පළමු මිනිසුන්ගේ වෙස්ටරෝස් ආගමනය.[Migration of the First Men to Westeros]
මේ First Men ලා වෙස්ටරෝසයට සංක්‍රමණය වෙන්න කලින් වෙස්ටරෝසය තුල සාමකාමී වාතාවරණයක් තිබුනා.පුරාවෘත්ත වල සඳහන් වෙන විදියට ඉස්සර Essos සහ Westeros වෙන් කරලා තිබ්බේ ඩෝර්න් දේශයට අයිති The Arm Of Dorn නමින් හදුන්වන පටු මුහුදු මාර්ගයකින්. මේ මාර්ගය හරහා තමයි පළමු මිනිසුන් Westeros වලට එන්නේ.
ඒ කාලයේ වෙස්ටරෝස් වල හිටියේ Children of the Forest කියන අය. මෙයාලා වෙයාවුඩ් ගස්වලට වන්දනා කරමින් ඒ ගස් උඩ ඔවුන්ගේ නිවාස හදාගෙන ජිවත් උන ජීවින් කොට්ඨාසයක්. මේ හේතුව නිසා පළමු මිනිසුන් මෙයාලව හැදින්වුවේ "Those who sing the Song of Earth" යන නමින්.පළමු මිනිසුන් Westeros පැමිණ ටික කලකින් ඔවුන්ගේ නිවාස බලකොටු හා විවිධ ඉදිකිරීම් සදහා මේ වෙයාවුඩ් ගස් කැපීම ආරම්භ කරනවා. මෙතනින් තමයි Children of the Forest VS First Menලා අතර විරසකය ඇවිලෙන්න පටන් ගන්නෙ.
Children of the Forest කියන අය සතුව විවිධ මායා බලයන් තිබුනා.ඉතින් මේ මිනිස්සුන් නැවැත්වීමට ඔවුන් ඒ බලයන් බාවිතා කලා.Childrensලාට ඔවුන්ගේ මායා බලය බාවිතා කරලා First Menලා එක්ක සටන් කරන්න පුලුවන් උනාට මේ මිනිස්සු එක්ක සටන් කරන එක එතරම් ලේසි උනේ නෑ. ඒ නිසා Childrensලා මේ Essos කලාපයෙන් එන මිනිස්සුන්ව නවත්තන්න Westeros හා Essos කලාප දෙක යා කරන Arm Of Dorne කියන පාලම විනාශ කරන්න තීරණය කරනවා. මෙය ඔවුන් සිදු කරන්නේ ඔවුන්ගේ මායා බලයෙන් මුහුදු ජලය බාවිතා කරලා Hammer of the Waters (හැමර් ඔෆ් ද වෝටර්ස්) කියලා කියන්නේ මේ සිදුවීමට තමයි. පළමු මිනිසුන් නැවත එසෝස් සිට වෙස්ටරෝසයට සංක්‍රමණය වීම වලක්වන්න කෝම හරි මෙයාලා මේ අඳුරු මායාව පාවිච්චි කරලා එසෝස් සහ වෙස්ටරෝස් හරහා යන්න තිබුණු ඩෝර්න් දේශයට අදාළ කලාපය කෑලි කෑලිවලට වෙන් කරනවා. මෙතනින් තමයි ස්ටෙප්ස්ටෝන්ස් දූපත් නිර්මාණය වෙන්නෙ.
ඉතින් මේ මිනිස්සු එන එක නවත්තන්න ගත්ත උත්සාහය නම් එතරම් සාර්ථක වෙන්නෙ නෑ මේ මිනිස්සුන්ගෙ කරදරේ ඔවුන්ට ඉවර කර ගන්න ලැබෙන්නෑ.කෝම හරි මේ Childrensලාට උතුරට සංක්‍රමණය වෙන්න සිද්ද වෙනවා මේ දකුණෙ ඉදන් එන මිනිස්සුන් එක්ක සටන් කරන්නට නොහැකි වීමත් එක්ක. ඊට පස්සෙ මේ Childrensලා ඔවුන්ගේ දෙවන සැලස්ම ක්‍රියාත්මක කරනවා මෙ මිනිස්සුන්ගෙන් බෙරෙන්නට ඉතින් මේ දෙවන සැලැස්මෙදි උනේ Westeros කියන මහද්වීපය දෙකට වෙන් කරන එක නමුත් මේ ක්‍රියාව අර කලින් පාලම විනාශ කරන එක තරම් සාර්තක උනේ නෑ එක මැදින් නතර උනා.මේ ගත්තු ක්‍රියාව නිසා තමයි Westeros වල උතුර හා දකුණ වෙන් කෙරෙන නෙක් කියන කලාපය හට ගත්තේ. ඒ කලාපය ඇත්තටම වගුරු බිමක් ලෙස තමයි සදහන් කෙරෙන්නෙ.
ඉතිං මේකක් හරියට සාර්තක උනේ නැති හින්ද තමයි Childrensලා මේ First Menලාට විරුද්දව ඔවුන්ගේ තෙවන සැලස්ම ක්‍රියාත්මක කරන්නෙ ඉති මේ තෙවන සැලස්ම තමා ඔවුන්ගේ මායා බලය බාවිතා කරලා White Walkersලාව නිර්මාණය කරන එක ඉතින් ඉට පස්සෙ මොකද උනේ කිය ඔයාල දන්නවා.
ඉතිං කොහොම හරි මේ හදපු White Walkersලාව පාලනය කරන්න Childrensලාට නොහැකි වීම මත ඔවුන් First Menලා එක්ක එක තැනකට එකතු වෙලා සාම ගිවිසුමක් ඇති කරගන්නවා මේ කලාපය තමයි ගෝස්ට් අයිල්ඩ් කියන්නෙ එහෙමත් නැත්නම් අයිල්ඩ් ඔෆ් ෆෙසස් කියලා තමයි හදුන් වන්නේ.
ඉතින් මේ සාම ගිවිසුමේදී Childrens First Menලාගෙන් ඉල්ලපු දෙයක් තමයි තව දුරටත් මේ Weirwood ගස් කපන එක නතර කරන්න කියන එක. මේ කාරනව නිසාම මේ සාම ගිවිසුමට ගරු කිරීමක් වශයෙන් තමයි මේ First Menes ඔවුන්ගේ ආගම ලෙස Childrensලාගේ ආගමම බාවිතා කරන්නේ.
ඊට පස්සේ මේ Westeros කලාපයෙන් වැඩි කොටසක් මිනිසුන්ට හිමි වෙනව Childrensලා ගන වනාන්තර තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉන් පස්සෙ අවුරුදු 1000ක 2000 කාලය හදුන්වන්නේ Age Of Heroes කියලා ඉතින් මේ කාලයේදී Westeros ඉතාමත් ඉක්මනින් දියුණු වෙන්න පටන් ගන්නවා කුඩා කුඩා ගම් නගර බවට පත්වෙනවා ඒ වගේම රාජදානි බිහි වීම ඇති වෙන්නෙ මේ කාලයේදී තමයි. නමුත් කාලයක් ගියාට පස්සෙ ඇති වෙනවා විෂේශ අවස්තාවක් මේක තමයි The Long Night කියන්නෙ.









Comments
Post a Comment