Second Blackfyre Rebellion: The Whitewalls Conspiracy and the Daemon II Blackfyre


දෙවන Blackfyre කැරැල්ල යනු Blackfyre Pretenders විසින් Iron Throne එකට හිමිකම් කීමට ගත් දෙවන උත්සාහයයි. 212 AC හි සිදු වූ අසාර්ථක කුමන්ත්‍රණය Whitewalls හිදී ආරම්භ වූ අතර එහිදී Ser John the Fiddler ලෙස හැඳින්වෙන Hedge Knight වරයා විවාහ මංගල්‍ය තරඟාවලියකදී Daemon II Blackfyre බව හෙළි විය.

Blackfyre Pretenders ගැන දැනගන්න - House Blackfyre, Blackfyre Pretenders, And Blackfyre Rebellions

Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames

209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන, Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න වගේම Whitewalls විවාහ මංගල්‍යය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)

Seeds of a Second Rebellion

First Blackfyre Rebellion අතරතුරදී Daeron II Targaryen රජුගේ පක්ෂපාතී හමුදා ඔහුගේ අර්ධ සහෝදරයා වන Aegon IV Targaryen රජුගේ නීත්‍යානුකූල මහා අවජාතකයා වූ Daemon I Blackfyre විසින් නායකත්වය දුන් කැරලිකාර හමුදාව පරාජය කර පළමු කැරැල්ල මැඩපැවැත්වීය.

Redgrass Field හි සිදු වූ දැවැන්ත සටනේදී Daemon Blackfyre මිය ගිය නමුත් තවත් මහා අවජාතකයෙකු සහ ඔහුගේ ප්‍රබලම ආධාරකරුවෙකු වූ Ser Aegor Rivers (Bittersteel) විසින් Daemonගේ පුතුන් සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් එමෙන්ම Blackfyre වංශයේ සංකේතය වූ Valyrian steel අසිපත Blackfyre සමඟ Free Cities වෙත පලා යාමට සමත් විය.

කැරැල්ලේදී “කළු මකරා” වෙනුවෙන් සටන් කළ බොහෝ ලෝඩ්වරුන්ගේ දරුවන් King’s Landing වෙත ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යන ලදී. මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් බොහෝ දෙනෙක් Great Spring Sickness සමයේදී මිය ගියහ. එම අසනීපයෙන් Daeron II රජුද මිය ගිය අතර කැරලිකාර පවුල්වලට නැවත වරක් කුමන්ත්‍රණ කිරීමට අවස්ථාවක් පෑදුනි.

Noble Houses and Their Loyalties
  • Targaryen supporters
    • House Blackwood
    • House Darklyn
    • House Hayford
    • House Lothston
    • House Massey
    • House Mooton
    • House Rosby
    • House Stokeworth
  • Blackfyre supporters
    • House Butterwell
    • House Frey (House Butterwell සහ House Frey පක්ශපාතීත්වය සත්‍යවශයෙන්ම කා හටද යන්න තීරණාත්මකය මොකද මොවුන් සහය ලබා දුන්නෙ කාටද යන්න හරියටම සිතා ගත නොහැක. නමුත් මේ විවාහ මංගල්‍යය මොවුන්ගේ දායකත්වයත් සමග සිදු වූ නිසා මොවුන්වත් Blackfyre වරුන්ට සහය දැක්වූවා සේ පිලිගැනෙනවා)
    • House Cockshaw
    • House Peake
    • House Vyrwel
The Whitewalls Wedding Tourney


Lord Freyගේ දියණියක සමඟ Lord Ambrose Butterwellගේ විවාහ මංගල උත්සවය තවත් මහා අවජාතකයෙකු සහ Daeron පුත් Aerys I Targaryen රජුගේ හස්ථය වන Ser Brynden Rivers පාලනයට අකැමැති අය සමඟ එක්ව කැරැල්ලක් ගැන සැලසුම්ගත වීමට Blackfyre ආධාරකරුවන් කිහිප දෙනෙකු විසින් භාවිතා කරන ලදී. මියගිය  Daemon I Blackfyreගේ පුත්  Daemon Blackfyre මකර බිත්තරයකින් පැටවුන් බිහි වන බව සිහින මැව්වේය. මේ සිහිනය ගැන දැනගත් ප්‍රභල Blackfyreගේ පක්ශපාතීකයෙකු වන Lord Gormon Peake පටු මුහුද හරහා Daemon සොයා ගොස් නව කැරැල්ලකට ඔහුව පෙළඹීය. කෙසේ වෙතත් Ser Tommard Heddle මේ Daemon දකින සිහින ගැන සැක පහළ කළ අතර Bittersteel ඔහුගේ Blackfyre අසිපත සමඟ Essosහි රැඳී සිටි අතර කැරැල්ලට ඔහුගේ සහය ලැබෙනු ඇතැයි සියලු දෙනාම ප්‍රාර්ථනා කළේය.

නව කැරැල්ලේ සංවිධානය කල කැරලිකරුවන් Ambroseට ඒත්තු ගැන්වූයේ Whitewalls හි ඔහුගේ විවාහ මංගල තරඟාවලියේ ජයග්‍රාහකයාගේ ත්‍යාගය ලෙස ඔහුගේ වටිනා මකර බිත්තරය නම් කරන ලෙසයි. Daemon ඔහුගේ සැබෑ අනන්‍යතාව සගවමින් Hedge Knight වරයෙකු වන Ser John the Fiddler ලෙස වෙස්වලාගෙන තරඟාවලියට ඇතුළු වූ අතර කුමන්ත්‍රණකරුවන් විසින් Daemon මකර බිත්තරය දිනා ගැනීම සඳහා තරඟය වංචා කිරීමට උත්සාහ කළහ. උත්සව සමයේදී බීමත් සිටි Daemon විසින් Ser Duncan the Tallගේ සහාය ලබා ගැනීමට උත්සාහ කළ අතර "John" Duncanට පැවසුවේ ඔහු විසින් Duncan Kingsguardහි සුදු සන්නාහයෙන් සැරසී සිටින සැටි ගැන සිහින මැවූ බව.

Ashford Meadowහි පැවති තරඟාවලියට Duncan කලින් සහභාගී වූ නිසා Duncanද ඔහුගේ අනන්‍යතාව වස්ං කරමින් Gallows Knight ලෙස හැඳින්වෙන Mystery Knight වරයෙකු ලෙස තරඟාවලියට ඇතුළු වීමට තීරණය කළේය. කෙසේ වෙතත් තරඟයේදී Ser Uthor Underleaf විසින් Duncanව පරාජය කරන ලදී. පසුව Uthor  විසින් Duncanව පෙන්වා දුන්නේ ඔහු දිනාගත් රන් කාසිවලින් එකක් Blackfyre කැරැල්ල අතරතුර නිපදවූ කාසියක් බවත් තරඟය අතරතුර නාඳුනන පාර්ශවයකට Duncanව මරා දැමීමට අවශ්‍ය වූ බවත්ය.

Chaos at Whitewalls

Lord Butterwellගේ මකර බිත්තරය අතුරුදහන් වූ විට Daemonට සහය දක්වා තරගයේදී ඔහු ඉදිරියෙ පරාජය වීම ප්‍රතික්ෂේප කල Ser Glendon Flowersව Lord Peake විසින් සොරකමට හසු කළේය. Glendon සතුව තිබී අතුරුදහන් වූ බිත්තරය සොයාගත් අතර ඉන් පසු ඔහුව සිරගත කර Ser Tommard Heddle විසින් වධ හිංසාවට ලක් කරන ලදි.

Daemonගේ මිතුරා වූ Lord Alyn Cockshaw විසින් Duncanව මරා දැමීමට උත්සාහ කළ විට එයින් බේරෙමින් Duncan විසින් Alynව තල්ලු කර දියේ ගිලීමට සැලැස්වා මරා දැමීය. මේ අතර Duncanගේ සහචරයා වන Egg ඇත්ත වශයෙන්ම Aegon Targaryen කුමරු විසින් Maester Lothar හට තම අනන්‍යතාවය හෙළි කළ අතර පසුව ඔහු විසින් එය Lord Butterwell සහ Frey හට දැනුම් දුන්නේය. මේ බව දැනගත් Frey නැවතත් තම පිරිවර සමග වහාම The Twins වෙත ආපසු යාමට පිටත් විය. Butterwell කුමන්ත්‍රණය පිළිබඳ ඔහුගේ සැකයන් Duncan පිළිගෙන Lord Peake සියල්ල කුමන්ත්‍රණය කර ඇති බව තේරුම් ගත් අතර ඉන්පසු Duncan විසින් Aegon කුමරුව අල්ලාගෙන ගෙන යාමට උත්සාහ කළ විට Ser Tommardව තනි සටනකින් මරා දැමීය.

Whitewallsහි මහා ශාලාව තුළදී Duncan විසින් John the Fiddlerහට Daemon යැයි ප්‍රසිද්දියේ චෝදනා කළ අතර Glendon සතුව තිබී හමු වූ මකර බිත්තරය ඇත්ත වශයෙන්ම Lord Peakeගේ නියෝගයෙන් පින්තාරු කරන ලද ගලක් බව චෝදනා කළේය. සැබෑ මකර බිත්තරය තවමත් අතුරුදහන් විය. Daemon කුමන්ත්‍රණ ගැන නොදැන සිටි අතර, කවුරුන් විශ්වාස කළ යුතු දැයි ඔහුට විශ්වාස තිබුනේ නැත. ඔහු Glendonට මුහුණ දෙන බව ප්‍රකාශ කරමින් Trial by Joust එකක් යෝජනා කළේය.

පසුදා උදෑසන තරඟයට පෙර Ser Maynard ඇතුළු පැමිණ සිටි බොහෝ අමුත්තන් පිරිසක් පිටත්ව ගොස් තිබුනි. Daemon ඔහුගේ හිසකෙස්වලින් කළු සායම් සෝදා රිදී සහ රන්වන් Valyrian හිසකෙස් හෙළි කළ අතර ඔහුගේ අශ්වයා Blackfyreහී ලාංඡනයෙන් සැරසී සිටියේය. සිරගෙදර වධ හිංසාවට ලක් වූ Glendon පළමු අවස්ථාවේදීම Daemonව පරාජය කර දැමීය.

සටන අවසන් වන විට, Bloodraven ලෙස හැඳින්වෙන Lord Brynden Rivers විසින් Kingsguardහී භටයින් තිදෙනෙකු, ඔහුගේ Raven's Teeth බටයන් තුන්සියයක් සහ Crownlands සහ Riverlands වලින් නයිට්වරු පන්සියයක් සහ තවත් බටයන් පන්දහසක් සමඟ Whitewalls වෙත පැමිණියේය. Daemon මාලිගාව තුළ සිටි අයට මරණය දක්වා සටන් කරන ලෙස ඉල්ලා සිටියද සටන්කරුවන් විසින් ඔහුට සිනාසුනා පමණි. පසුව Daemon තනියම පිටතට ගොස් තනි සටනක් ඉල්ලා සිටි නමුත් Bloodraven විසින් සිරකරුවෙකු ලෙස අල්ලා ගන්නා ලද අතර කැරැල්ල ආරම්භ වීමට පෙර අවසන් විය.

"The First Blackfyre Rebellion had perished on the Redgrass Field in blood and glory. The Second Blackfyre Rebellion, ended with a whimper."

Duncan the Tall's thoughts


Justice at Whitewalls

කුමන්ත්‍රණකරුවන් නඩු විභාගය සඳහා King's Landing වෙත ගෙන යන බව Ser Roland Crakehallගෙන් Ser Duncan the Tall දැනගත් අතර වරද පිළිගෙන පක්ශපාතීත්වය ලබා දෙන සොල්දාදුවන්ට සුළු දඩුවම් ලැබෙනු ඇති අතර සත්‍යය පැවසූ අධිපතීන්ට ප්‍රාණ ඇපකරුවෙකු භාර දීමෙන් පසු සමාව ලැබෙනු ඇත. කෙසේ වෙතත්, පළමු Blackfyre කැරැල්ලෙන් පසු දැනටමත් සමාව ලබා ඇති අධිපතීන්ව සිරගත කරනු ලැබීම හෝ ඔවුන්ගේ වත්කම් අත්පත් කර ගනු ලැබීය.

Duncan රජුගේ හස්ථයේ කූඩාරම තුලදී Lord Brynden Rivers සමඟ Lord Frey හමු විය. Brynden විසින් කැරැල්ල සැලසුම් කල Lord Gormon Peakeගේ හිසගසා දැමූ අතර අනෙකුත් නිශ්චිත නොවන කුමන්ත්‍රණකරුවන් ද මරා දමන ලදී. Bloodraven විසින් Lord Ambrose Butterwellගේ ධනයෙන් දහයෙන් එකක් පමණක් තබා ගැනීමට ඉඩ දුන් අතර Whitewall බලකොටුව Redgrass Field වැනි වන්දනා ස්ථානයක් වීම වැළැක්වීම සඳහා කඩා බිද දමන බවත් Bloodraven ප්‍රකාශ කළේය. Lord Freyහට දඬුවම් නොමැතිව නැවතත් ඔහුගේ බලකොටුවට යවන ලදි. Ser Aegor Rivers විසින් Daemonගේ  බාල සොහොයුරා වන Haegonව කිරුළු පැලදවීම වැළැක්වීම සඳහා Daemon II Blackfyreව Red Keepහී ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබා ගන්නා ලදී. විවාහ මංගල්‍යයේදී විනෝදාස්වාදය ලබා දුන් වාමනයන් (කුරුමිට්ටන්) Bloodravenගේ නියෝගයෙන් Ambroseගේ නිදන කාමරයෙන් මකර බිත්තරය විචක්ෂණශීලීව ඉවත් කර ඇති බවද පසුව Duncanට අවබෝද විය.

Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs

Blackfyre Rebellions ගැන දැනගන්න - Blackfyre Rebellions













Comments