The Third Blackfyre Rebellion: The Rise and Fall of Haegon Blackfyre



තෙවන Blackfyre කැරැල්ල යනු Blackfyre Pretenders විසින් Iron Throne එකට හිමිකම් කීමට ගත් තෙවන උත්සාහයයි. 219 AC හි සිදු වූ මෙම අසාර්ථක කුමන්ත්‍රණය Aerys I Targaryen රජුගේ කාලයේදී සිදු විය. 

219 AC දී Bittersteel ලෙස හැඳින්වෙන Ser Aegor Rivers විසින් Daemon I Blackfyreගේ සිව්වන පුත්‍රයා වන Haegon I Blackfyre හට ඔටුනු පැළදවීමෙන් පසු නව ආක්‍රමණයක් දියත් කළේය. මෙම නව ආක්‍රමණය සිදු වූයේ පාලනය පිළිබඳ විස්තර ගැන උනන්දුවක් නොදැක්වූ Aerys I Targaryen රජුගේ පාලන සමයේ අගභාගයේදීය. අනෙක් අතට රජුගේ බාල සොහොයුරා වන Maekar Targaryen සහෝදරයා ඔහුගේ හස්ථය සමග විරසකයක් තිබුනද ගැටුම අතරතුර ඔහුගේ නායකත්වය රාජධානිය වෙනුවෙන් ලබා දුන්නෙය. Lys වෙත පිටුවහල් කර සිටි Aerion කුමරුද යුද්ධයේදී සටන් කළ අතර මෙහිදී තරුණ Aegon කුමරු ද ඔහුගේ හැකියාවන්  පෙන්වීය.

තුන්වන Blackfyre කැරැල්ලේදී Bittersteel සහ ඔහුගේ අර්ධ සහෝදරයා වන Brynden Rivers අතර ද්වන්ද සටනක් ඇති වූ අතර අවසානයේ, Pretender Haegon I Blackfyre යටත් වූ අතර එහිදී ඔහුව මරා දමන ලදි. Bittersteel සිරභාරයට ගෙන King's Landingහි Red Keep වෙත රැගෙන යන ලදි. එහිදී Aerion සහ Bloodraven විසින් Bittersteel මරා දමන ලෙස Aerys I Targaryen රජු හට බල කළේය. Bittersteel රාජද්‍රෝහී චෝදනාවකට වරදකරු වූ අතර රජු ඔහුගේ ජීවිතය බේරා Bittersteel හට මරණ දඬුවමට මුහුණ දීම වෙනුවට ප්‍රාකරය වෙත යවන ලෙස නියෝග කළේය.

ප්‍රාකරයට යැවීම ගැන Bittersteelගේ ආධාරකරුවන්ට දැනුම් දීමට හැකියාවක් ඇති Blackfyre මිතුරන් බොහෝ දෙනෙක් තවමත් King's Landingහී සිටි අතර කැරලිකරුවන් Bittersteelගේ ඉරණම ගැන දැන ගත්හ. Bittersteelව Night's Watch වෙත රැගෙන යන නෞකාව Eastwatch-by-the-Sea වෙත යන අතරමගදී පටු මුහුදේදී Bittersteel විසින් අරභන ලද Golden Company නිදහස් කර ගන්නා ලදි. Bittersteel නැවතත් Tyrosh වෙත ගිය අතර එහිදි ඔහු Haegonගේ වැඩිමහල් පුත් Daemon හට කිරුළු පළදවන ලදි. මේ අනුව Blackfyre කුමන්ත්‍රණය දිගටම පැවතුනි.

Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs

Blackfyre Pretenders ගැන දැනගන්න - House Blackfyre, Blackfyre Pretenders, And Blackfyre Rebellions

Blackfyre Rebellions ගැන දැනගන්න - Blackfyre Rebellions

Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames

209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන, Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න වගේම Whitewalls විවාහ මංගල්‍යය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)

Comments