Valyria Freehold


Valyrian Peninsula (Valyria Freehold) - Essos වලින් අපිට වැදගත් වෙන්නෙ මේක තමා ඉතින්.

Valyrian Peninsula

Valyria ව අගනගරය කරගත් වැලේරියන් මිනිස්සු ඉතා බලවත් මයාමය මිනිස්සු කොට්ටාසයක්. මොවුන් තමයි පුරාණ වැලෙරියානු ස්වර්ණමය රුධිරයට හිමිකම් කියපු අය. ඔවුන් ඔවුන්ගේ බලය පවිච්චි කරලා Essos මහද්වීපයේ විශාල කොටසක් යටත් කරගත්තා. එපි මේකට කියනව valyrian Freehold එක කියලා. අනිත් ප්‍රදේශ යටත් කරගනිමින් මේ Freehold එක ක්‍රමක් ක්‍රමයෙන් විශාල වෙමින් තිබුන කොටසක්.

Valyrian Freehold

මේ Powerfull Freehold එකේ පාලනය බෙදි ගිය වැලෙරියානු වංශවත් පවුල් අතරත් ඉහලින්ම සිටියේ මකරස්වාමිවරුන් එහෙමත් නැතිනම් Dragon lords ලා කියන කොටස. මෙගොල්ලෝ තමා මෙයාලගේ දහස් ගානක මකරු එක්ක Freehold එක පාලනය කරමින් Freehold එක විශලා කරවන්න මහන්සි වෙන්නෙ.

 ඉතිහාසයට අනුව පුරාණ වැලෙරියාවේ මකරධාවක පවුල් 40 පමණ ඉදලා තියෙනවා. අපි හැමෝම දන්න Targaryen family එකත් මේ 40 න් එකක්. ඒ වගේම ඔවුන් Dragon lord පවුල් අතර අඩුම බලයක් සහිත වූ පහතින්ම සිටි පව්ලක්.

Dragon Lords

පුරාවෘත්ත වලට අනුව වැලෙරියාවේ මිනිසූ Blood Magic , Drak sorcery වගේ දේවල් වලට ප්‍රසිද්ද අය. ඉතින් මේ මකරදාවක පවුල් තම මකරුන් පාලනය කිරීමට Binding spells වගේම horns පාවිච්චි කලා කියල කියනවා.

ඉතින් මේ වැලේරියානුවන් පලමු මකරාව හීලෑ කලේ මේවගේ මායාවකින් කියලා ප්‍රසිද්ධ පුරාවෘත්තයක් තියෙනවා එර් තමා පුරාණ වැලේරියානුවෙකුගේ ජීවිතය බිලි දි එම පුද්ගලයාගේ ආත්මය අදුරු මායාවන් භාවිත කර  කිනිස්සකට පොවා ඒම කිනිස්සෙන් මකරාගේ ඇගේ තුවාලයක් සිදු කර මිය ගිය කෙනාගේ ආත්මය මකරා තුළ නැවත උපදෙන්න සලස්වා පළමු මකරා හීලෑ කරා කියලා.HOTD season 2 intro එක බලපු කෙනෙක් නම් ඒ තුලින් අපිට මේ සිද්දිය පෙන්නවා බලාගන්න් පුලුවන් වෙනවා.(GOT  HOTD වල Intro බලන්නෑ කියන්නෙ ඉතින් වැඩක් නෑ....)

කෙසේ නමුත් මේ වැලේරියානු මකරදාවක පරම්පරාවට හිමිකම් කියු වැලෙරියන් වරු ඉතාමත් ලස්සන අය. මොවුන් රිදී පැහැති හිස කෙස් වලට හිමිකම් කියු අතර දම් පැහැති ඇස් තිබුනා. සවර්ණමය රුධිරය පිරිසිදුව තමා ගැනීමට අවශය නිසා Dragon lords ලා වෙනත් පවුල් සමග විවාහ සම්බන්ධතා පැවැත්වූවේ නැහැ.එ වෙනුවට ඔවුන් වැලෙරියානු චාරිත්‍රයක් විදිහට පවුල තුළම විවාව සිදු කරා. අලුත උපන් මකර ධාවක සහෝදර සහෝදරයින් ඔවුනවුන්ටම කුඩ කලදිම විවාව කරදුන්නා.ඒවගෙම ඔවුන් කුඩා කල සිටිම හැදි වැඩුනේ මකර බිත්තරය සහා එයින් පැමිණි ඔවුන් ගේ මකරා සමගය.

Comments