Asoiaf World Map
The world of ice and fire ලොක සිතියම ප්‍රදානම වශයෙන් මහද්වීප තුනකට බෙදිලා තියෙනවා.
- Westeros මහද්වීපය
- Essos මහද්වීපය
- Sothoryos මහද්වීපය
අපි දැන් මහද්වීප ටික ගැන කතා කරමු.
Westeros මහද්වීපය
මම Photo එකක් උඩ දාලා තියෙනවා ඒක බලල තේරුම් ගන්න..
මේ මහද්වීපය පිහිටලා තියෙන්නෙ ලෝක සිතියමේ බටහිරට වගේ වෙන්න.මේ මහද්වීපයේ අරම්බයේදී මිනිසුන් හිටියේ නෑ.ඒ වෙනුවට හිටියේ children of the Forest නමින් හදුන්වන Wirwoods ගස් වලට දේවත්වයෙන් වන්දනාමාන කරපු මායාමය හැකියාවන් සහිත වු ජීවින් විශේෂයක්.
කාලය ගත වීමත් සමග Essos මහද්වීපයේ මිනිස්සු වෙස්ටරෝස් මහද්වීපයට එන්න පටන් ගන්නවා. අපි මෙයාලට කියනවා first men ලා කියලා.
children of the forest ලා හට අයිතිව තිබුන භූමියේ බලෙන් ජිවත් වුන first men ලා ඔවුන්ගේ පූජනීය Wirwoods ගස් කපන්න ගන්නවා. ඔන්න ඔතනින් තමා මුළු Westeros ඉතිහාසයම වෙනස් වන හැරවුම් ලක්ෂ්‍යය ආරම්භ වෙන්නෙ.මේක තමා children of the forest vs humans අතර යුද්දය. මේ යුද්දය වසර ගනනාවකට පස්සෙ දෙපාර්ශවය අතර සාම ගිවිසුමකින් නතරවෙනවා.ඒක ගැන් වෙනම Post එකකින් ගේන්නම්. First Mens ලා ආවාට පස්සෙ දෙවන මිනිස් කොට්ටාසය විදිහට Andals වරු වෙස්ටරෝස් භූමියට පය තබනවා. මොවුන් first men ලා සහා children අතර තිබු සාම ගිවිසුමටද පිටුපා යමින් අවසානයේ andals වරු මුල Westeros භූමියටම හිමිකම් කියන්න ගන්නවා. මේ මිනිස් කොට්ටාසය උන andals වරු තමා civilization වුන මිනිස්සු කොට්ටාසය වෙන්නෙ. ඔවුන් තමා මේ අපි දකින වෙස්ටරෝස් රාජධානිය ගොඩනගන්නෙ. Faith of the Seven කියන වෙස්ටරෝස් අදහන ආගම ගෙනාවේ මෙගොල්ලෝ තමයි. Westeros 7 kingdoms වලට වෙන් කර ගත්තෙත් මෙයාලම තමයි.
Andals වරුන්ගේ civilization එකට පසු Westeros අපි හදුන්වනවා Seven Kingdoms කියලා
- Kingdom of North : house Stark
- kingdom of Dorne house Martell
- Kingdom of Rock : house lannister
- Kingdom of reach : house gardener
- Kingdom of veil : house arryn
- Kingdom of strom lands : house Durrandon
- Kingdom of the Isles and the Rivers : house hoare
Westeros වල මෙහෙම වෙද්දි අනිත් පැත්තෙන් අපේ Asoiaf World එකේ අනිත් මහද්වීපය වෙන essos වල Valyrian Freehold එක මුලු මහද්වීපයම තම බලයට ගන්න ගමන් තමයි ඉන්නෙ. Freehold එකේ මකරුන්ට විරුද්දව essos මහද්වීපයේ බටහිර කොටසේ ගංගා නිම්න ආශ්‍රිතව ඉන්න රොයිනාර් වරු නම් ජන කොට්ටාසය නැගිසිටිනවා. එහෙත් අවසානයේ මකර බලය මුහුණ දෙන්න බැරුව යටත් වෙන්න සිද්ද වෙනවා. ඒ අතර තුර එක Roynar කුමරියක් නොබියව නැගිසිට නැවි 10 000 සමගින් බේරුන roynar වරු සමග westeros වලට බේරිලා එනවා.මේ ගොල්ලන්ට එන අතරමග කරදර වලට මූන දෙන්නත් සිද්ද වෙනවා.ඒ ගැනත් වෙනමම විස්තරයක් ගේන්නම්. අපි 10000 ships විදිහට හදුන්වන්නේ මෙන්න මේ සිද්දිය තමයි.
මෙගොල්ලෝ ගොඩ බාන්නේ westeros හි දකුණේ පිහිටලා තිබුනු Dorne කියන කලාපයට එහි පාලනය අරගෙන ගිය martel family එකත් එක්ක විවාහ වලින් සම්බන්ධ කම් හදාගත්ත roynar වරු තමන්ගේ ජානාවාස Dorne කලාපයේ පිහිටුවනවා. රොයිනාර් වරු කියන්නේ essos වල මකරුන්ගෙන් ගින්දරට හොදින් පදන් වුන ජාතියක් මෙයාලගේ යුද උපායන් ඉහළයි වගේම මකරු එක්ක සටන් කරලා හොදහැටි පුරුදු අය.මේ නිසා Dorne කලාපයේ යුද ශක්තිය පැවතියාටත් වඩා වේගයෙන් ඉහල යනවා. Aegon සත් රාජදානියම යටත් කරගත්තත් Dorne අල්ලන බැරි වුනේ Westeros වලට මකරු මැජික් උනාට රොයිනාර් වරුන්ට එහෙම නොවුණු නිසා තමා යිතින්.
Essos මහද්වීපය
- Slaver's Bay and Ghiscar
- Lhazar
- The Free Cities
- Kingdom of Sarnor
- The Dothraki Sea
- The Shivering Sea
- Valyrian Peninsula
- Qarth
- Eastern Essos
Sothoryos මහද්වීපය
Map එකේ අවසානයක් නොපෙනෙන මේ බිම් කොටසේ කිසිම මිනිස් ශිෂ්ඨාචාරයක් නම් නෑ.
පුරාණ වැලෙරියාවේ Belaerys පවුලේ මකර දාවිකාවක් වුන Jaenara Belaerys විසින් ප්‍රකාශ කරනවා Sothoryos මහද්වීපය "a land without end" ලෙස මොකද ඒකට හේතුව ඇය ඇයගේ මකරා උන Terrax සමගින් Sothoryos මහද්වීපය සොයා යනවා.පසුව වසර 3 පසු ඇය නැවත වැලෙරියාවට පැමිණෙනවා.ඉන් පසුව තමා ඇය පවසන්නේ එම මහද්වීපයේ නිමාවක් නැති බව.ඇය පවසන පරිදි එම මහද්වීපය අවසානයක් නොපෙනෙන කැලෑ , කාන්තාර හා කදු විතරමක් පමණක් පෙනෙන්නට ඇති බව පවසනවා.නමුත් ජනයා අතරේ කට කතාවක් තියෙනවා.විකෘති පෙනුමක් සහිත මිණිසුන් , වැම්පයර්ස් හා විරූපි සතුන් මේ මහද්වීපයේ ඉන්නවා කියලා.





.jpeg)





Comments
Post a Comment