Fourth Blackfyre Rebellion: The Last Hope of Daemon III Blackfyre
සිව්වන Blackfyre කැරැල්ල යනු Blackfyre Pretenders විසින් Iron Throne එකට හිමිකම් කීමට ගත් සතර වන උත්සාහයයි. 236 AC හි සිදු වූ අසාර්ථක කුමන්ත්‍රණය Aegon V Targaryen රජුගේ කාලයේදී සිදු විය.
Haegon I Blackfyreගේ වැඩිමහල් පුත්‍රයා වන Daemon III Blackfyre තුන්වන Blackfyre කැරැල්ල අවසානයේ Haegonගේ මරණයෙන් පසු Tyrosh හීදී Bittersteel විසින් කිරුළු පළඳවන ලදී. 233AC හීදී Great Council අතරතුර Daemonගේ මාමා වන Haegonගේ බාල සොහොයුරා වන Aenys Blackfyre විසින් Daemonව සිංහාසනය සදහා යෝජනා කළේය. කවුන්සිලය සදහා ඔහු King's Landing වෙත ගමන් කළ නමුත් එහිදී Bloodravenගේ නියෝග මත ඔහුව අත්අඩංගුවට ගෙන මරා දමන ලදී. මෙය Essosහි පිටුවහල් කරන ලද අයගේ සතුරුකම අඩු වීමට වඩා දැඩි වීමට හේතු විය. වසර හයක කුරිරු ශීත කාලය අවසන් වෙමින් තිබියදී Daemon විසින් සිහසුන ලබා ගැනීමට කුමන්ත්‍රණය ඇරබීය.
Daemon III Blackfyre පටු මුහුද හරහා තම හමුදාවන් මෙහෙයවූ අතර Aegor Rivers සහ ඔහුගේ Golden Company එක Massey's Hook වෙත ගොඩ බැස්සේය. Westerosහිදී කුඩා ජයග්‍රහණ කිහිපයක් දිනා ගෙන තවත් ස්වාමිවරුන් පිරිසක් ඔහුගේ සහයෝගයට පෙළගැසීමට දිරිමත් වනු ඇතැයි Daemon III Blackfyreගේ බලාපොරොත්තුව වුවද එම කාලය වන විට Blackfyre වරුන්ගේ අරමුණ Westeros තුළ සැලකිය යුතු ලෙස දුර්වල වී තිබුණි. බොහෝ Westerosහි ස්වාමිවරුන්ට Daemon IIIව පෙනුනේ වසර හතළිහකට පෙර මියගිය අසාර්ථක කොල්ලකරුවෙකුගේ ඉරිතලා ගිය පැරණි අයිතිවාසිකමක් අල්ලාගෙන සිටින විදේශිකයන්ගේ හමුදාවක් ලෙසනි. බලාපොරොත්තු වූ සහයෝගය භූමියේදී නොලැබුන අතර Stormlandsහී ප්‍රදේශවල මුල් ගොඩබැසීමෙන් පසු ඉදිරියට ආක්‍රමණය කිසි විටෙකත් පැතිර ගියේ නැත.
Aegon V Targaryen රජු සහ ඔහුගේ පුතුන් තිදෙනා වන Duncan, Jaehaerys, සහ Daeron යන කුමාරවරු කැරලිකරුවන්ට මුහුණ දීමට පිටත්ව ගියහ. කැරැල්ල ඉක්මනින්ම Wendwater පාලමේදී ඇති වූ සටනේදී අවසන් වූ අතර එහිදී Blackfyre හමුදාව පරාජයට පත් විය. මෙම සටන Battle of Wendwater Bridge ලෙස හදුන්වයි. Kingsguard හි Duncan the Tall එම සටනේදී Daemon III මරා දැමීය. Aegor Rivers නැවතත් වතාවක් Essos වෙත පළා ගියේය. Lord Gerold Lannisterගේ දෙවන පුත්‍රයා සහ උරුමක්කාරයා වූ Ser Tion Lannister මෙම සටනේදී මිය ගිය අතර ඔහුගේ බාල සොහොයුරා වන Tytos Lannister කුමරු Casterly Rockහී නව උරුමක්කාරයා බවට පත් විය. පසුකාලීනව Tyrosh සහ Myr සමග ඇති වූ ගැටුමකදී Aegor Rivers මිය ගිය අතර ඔහුගේ මිය යාම නොතකා කැරැල්ල දිගටම ගියේය.
Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs
Blackfyre Pretenders ගැන දැනගන්න - House Blackfyre, Blackfyre Pretenders, And Blackfyre Rebellions
Blackfyre Rebellions ගැන දැනගන්න - Blackfyre Rebellions
Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames
209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන, Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න වගේම Whitewalls විවාහ මංගල්‍යය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)



Comments
Post a Comment