfyre හට සහාය දුන්නේය. අවසානයේ කැරැල්ල අසාර්ථක වූ අතර, Eustace පුතුන් තිදෙනා වන Edwyn, Harrold සහ Addamව Battle of the Redgrass Fieldහී දී මරා දමන ලදී.
Duncan: You told me your sons died fighting for the king.
Eustace: And so they did. The rightful king, Daemon Blackfyre. The King Who Bore the Sword. The men of the red dragon call themselves the loyalists, but we who chose the black were just as loyal, once.
Duncan the Tall and Eustace Osgrey
කැරැල්ලෙන් පසු Daeron II Targaryen රජු විසින් Eustace සමාව දුන් නමුත් Chequy Water ඇතුළු House Osgreyහි සමහර ඉඩම්, Targaryen රජුට පක්ෂපාතීව සිටි House Webber වෙත ලබා දෙන ලදී. Eustace දියණිය වන Alysanneව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස King's Landing වෙත රැගෙනයන ලදී. Eustace ඔහුගේ පුතුන්ගේ ඇටකටු නිවසට ගෙනැවිත් Alysanneව රැගෙන යාමට ඉඩ දුන් පසු, ඔහුගේ බිරිඳ Standfast කුළුණෙන් බිමට පැන සියදිවි නසා ගන්නා ලදී. Eustace බිරිඳ සහ පුතුන් Standfast හි ඔහුගේ පුතුන් ප්‍රිය කළ blackberry පඳුරු අසල භූමදාන කරන ලදී.
“Ser Eustace chose the black dragon over the red, in the hope that a Blackfyre king might restore the lands and castles that the Osgreys had lost under the Targaryens. Chiefly he wanted Coldmoat. His sons paid for his treason with their life's blood. When he brought their bones home and delivered his daughter to the king's men for a hostage, his wife threw herself from the top of Standfast tower. Did Ser Eustace tell you that? No, I did not think so.”
“I bought my head back with my daughter’s life. Alysanne was seven when they took her off to King’s Landing and twenty when she died, a silent sister. I went to King’s Landing once to see her, and she would not even speak to me, her own father. A king’s mercy is a poisoned gift. Daeron Targaryen left me life, but took my pride and dreams and honor.”
Alysanneව ඇගේ ජීවිත කාලය පුරාම King's Landingහි රැඳී සිටි අතර නිහඬ සහෝදරියක් (silent sister) බවට පත්විය. Eustace වරක් ඇය බැලීමට ගිය නමුත් ඔහු සමඟ කතා කිරීමට ඇගේ නිහඬ පොරොන්දු කඩ කිරීමට ඇය ප්‍රතික්ෂේප කළාය. Alysanne මහා වසන්ත අසනීපය අතරතුර (209AC හෝ 210AC දී) මිය ගිය අතර, එම නිසා Eustace ඔහුගේ පෙළපතේ අවසාන සාමාජිකයා බවට පත්විය.
209 AC දී, Blackfyre කැරැල්ල අතරතුර Eustace වෙනුවෙන් ආහාර සොයන්නෙකු ලෙස සේවය කළ House Osgreyහි ගම්මානවල ගොවියෙකු වූ Dake විසින් House Webber අසල්වැසි ඉඩම්වලින් බැටළුවන් සොරකම් කළ බවට චෝදනා එල්ල විය. Coldmoat ආර්යාව වන Rohanne ප්‍රතිචාරයක් නොමැතිව දෙවරක් Eustace සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ පසු, ඇය Dake අල්ලාගෙන දඬුවම් සඳහා Coldmoat වෙත ගෙන ඒමට Chequy Water හරහා ඇගේ නයිට්වරුන් යැවු අතර Dake නිදහස් කරන ලෙස ඉල්ලා Eustace Coldmoat වෙත පැමිණි විට Rohanne විසින් Dakeව ගල් දාපු ගොනියකට දාල මහලා Coldmoat වල දිය අගලේ ගිල්වා ඇති බව දැනගත් Eustace එය අත්පත් කර ගැනීමට හැර නැවත කිසි දිනෙක Coldmoat වෙත ආපසු නොයන බවට ශුද්ධ වූ පොරොන්දුවකින් දිවුරුම් දෙමින් නැවත්තත් ඔහුගෙ බලකොටුවට ගියා.
මෙම ගැටළුවෙන් පසු නැවතත් Eustace හා Coldmoatහී Rohanne අතර ගැටළුවක් පැන නගින්නෙ Dunk & Egg Standfast පැමිණි කාලයේදීය. දැන් අපි කතා කරන්නෙ ඒ ගැටළුවයි. Blackfyre කැරැල්ල ගැන ඉස්සරහට කියන්නම්.
රාජධානියට බල පෑ දරුණු ගිම්හාන නියඟයේ දෙවන වසර වන 211AC වලදීත් Coldmoat පාලනය කලේ Rohanne ආර්‍යාව. නියඟය නිසා ඇගේ ඉඩම් වාරිමාර්ග සහ Coldmoat හි නමින් ඇති දිය අගල පිරවීම සඳහා ඇය තම ජනතාවට Chequy Water ඟග හරස් කර වේල්ලක් ඉදි කරන ලෙස නියෝග දෙන අතර මේ නිසා ඇළ මාර්ගය House Osgrey භූමියට ගලා බැසීම අවහිර වෙනවා.
The woman will not have my water. She will not have my chequy water.
Eustace සාමකාමී විසඳුමක් බලාපොරොත්තුවෙන් Duncanව Coldmoat වෙත යවන්නෙ වේල්ලේ කරුණු සහ තුවාල ලැබූ සේවකයා පිළිබදව සාකච්ඡා කර විසදුමක් ලබාගන්න බලාගෙන. Coldmoat වෙත ගියායින් පස්සෙ Duncan දැනගන්නවා Rohanne ආර්‍යාව වැන්දඹුවක් බවත්, ඇය ඉක්මනින් ස්වාමිපුරුෂයෙකු හොයාගත්තෙ නැත්නම් ඇගේ ඉඩම් අහිමි වන බවත්.ඊට හේතුව උඩදි කිව්වා මතක ඇතිනෙ.
Coldmoat හිදී Duncanට හමුවන Ser Lucas විසින් දුනු ශිල්පය පුහුණු වෙමින් සිටි Helicent Uffering ආර්‍යාව Rohanne බව පැවසීය. Duncan එය විශ්වාස කිරීමත් සමග එය දුටු වටේ පිටේ හිටපු අනිත් මිනිසු සිනාසෙමින් Duncanට සංග්‍රහ කරා. "Red Widow" පිළිබඳ කටකතා වලින් ඇය මහලු හා කැත බව හිතපු Duncan ඇත්තම Rohanneව හම්බුනාම පුදුම උනා මොකද Rohanne මහළු වැන්දබුවක් වගේ කාන්තාවක් නෙමේ දැක්කම ආකරශණය වන ලස්සන තරුණියක්. කම්මුල්වල පොඩ්ඩක් කුරුලෑ තිබුනත් Duncanට අනුව නම් ඇය ලස්සනයි.
Rohanne Duncanව හම්බුනාම අනිත් මිනිස්සු වගේම ඇයත් Duncanව විහිළුවට ගත්ත මොකද ඒ වෙලාවෙ Duncan Rohanne ව දැකලා වශී වෙලා වගේ හිටියෙ හරියට නිකම් පලවෙනි පාරට පෙම් හමුවකට ගිය පොඩි කොල්ලෙක් වගේ. ඇයි කිව්වොත් Rohanne හතර වතාවක් වැඳඹුවක් වෙලා හිටියත් ඇයගේ වයස විසි පහක් වගේම ආකරශනය වෙන තරම් ලස්සනයි.
දෙන්නගෙ චාටුවෙන් පස්සෙ Rohanne ඇගේ සේවකයෙකුට Duncanව Audience Chamber කියලා හදුන්වන කුටියකට අරන් යන්න කියනවා. මේ වෙලාවෙ ගේටුව ලග ඉදපු Duncanගෙ සහචරයා Eggවත් එක්කගෙන යන්න අහද්දි Rohanne Egg දිහා බලල හිනා වෙනවා. අපිට නිකම්ම හිනාවක් උනත් Duncanට ඒක නිකන්ම හිනාවක් නෙමේ.
කෝම හරි සාකච්ඡාව දිගටම යන අතරෙදි Duncan මෙම ගඟ Eustaceට අයිති නැති බවත්, Blackfyre Rebellion එකේදි Daeron II Targaryen රජුට පක්ශව සේවය කරන්න House Webber හට ලබා දුන් Rohanne වෙතින් දැනගන්නවා. ඊට අදාලව ටාගේරියන් සලකුණ තබා සහතික කර ඇති ලේඛන පවා පෙන්වනවා. එම ඟග Blackfyre Rebellion එකේදි House Osgrey විසින් Daemon Blackfyreට සහාය දැක්වීම සඳහා දඬුවමක් ලෙස House Osgrey ලබාගෙන House Webber වෙත ලබා දී ඇති බවත් දැන ගන්නවා.
අවසානයේ Rohanne වේල්ල ඇරලා වතුර දෙන්නෙ නැති බව තේරුම් ගන්න Duncan විසින් එන්න කලින් Eustace කිව්ව කාරණයක් තුරුම්පුව විදියට දාන්න ගිහින් හොද කනේ පාරක් කනවා. මතකනෙ කලින් කිව්ව Eustaceගේ පුතෙක් උන Addam ගැන Rohanneට කැමැත්තක් තිබුනා කියලා. ඉතිං ඔය හේතුව Duncan Coldmoat යන්න කලින් Eustaceගෙන් දැනගන්නවා. යන්න කලින් Eustace අදාල විස්තරේ Duncanට කියලා කියනවා "එයා වෙනුවෙන් වතුර නොදුන්නත් එයාගෙ පුතා Addam ගැන හිතලා හරි වතුර දෙන්න කියලා" Rohanneගෙන් ඉල්ලන්න කියලා. ඉතිං එහෙම ඉල්ලන්න ගිහින් තොල්පොටත් පලාගෙන තමයි ආයෙ යන්නෙ. තොල්පොට පැලුනත් Duncanන්ට ඒක ගානක් නෑ Rohanneට වශී වෙලානෙ ඉන්නෙ.
හමුවීම හොඳින් අවසන් නොවේ. Rohanne ආර්‍යාව වේල්ල කැඩීම හෝ ලේ වැගිරීම ප්‍රතික්ෂේප කරන අතර ඇය ඉල්ලා සිටින්නේ Ser Bennis the Brown ඇයට භාර දෙන ලෙසයි නැත්නම් Eustace වෙත ඇගේ "fire and sword" (ගින්න සහ කඩුව) පමිනෙන බවත් ඇය Bennis ලබාගන්නා බවත් පවසනව.
සියලු හෙළිදරව් කිරීම් වලින් පුදුමයට හා කෝපයට පත් වන Duncan Osgrey සේවයෙන් ඉවත් වීමට සිතන නමුත් Rohanne ආර්යාවගේ හොඳින් සන්නද්ධ සොල්දාදුවන්ට එරෙහිව ගම්වැසියන්ට අවස්ථාවක් නොලැබෙන බව වටහා ගත් ඔහු රැඳී සිටීමට තීරණය කරනවා. මෙදා රෑ Duncan Eustaceගෙන් ඈත් වෙලා ඉන්න තීරණය කරන හින්දා වෙන තැනක නිදියන්න යනවා. Duncan නින්දෙන් හීන දකින අතර Rohanneගැනද හීන දකිනවා. මෙහෙම හීන දැක දැක නිදන් ඉන්න කොට මිනිස්සු කෑ ගහන්න පටන් ගන්නවා ඒ හින්දා නින්දෙන් ඇහැරෙන Duncan නිදන් ඉන්න වෙලේ රෑ Rohanne විසින් Eustaceට අයත් Wat's Wood නමින් හදුන්වන කැලෑවකට ගිනි තබා ඇති ආකාරය දකිනවා.
පහුවදා උදේ Duncan හා Egg ගඟට යන අතර එහිදී ඔවුන්ට Rohanne ආර්යාව Ser Lucas Long Inch ඇතුළු ඇගේ තිස් දෙනෙකුට වැඩි නයිට්වරුන් හමුවෙනවා. මෙහිදි Duncan Rohanne සමග පුද්ගලික සාකච්ඡාවක් ඉල්ලා ලබා ගන්න අතර මෙහිදී ඔහු Egg සගවාගෙන සිටි මුද්ද පෙන්වා Egg ලේ කුමාරයෙක් බවට ඔප්පු කරනවා. Bennis පහර දුන් පුද්ගලයාගේ ලෙයට ලෙය පියවීම සදහා Duncan ඔහුගේ කම්මුල කපාගන්නවා. මෙයින් පැහැදිම්මක් ඇති උන Rohanne එය පිලිගන්නවා. කලැව ගිනි තැබීම ගැන Eustace විසින් Rohanneට චෝදනා කරන අතර ගිනි තැබු අයව ඉල්ලා සිටිනවා. Rohanne විසින් ගිනි තැබිම කල නැති බව පවසා සමාව ඉල්ලන අතර Eustace එය ප්‍රතික්ශේප කරනවා. Rohanne විසින් Eustaceකල චෝදනාව ඉල්ලා අස් කරගන්න බල කරන අතර එසේත් නැත්නම් නඩු විභාගයක් සිදු කරන බවත් පවසනවා. Eustace ඉල්ලා අස්කරගැනිම ප්‍රතික්ශේප කරන අතර අවසානයේ දෙපාර්ශවයේම කැමැත්ත මත පාර්ශවයන් තීරණය කරන්නේ ඔවුන්ගේ ශූරයන් අතර සටනකින් ගැටලුව විසඳා ගැනීමටයි.
Dunk & Egg සීරීස් එකේ තෙවැනි මහා වේදිකාව – Whitewalls...
Framed for a Dragon Egg: Betrayal at Whitewalls...
Egg Revealed, Blackfyre Broken...
සටන අවසන් වන විට, Bloodraven ලෙස හැඳින්වෙන Lord Brynden Rivers, Kingsguard භටයින් තිදෙනෙකු, ඔහුගේ Raven's Teeth ලෙස හදුන්වන පුදගලීක ආරක්ෂකයින් තුන්සීයක් සහ crownlands සහ riverlands වල නයිට්වරු පන්සියයක් සහ තවත් සෙබළුන් පන්දහසක් සමඟ Whitewalls වලට ආව අතර Houses Darklyn, Hayford, Massey, Rosby, Stokeworth, Mooton, Lothston, සහ Bryndenගේ හා ඔහුගේ අම්මා උන Melissaගේ House Blackwood යන ඒවාගෙන් මෙම සෙබළුන් සපයාගෙන ඇත. සටන සදහා Maidenpool සිට Lord Mooton, Raventree හී Lord Blackwood, Duskendaleහී Lord Darklyn පැමිණ සිටියහ.
Duncanට Hand's pavilion (රජුගේ හස්තයේ මණ්ඩපය) තුළ Brynden සමඟ Frey මුන ගැසුන අතර Brynden කැරැල්ලට නායකත්වය දෙමින් එය මෙහෙය වූ Gormon Peakeගේ හිස ගසා දැමීමට නියෝග ලබා දී ඇති අතර Gormonගේ Tommardගේ හිස කූඩාරමෙන් පිට හෙල්ලයක ගසා ඇති බව Duncanට දැක ගත්තෙය. ඒ අතර අනෙකුත් නිශ්චිත නොවන කුමන්ත්‍රණකරුවන් ද මරා දමන ලදි. Bryndenගේ තීරණය මත Lord Ambrose Butterwellට ඔහුගේ ධනයෙන් දහයෙන් එකක් පමණක් තබා ගැනීමට ඉඩ දුන් අතර, Whitewalls සිංහාසනයට පවරා ඇති බවත් එය Redgrass Field වැනි වන්දනා ස්ථානයක් වීම වැළැක්වීම සඳහා කඩා බිම හෙලන බවත් Brynden ප්‍රකාශ කළේය. Lord Frey හට දඬුවමකින් තොරව නැවත ඔහුගේ බලකොටුවට යවන අතර Daemon II Blackfyreව Red Keep හි ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබා ගන්නා ලදී. විවාහ මංගල්‍යයේදී විනෝදාස්වාදය ලබා දුන් Dwarfsලා විසින් Brynden නියෝගයෙන් Ambroseගේ නිදන කාමරයෙන් මකර බිත්තරය ඉවත් කර ඇති බව Duncan තේරුම් ගැනීමත් සමග Hedge Knight කතා මාලාවම අවසන් වෙනවා.
මේ පෝස්ට් එක ලියල දැන් ගොඩක් කල්. සීරීස් එක එන්නත් කලින්මයි මේක ලියන්න ගත්තෙ ලියන්න ගද්දි සීරීස් එක Confirme උනා විතරයි. මේක ගොඩක් දුරට ඉවර වෙලා තිබ්බෙ. කෝම හරි වැඩේ මගින් නතර උනා අන්තිමට සීරීස් එක එනකනුත් ඒක එහෙම්මයි ඉතිං දැං හරි ඉවරයක් කරන්න ඔන කියල හිතුණු හින්දා තමයි දැන් දැම්මෙ. මුල ලියලා තිබ්බෙ ඉතිං ඒක අයින් කරන එක අපරාදෙ කියලා හිතුනා ඉතිං සීරීස් එකත් තියෙන හින්දා ඒ කොටස කෙටි වෙන විදිහට ආයෙ එඩිට් කරා. මොකද සීරීස් එකයි පොතතයි අසමානයි කියන්න බැරි තරම්ම සමානයි. කියන කරන දේවල් පවා. ඉතිං තව පෝස්ට් වගයක් තියෙනවා බාගෙට ලියලා තියෙන ඉතිං ඒවත් වෙලා තියෙන විදියට ලියලා සම්පූර්ණ කරලා දාන්නම්.
✨ End of the Post
ඔයාට මේ lore එක ආසාවෙන් කියවන්න ලැබුනා කියලා මම විශ්වාස කරනවා. 📖💫
📌 Share your thoughts:
ඔයාට කැමති adventure එක කුමක්ද?
Ashford Tournament හෝ Trial of Seven ගැන අදහසක් තියෙනවද?
පොත් වල PDF ටික පහල ලින්ක් එකෙන් අරගන්න. ( Drive එකෙන් ගන්නවනම් Decryption Key එක ගහලා අරගන්න. Data නැත්නම් Whatsapp Group එකට එන්න දාන්නම්.)
යටින් තව සිතියම් දෙකක් දාන්නම් ඒ දෙකත් බලන්න ලොකු අදහසක් ගන්න ඔන නම්.
Thank you for reading! ❤️
තවත් පෝස්ට් එකකින් හම්බෙනකම්… God Bless You! 🙌
📚 Want to read the full stories? PDFs, Graphic Novel versions and Audio Books available. Check links below!
Blackfyre Pretenders ගැන දැනගන්න - House Blackfyre, Blackfyre Pretenders, And Blackfyre Rebellions




.jpeg)





.jpg)











.jpeg)


.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)






.jpeg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

Comments
Post a Comment