House Blackfyre: The Rise, Pretenders, and Fall of a Targaryen Rival
House Blackfyre
House Blackfyre යනු Iron Throne එකට හිමිකම් කියූ Noble House එකක් වන අතර එය House Targaryen වල cadet branch එකක් ලෙස සැලකේ. මෙම House එකේ හිමිකම සම්පූර්ණයෙන්ම Targaryen Bloodline එකෙන්ම උපන් එකකි. House Blackfyre ආරම්භ කරන ලද්දේ Aegon IV Targaryen රජුගේ Legitimized Great Bastard (මහා අවජාතකයෙකු) වූ Daemon Blackfyre විසිනි. ඔහු මුලින් Daemon Waters ලෙස හැඳින්වුණා.
“Blackfyre” යන නාමය ලැබුණේ Aegon IV විසින් ඔහුට ලබා දුන් Valyrian steel කඩුව වන Blackfyre හිමිකාරයා වීම නිසාය. මෙම House එකේ sigil එක Targaryen Sigil එකේ reverse එකක් ලෙස සැලකෙන අතර red background එක මත කළු හිස් තුනක මකරෙකු ලෙස පෙන්වයි.
එදා සිට “Red Dragon” (Targaryen Loyalists) හා “Black Dragon” (Blackfyre Supporters) අතර ගැටුම Westeros ඉතිහාසයේ රුධිරයෙන් ලියූ දිගු පරිච්ඡේදයක ආරම්භය විය.
Blackfyre Pretenders
Blackfyre Pretenders කියන්නේ Iron Throne එකට හිමිකම් කියූ Blackfyre වංශයේ උරුමකරුවන් මාලාවක් වේ. ඔවුන් House Blackfyre නාමයෙන් Targaryen පාලනයට අභියෝග කරමින් Blackfyre කැරලි කිහිපයකදී තම ධජය ලෙලවූහ.
Blackfyre වරුන්ගේ මෙම අභියෝගය ආරම්භ වූයේ Daeron II Targaryen රජුගේ පාලන සමයේදී පළමු Blackfyre කැරැල්ල සමඟය. එතැන් සිට Blackfyre Pretenders ගණනාවක් Targaryen රජවරුන්ට අභියෝග කරමින් Iron Throne එක ලබා ගැනීමට උත්සාහ කළහ.
මෙම ගැටුම් Jaehaerys II Targaryen රජුගේ පාලන සමයේදී අවසන් විය. එවිට Blackfyre වංශයේ පිරිමි උරුමක්කාර පෙළපත අතුරුදහන් වීමත් සමඟ Blackfyre Pretenders යුගය අවසන් විය.
The Roots of the Blackfyre Wars
Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames
- The Birth of a Rival Claim
Main Article -
Viserys II Targaryenගේ මිය යාමත් සමග ඔහුගෙ පුතෙකු හා Dragon Knight ගේ සහොදරයෙකු වන Aegon IV Targaryen සත් රාජධානියේ 11වන රජු විදියට පත් වෙනවා. Aegonගෙ විශේශය තමයි Aegon IV රාජ්‍ය හෝ රාජධානියේ යටත් වැසියන් / පුරවැසියන් ගැන නොහිතා තමන්ගේ සුක විහරණය ගැන තමන් ගැන පමණක් හිතන අනුන් ගැන නොහිතන පාලකයෙක් වීම. Robert Baratheonට වගේ Aegonටත් මුළු රාජධානිය පුරාම අවජාතක දරුවන් හිටියා කියලා සදහන් වෙනවා.ඒ දරුවන් අතරින් එක්කෙනෙක් තමයි Baelor I රජුගේ හිටපු බිරිද උන Daena Targaryen සමග එකතු වෙලා හදපු අවජාතක දරුවෙක් වන Daemon Waters නැතිනම් Daemon Blackfyre කියන්නෙ.
Aegon IV කාලයේ Kingsguard එකේ සාමාජිකයෙක් වෙලා හිටපු House Toyne හී Terrence Toyne හට වධ හිංසා කර මරා දැමීමට පළිගැනීමක් වශයෙන් ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකු විසින් Aegon IV මරා දැමීමට උත්සහ කිරන අතර එය වැලැක්වීමට කටයුතු කිරීමේදී Dragon Knight මිය යනවා.ඔහුගේ මිය යාමට ටික කලකට පසුව Aegon IV ගේ බිරිද වගේම සහෝදරිය වුන Naerys Targaryenද මිය යනවා.මේ Naerys Targaryen අත්තටම ආදරය කරේ Dragon Knight ට කියලා කතාවක් තියෙනවා නමුත් Naerys Targaryen විවාහ විය යුත්තේ Aegon IV එක්ක කියලා ඔවුන්ගෙ පියා උන Viserys II තමයි තීරණය කරන්නෙ.ඉතිං මේ නිසාම Aegon IV හා Naerysට දාව උපදින දරුවාගේ තාත්තා ඇත්තටම Dragon Knight කියලා රාජධානිය තුල කට කතාවක් තිබුනා. මේ හින්දා Dragon Knight හා Naerys මිය ගියාම Aegon IV ගෙ පුතාගෙ ඇත්තම තාත්තා වෙන්නෙ Dragon Knight කියලා Aegon IVද කට කතාවක් පතුරවනවා. Dragon Knight ජීවත් වෙනකොටත් Aegon IV ඔහුත් එක්ක විරසකයෙන් තමයි හිටියෙ.
Aegon IV ගෙ දරුවන් ගත්තම රජ කමට සුදුසු දරුවන් දෙදෙනෙක් ඉන්නවා එතනින් ඉදිරියෙන්ම සිටින දරුවා තමයි Aegon IV හා Naerysට දාව උපදින Daeron Targaryen. අනිත් දරුවා තමයි Daena Targaryen සමග හදන අවජාතක දරුවා වන Daemon Waters.මෙතනදි හරිම විදියට රජ කම ලැබෙන්න ඔන Daeron Targaryenට උනත් Dragon Knight හා Naerys ගෙ මිය යාමත් සමග Aegon IV ඔහුගේ නීත්‍යානුකූල දරුවාට වෙනස් කම් කරන්න පටන් ගෙන Daemon Watersට ලෙන්ගතු වෙන්න පටන් ගන්නවා. අවජාතක දරුවා ට මේ Aegon IV කොච්චර ලෙන්ගතුද කියනවනම් Aegon the conqueror විසින් පාවිච්චි කරපු වගේම Targaryen Dynesty එකේ සංකේතයක් නැත්නම් රජකමේ සංකේතයක් ලෙස හදුන්වන Blackfyre නම් Valyrian Steel අසිපත Aegon IV ලබා දෙන්නෙ මේ Daemon Watersට.
Aegon IV ගෙ දරුවන් ගත්තම රජ කමට සුදුසු දරුවන් දෙදෙනෙක් ඉන්නවා එතනින් ඉදිරියෙන්ම සිටින දරුවා තමයි Aegon IV හා Naerysට දාව උපදින Daeron Targaryen. අනිත් දරුවා තමයි Daena Targaryen සමග හදන අවජාතක දරුවා වන Daemon Waters.මෙතනදි හරිම විදියට රජ කම ලැබෙන්න ඔන Daeron Targaryenට උනත් Dragon Knight හා Naerys ගෙ මිය යාමත් සමග Aegon IV ඔහුගේ නීත්‍යානුකූල දරුවාට වෙනස් කම් කරන්න පටන් ගෙන Daemon Watersට ලෙන්ගතු වෙන්න පටන් ගන්නවා. අවජාතක දරුවා ට මේ Aegon IV කොච්චර ලෙන්ගතුද කියනවනම් Aegon the conqueror විසින් පාවිච්චි කරපු වගේම Targaryen Dynesty එකේ සංකේතයක් නැත්නම් රජකමේ සංකේතයක් ලෙස හදුන්වන Blackfyre නම් Valyrian Steel අසිපත Aegon IV ලබා දෙන්නෙ මේ Daemon Watersට.
"With ax or lance or flail, he was as good as any knight I ever saw, but with the sword he was the Warrior himself. When Prince Daemon had Blackfyre in hand, there was not a man equal him ... not Ulrick Dayne with Dawn, no, nor even the Dragonknight with Dark Sister."
Eustace Osgrey, to Duncan the Tall
මේ Waters ගේ සිද්දිය හින්දා තමයි Blackfyre කැරලි මාලාව හා House Blackfyre බිහි වෙන්නෙ එක වෙන්නෙ. ඉතිං මේ කියන කැරැල්ල ආරම්භ වෙන්නෙ Aegon IV මිය යන්න කලින් ඔහුට රාජධානිය පුරා හිටපු අවජාතක දරුවන්ව Legitimize නැත්නම් රාජධානිය තුල මේ දරුවන්ව නීත්‍යානුකූල කිරීමත් එක්ක.මේ Legitimize කිරීමත් එක්ක Waters හටද රජකම ලබා ගන්න නීත්‍යානුකූල හැකියාවක් ලැබෙනවා. Daemon Waters ඔහුගේ නම Daemon Blackfyre ලෙස වෙනස් කරගනිමින් Targaryen පරම්පරාවෙන් වෙන් වෙලා Blackfyre නමින් අලුත් Valyrian පරම්පරාවක් පටන් ගන්නවා.
" Aegon the Fourth legitimized all his bastards on his deathbed. And how much pain, grief, war and murder grew from that? I know you trust Jon. But can you trust his sons? Or their sons? The Blackfyre pretenders troubled the Targaryens for five generations, until Barristan the Bold slew the last of them on the Stepstones."
Catelyn Stark to Robb Stark
මේ Legitimize එකෙන් ටික කාලයකට පස්සෙ Aegon IV 184 AC වල මිය යාමත් එක්ක රජකම නීත්‍යානුකූලව Daeron Targaryen හට හිමි වුනත්.රජ කම ඔහුගෙන් ලබා ගැනිම සදහා First Blackfyre Rebellion එක ආරම්භ වෙනවා.මෙතනදි රජ කමට තරග වැදීම සදහා Legitimize කරපු අවජාතක දරුවන් අතරින් බලවත්ම කෙනා වෙන Daemon Blackfyre ත් Aegon IV නීත්‍යානුකූල දරුවා මෙන්ම නීත්‍යානුකූලව රජ වීමට අයිතිය ඇති Daeron Targaryen අයත් වෙනවා.
- The Seeds of Rebellion – The Reign of Daeron II
Aegon IV Targaryen රජු ඔහුගේ මරණ මංචකයේ සිටියදී ඔහුගේ අවජාතක දරුවන් සියල්ලම නීත්‍යානුකූල කළේය. 184AC වලදී Aegonගේ මරණයත් සමග ඔහුගේ නීත්‍යානුකූල පුත්‍රයා වන Daeron II Targaryen කුමරු ඔහුගේ පියාගෙන් පසු පත් වූ අතර මහා අවජාතකයන් සමීපව තබා ගැනීමට ඔහුට හැකි සෑම දෙයක්ම කළේය. කෙසේ වෙතත්, Aegon IV විසින් ආරම්භ කරන ලද Daeronගේ දෙමව්පියන් පිළිබඳ කටකතා ඔහු රජ වන විටත් පැවති අතර එය පසුව ඔහුගේ රාජ්‍යත්වය ප්‍රශ්ණ කිරීමට තරම් හේතු විය.
Aegon IV රජුගේ පාලන සමය දූෂිතව පැවති අතර 184 AC දී Daeron II සිහසුනට පත් වූ විට රාජකීය සභාව ප්‍රතිසංස්කරණය කරන ලදී. Small Councilහී සියලුම සාමාජිකයින් නෙරපා හරින ලද අතර Daeron විසින් තෝරාගත් මිනිසුන් විසින් එය ප්‍රතිස්ථාපනය කරන ලදී. එසේ සියළුම ප්‍රථිසංස්කරණ කිරීමට වසරකට වැඩි කාලයක් ගත වූ අතර වඩාත්ම වැදගත් දෙය නම් Dorne කලාපය සිංහාසනයේ අධිකාරිය යටතට ගෙන ඒමෙන් සියලුම රාජධානි එක්සත් කිරීමට Daeron උත්සාහ කිරීමයි. වසර දෙකක සාකච්ඡා වලින් පසු Daeron IIගේ බිරිඳ උන Myriah Martellගේ සහෝදරයා සහ Dorneහී කුමරු වන Maron Martell කුමරු Daeron IIගේම සහෝදරියක් වුන Daenerys Targaryen කුමරිය සමඟ විවාහ ගිවිස ගැනීමට එකඟ විය. 187 AC දී සිදු වූ ඔවුන්ගේ විවාහය, අවසානයේ Dorne කලාපය Targaryen පාලනය යටතේ අනෙකුත් රාජධානි සමඟ එක්සත් කළේය.
සාකච්ඡා අතරතුර Maron Martell විසින් Dorne වෙනුවෙන් සහන කිහිපයක් දිනා ගත් අතර Dorneහි අධිපතීන්ට රාජධානි හතේ අනෙකුත් විශාල නිවාසවලට නොතිබූ සැලකිය යුතු අයිතිවාසිකම් සහ වරප්‍රසාද හිමි විය. ඊට අමතරව Daeron විසින් බොහෝ Dornish වරුන් තම මාලිගාවට ගෙන ආ අතර ඔවුන් මාලිගාව තුල වැදගත් තනතුරු දැරූහ Dornish වරුන් රජු කෙරෙහි අධික බලපෑමක් ඇති කළ බව අනෙක් අය විශ්වාස කළ අතර එයින් ඔවුන් කලකිරීමකට පත් විය. කාලයත් සමඟ, Dornish වරුන් සතුරන්ව සිටි කාලයේ මෙන් මිනිසුන් නැවතත් ඔවුන් සතුරන් ලෙස දැකීමට පෙළඹුනි. ඊට අමතරව Daeron කිසිසේත්ම රණශූරයෙකු නොවීය. ඔහුගේ උරුමක්කාරයා වූ Baelor කුමරු අපේක්ෂා කළ හැකි තරම් රණශූරයෙකු වුවද ඔහුට Martell වරුන්ගේ පෙනුමක් තිබුණි. Dornish වරුන් තවමත් සතුරන් ලෙස මතකයේ තබාගෙන සිටි බොහෝ දෙනෙක් Daeron II රජු සහ Baelor කුමරු කෙරෙහි අවිශ්වාසයෙන් කටයුතු කළහ.
Dornish වරුන්ට හා රජුගේ ක්‍රියා කලාපයට අකමැති වූ පුද්ගලයින් Daeron II රජුව පසෙකට දමා Aegon IV Targaryen රජුගේ සහ ඔහුගේ ඥාති සොහොයුරිය වන Daena Targaryen කුමරියගේ අවජාතක පුත්‍රයා වන Daemon Blackfyre දෙස බැලූ අතර ඔහු තුළ උස හා බලවත් පැරණි වැලේරියාවේ සලකුණු (දම් පැහැති ඇස්, උරහිස් දක්වා රිදී-රන් හිසකෙස්) සහිත රණශූරයෙකු ඔවුන් දුටුවේය.
182 දී Aegon IV රජු විසින්ම ඔහුගේ අවජාතක පුත්‍රයා උන Daemon හට නයිට් පදවිය ලබා දෙන ලදී. නයිට් පදවිය පිරිනැමීමෙන් පසු Aegon IV රජු ප්‍රසිද්ධියේ ඔහුට Valyrian steel වලින් නිපදවූ Blackfyre අසිපතද ද ප්‍රදානය කර ඇති අතර මෙය මිනිසුන් දුටුවේ සත්‍යම රජු Daemon යැයි කියාය. මෙයට හෙතුව Blackfyre අසිපත Targaryen Dynasty එක සංකේතවත් කරන බව ඔවුන් විශ්වාස කිරීමයි. එම අසිපත ජයග්‍රාහකයා වූ Aegon I Targaryen රජුගේ කඩුව වූ අතර එතැන් සිට රජුගෙන් රජුට සම්ප්‍රේෂණය විය. Aegon ප්‍රසිද්ධියේ කඩුව පරිත්‍යාග කිරීමත් සමඟ අවසානයේ Daemon රජ විය යුතු බවට කටකතා ආරම්භ විය. කඩුව අත්පත් කර ගැනීමෙන් පසු, Daemon තමාටම "Blackfyre" යන නම ලබා ගන්නා ලදි.
Aegon IV රජු Daemon සඳහා Tyroshහී Archonගේ දියණිය Rohanne සමඟ විවාහ ගිවිස ගැනීමක් සාකච්ඡා කළේය. Daemon ආධාරකරුවන් පසුව කියා සිටියේ Daemon තම බාල අර්ධ සොහොයුරිය වන Daenerys සමඟ විවාහ වීමට කැමති වූ බවත් Tyrosh සමඟ විවාහ සන්ධානයට අපේක්ෂා කළ Aegon රජු Daemon එක් බිරිඳකට වඩා සිටිය හැකි බවට පොරොන්දු වූ බවත්ය. කෙසේ වෙතත්, Aegon රජුගේ මරණයෙන් පසු, Daemon Rohanne සමග විවාහ වූ අතර Daeron II රජු Archon හට අදාළ දෑවැද්ද ගෙවීය. 187 AC දී පැවැත්වූ ඔහුගේ අර්ධ සහෝදරිය වූ Daenerys Targaryenගේ විවාහ තරඟාවලියේදී 17 හැවිරිදි Baelor අවසාන Joust එකේදී Daemon Blackfyre පරාජය කළේය. එම සටනේදී Daemonගේ හෙල්මයට එල්ල වූ ප්‍රහාරයෙන් ඔහුගේ spear එක බිඳ දැමූ නිසා, Baelorට “Breakspear” යන නාමයද හිමි විය. Daemon සහ Rohanneට පුතුන් හත්දෙනෙකු සහ අවම වශයෙන් දියණියන් දෙදෙනෙකු සිට ඇත. Daemon සැබවින්ම Daenerysට ආදරය කළාද නැත්නම් Daenerys ඔහුටද ආදරය කළාද යන්න නොදනී. කෙසේ වෙතත්, Daenerys විසින් Daemonගේ මරණයේදී දුක් උන බවට සදහනක් නොමැත.
"Daemon Blackfyre loved the first Daenerys, and rose in rebellion when denied her."
Barristan Selmy's thoughts
" The whole realm knew that the girl loved Daeron's bastard brother Daemon Blackfyre, and was loved by him in turn, but the king was wise enough to see that the good of thousands must come before the desires of two, even if those two were dear to him."
Doran Martell to Balon Swann
Daeron IIගේ පාලනය ගැන සෑහීමකට පත් නොවූ ස්වාමිවරුන් සහ නයිට්වරු කැරැල්ලක් පටන් ගැනීමට Daemon සොයා යාමට පටන් ගත් නමුත් Daenerysගේ විවාහයෙන් පසුව කැරැල්ල ඇති වීමට තවත් වසර අටක් ගත විය. 196 AC දී Daena කුමරියගේ සහ Aegon IV රජුගේ අවජාතක පුත්‍රයා වූ Daemon Blackfyre ඔහුගේ කැරැල්ල ආරම්භ කළ අතර එය වසරකට ආසන්න කාලයක් පැවතුනි. ඔහුගේ සංකේතය සඳහා Daemon විසින් Targaryen සංකේතයේ රතු පැහැයෙ මකරා කළු මකරෙකු ලෙස හරවා ගත් අතර, ඔහුට "Black Dragon" යන අන්වර්ථ නාමය ලබා දුන්නේය (Daeron රජු Red Dragon ලෙස හැඳින්වේ). පළමු කැරැල්ලේදී Daemon සහ ඔහුගේ වැඩිමහල් දරුවන් දෙදෙනා වන Aegon සහ Aemon මිය ගිය අතර Ninepenny Kings යුද්ධයේදී Blackfyre නිවසේ අවසාන පුරුෂයා වූ Maelys I Blackfyreව Stepstones හීදී මරා දමන ලදී. මෙයත් සමග Blackfyre වරුන්ගේ පරම්පරාව අවසන් විය.
The Five Blackfyre Pretenders
Blackfyre ඉතිහාසයේ Iron Throne එකට හිමිකම් කියමින් කැරලි කළ Pretenders පස් දෙනෙකු සඳහන් වේ.
- පළමුවන Pretender වන්නේ Daemon Blackfyre ය. ඔහු Aegon IV Targaryen සහ Daena Targaryenට උපන් අවජාතක පුත්‍රයා වන අතර Blackfyre කැරැල්ල ආරම්භ කළ පළමු පුද්ගලයාය.
- Daemon Iගේ තෙවන පුත්‍රයා වන Daemon II Blackfyre
- Daemon Iගේ සතර වන පුත්‍රයා වන Haegon I Blackfyre
- Haegon Iගේ වැඩිමහල් පුත් Daemon III Blackfyre
- හරි හැටි පෙළපතක් නොදන්නා Maelys I Blackfyre – Blackfyre පරම්පරාවේ අවසාන Pretender. (මොහු Blackfyre Pretenders කෙනෙකු නොවූවත් Daemon Iගේ පස්වන පුත්‍රයා වන Aenys Blackfyre 233AC වලදී මහා කවුන්සිලයේදී සිංහාසනය සදහා Maelys ගේ නම ඉදිරිපත් කළේය. ඔහුගේ හිමිකම් පෑම ඉදිරිපත් කිරීමට King's Landing වෙත ආරාධනා කරන ලද අතර ආරක්ෂිතව පැමිණිම පිළිබඳ පෙර පොරොන්දුව නොතකා Brynden Rivers විසින් ඔහුව මරා දමන ලදී.)
The Wars of the Black Dragons
- The First Blackfyre Rebellion – The Fall of the Black Dragon
196 AC දී, Daemon Blackfyre විසින් Daeron II Targaryen රජුගෙන් Iron Throne එක ලබා ගැනීමට කැරැල්ලක් ආරම්භ කළේය. Daemon යනු Aegon IV Targaryen සහ Daena Targaryenට උපන් Legitimized bastard පුත්‍රයා වූ අතර ඔහුගේ ආධාරකරුවන් ඔහු සත්‍යම රජු විය යුතු බව විශ්වාස කළහ.
මෙම කැරැල්ල Targaryen පාලන ඉතිහාසයේ දෙවන විශාල සිවිල් යුද්ධය බවට පත්විය. යුද්ධය වසරකට ආසන්න කාලයක් පැවති අතර Reach, Westerlands, Riverlands සහ තවත් ප්‍රදේශ කිහිපයක සටන් සිදු විය.
අවසාන සහ තීරණාත්මක සටන වූ Battle of the Redgrass Field හීදී Daemon Blackfyre සහ ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වන Aegon සහ Aemon මිය ගියහ. Daemonගේ හමුදාව පරාජයට පත් වූ අතර ප්‍රධාන වශයෙන් Baelor Targaryen සහ ඔහුගේ සහෝදරයා උන Maekar විසින් Targaryen හමුදා ජයග්‍රහණය කරා නායකත්වය දුන්නේය.
කෙසේ වෙතත්, Daemonගේ පුතුන් කිහිප දෙනෙකු දිවි ගලවා ගත් අතර ඔවුන්ව Aegor Rivers විසින් Free Cities වෙත පලාගෙන ගියේය. ඔවුන් Tyrosh වෙත ගොස් Daemonගේ වැන්දඹුව වූ Rohanne සමඟ එක්ව Blackfyre පරම්පරාවේ අනාගත කැරලි සඳහා සූදානම් විය.
- Second Blackfyre Rebellion – The Whitewalls Plot
212 AC දී Daemon II Blackfyre, Ser John the Fiddler ලෙස වෙස්වලාගෙන Whitewalls හි විවාහ තරඟාවලියට එක්වෙමින් දෙවන Blackfyre කැරැල්ල ආරම්භ කිරීමට උත්සාහ කළේය. ඔහු සහ ඔහුගේ Blackfyre සහායකයන් Targaryen පාලනයට අභියෝග කිරීමට සැලසුම් කර තිබුණි.
කෙසේ වෙතත් කැරැල්ල ආරම්භ වීමට පෙර අවසන් කළ අතර Aerys I Targaryen රජුගේ හස්ථය වූ Brynden Rivers විසින් ඔවුන්ගේ සැලැස්ම හෙළි කර Daemon II අත්අඩංගුවට ගෙන ඔහුගේ සහායකයන් හට දැඩි දඬුවම් පැණවීය. මේ කැරැල්ලෙන් පසු Haegon I Blackfyre ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පවා Blackfyre අරමුණට සහාය නොදෙන ලෙස සිරගත කරන ලදි.
Whitewalls හී තරගය හා Egg & Duncanගේ Whitewalls සංචාරය ගැන දැනගන්න මේක කියවන්න. -
- Third Blackfyre Rebellion – Rise of the Golden Company
219 AC දී, Haegon I Blackfyre කිරුළ පැළඳීමෙන් පසු Bittersteel නව Blackfyre කැරැල්ලක් ආරම්භ කළේය. මේ සටනේදී Maekar Targaryen සහ ඔහුගේ පුතුන් Aegon Targaryen හා Aerion Targaryen සටන් කළහ.
රජුගේ හස්ථය වන Brynden Rivers නැවත වරක් ඔහුගේ අර්ධ සහෝදරයා වන Aegor Rivers සමඟ සටනක් ඇති කළේය. Brynden Rivers සහ Aegor Rivers අතර පළමු සටනේදී ආරම්භ වූ විරෝධය තවදුරටත් තිබීය.
තුන්වන Blackfyre කැරැල්ල අවසන් වූයේ Haegon I Blackfyreගේ මරණය සහ Bittersteel අත්අඩංගුවට ගැනීමෙනි. Aerion කුමරු සහ Brynden Rivers යන දෙදෙනාම Bittersteel මරණයට පත් කළ යුතු බවට පැවසු අතර Aerys I Targaryen රජු ඔහුව රාත්‍රී මුර සේවයට එක්වීම සඳහා ප්‍රාකාරයට යැවීමට එකඟ විය. කෙසේ වෙතත් උතුරට ඔහුව ප්‍රවාහනය කළ නෞකාවට Golden Company එක විසින් පහර දෙන ලදී. Golden Company එක දෙවන Blackfyre කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව Bittersteel විසින් ආරම්භ කරන ලදී. Bittersteel පලා ගිය අතර වසර අවසන් වීමට පෙර Haegon I Blackfyreගේ වැඩිමහල් පුත් Daemonව Daemon III Blackfyre ලෙස කිරුළු පළඳවන ලදී.
- Fourth Blackfyre Rebellion – Wendwater Bridge
236 AC දී කුරිරු සීත කාලයක් අවසන් වෙමින් තිබියදී Daemon III Blackfyre සහ ඔහුගේ අර්ධ-සහෝදරයා Aegor Rivers හතරවන Blackfyre කැරැල්ල ආරම්භ කළහ. ඔවුන්ගේ හමුදාව Massey's Hook වෙත ගොඩ විය. මේ සදහා Golden Company හි සහාය ලබා ගත් නමුත් Westeros හි අධිපතීන්ගෙන් සහාය ලැබුණේ ඉතා සීමිත පිරිසක් පමණක් විය.
කැරැල්ල අතර තුරදී Wendwater Bridgeහී සටනේදී Daemon III Blackfyre මිය යාමත් සමඟ කැරැල්ල අවසන් විය. එහිදී Kingsguardහි Ser Duncan the Tall ඔහුව මරා දැමීය. Aegor Rivers නැවතත් පටු මුහුද හරහා පසුබැසීමට සිදු විය නමුත් වසර කිහිපයකින් ඔහු ද මිය ගියේය.
- End of the Blackfyres: Ninepenny Kings War
Main article - Fifth Blackfyre Rebellion: The War of the Ninepenny Kings
258 - 260 AC දී Westeros වෙතින් පිටුවහල් කළ නීති විරෝධීන්, මුහුදු කොල්ලකරුවන් සහ අලෙවිකරුවන් නව දෙනෙකු විසින් Essos හිදී නවයේ කණ්ඩායම පිහිටුවා ගත්හ. ඔවුන්ගේ ඉලක්කය වූයේ රාජ්‍යයන් අත්පත් කරගැනීමට සටන් කරන කණ්ඩායම් හට අන්‍යෝන්‍ය ආධාර සහ සහයෝගය පිළිබඳ දිවුරුම්දී සටන් සදහා සහභාගී වීමයි. ඔවුන් අතර Golden Companyහී අණදෙන නිලධාරියා වූ අවසාන Blackfyre, Maelys the Monstrousද වූ අතර ඔවුන් ඔහු වෙනුවෙන් දිනා ගැනීමට පොරොන්දු වූ රාජධානිය වූයේ සත් රාජධානියයි. ඉන්පසු නවයේ කණ්ඩායම වෙස්ටරෝස් හි "Ninepenny Kings" කියලා ප්‍රසිද්ධ විය. සත් රාජධානියට පහර දුන්නොත් එයට මුහුණ දීමට සූදානමින් සිටියද ඔවුන්ට එයට හදිස්සියක් නොවීය මොකද Aegon V ඔහුගේ පාලනයට හා මකරු නැවත ගෙන ඒමට අවදානය යොමු කරගෙන සිටි නිසාය.
නවයේ කණ්ඩායම 260 AC දී Tyrosh අල්ලාගෙන Stepstones පාලනය ලබා ගත් අතර, Westeros ඔවුන්ගේ ඊළඟ ඉලක්කය විය. Jaehaerys II Targaryen රජු තර්ජනයට ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ අතර Westeros වෙත තර්ජනය පැමිණෙන තෙක් බලා සිටීම වෙනුවට සටනේදී නවයේ කණ්ඩායම හමුවීමට Stepstones වෙත හමුදාවක් යැවීය. ඉන් පසුව ඇති වූ ගැටුම "Ninepenny Kings" යුද්ධය ලෙස නම් කරන ලදී. Ser Barristan Selmy තනි සටනකින් Maelys the Monstrous මරා දැමූ විට Targaryen පාලනයට ඇති තර්ජනය අවසන් විය. Maelys මිය යන විට, Blackfyre පරම්පරාවද ඔහු සමඟ මිය ගියේය.
" When Maelys the Monstrous died upon the Stepstones, it was the end of the male line of House Blackfyre."
Illyrio Mopatis to Tyrion Lannister
Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs
මම කියලා තියෙන තැන් දන්නෙ නැත්නම් මේ පෝස්ට් එක කියවන්න ඒකෙ තියෙන සිතියම් බලන්න - ASOIAF World Map
Timeline ගැන, රජවරුන්ගේ නම් රජවූ පිලිවෙලව වගේ දේවල් අව්ල් වගේ නම් මේ පෝස්ට් එක කියවන්න.



Comments
Post a Comment