The Golden Company: The Legendary Mercenaries of Westeros and Essos


Bittersteel and the Birth of the Golden Company

Golden Company යනු "Bittersteel" ලෙස ප්‍රසිද්ධ වූ Aegon IV Targaryen රජුගේ මහා අවජාතකයෙකු වන Ser Aegor Rivers විසින් දෙවන Blackfyre කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව 212 AC දී ආරම්භ කරන ලද කුලී හේවායන්ගෙන් සමන්විත සටන්කාමී සමාගමකි.

Essos මහද්වීපයේ සහ නිදහස් නගරවල ඇති කුලී හමුදාවන් අතර Golden Company එක හොඳම සහ බලවත්ම සමාගමක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් මුදලට සටන් කරන හේවායන් අවිශ්වාසදායක ලෙස සැලකෙන නමුත් Golden Company එක කිසිදු අවස්ථාවක තම ගිවිසුමක් කඩ නොකළ බවට කීර්තිමත් නාමයක් දිනාගෙන ඇත.

ඔවුන්ගේ ආදර්ශ පාඨය වන්නේ "Our word is good as gold" (අපගේ වචනය රන් මෙන් වටිනාය) යන්නයි.

එමෙන්ම ඔවුන්ගේ යුධ හඬ වන්නේ "Beneath the gold, the bitter steel" යන්නයි. මෙය Golden Company හි ආරම්භකයා වන Bittersteel වෙත කරන ගෞරවයක් ලෙස සැලකේ.

( යුධ හඬක් යනු සටනට පෙර හෝ අතරතුර සටන්කරුවන් විසින් සහෘදයින් පෙළගැස්වීමට, චිත්ත ධෛර්යය වැඩි කිරීමට, සතුරන් බිය ගැන්වීමට සහ සමගිය ඇති කිරීමට කරන කෑගැසීමක්, සටන් පාඨයක් හෝ වාක්‍ය ඛණ්ඩයකි. ඒවා සටන් වලදී හමුදා සඳහා හඳුනාගැනීමේ සංඥා ලෙසද ක්‍රියා කරයි.)

Golden Company එක Blackfyre වංශයේ හිමිකම් Westeros වෙත නැවත ගෙන ඒම යන අරමුණින් පිහිටුවන ලදි.

Bittersteel’s Brotherhood of Exiles

  • The Foundation of the Golden Company

Golden Company ආරම්භ කරන ලද්දේ "Bittersteel" ලෙස ප්‍රසිද්ධ වූ Ser Aegor Rivers විසිනි. ඔහු Aegon IV Targaryen රජුගේ නීත්‍යානුකූල කරන ලද මහා අවජාතකයෙකි.

පළමු Blackfyre කැරැල්ල අවසානයේ Bittersteel, තවත් මහා අවජාතකයෙකු වන Daemon I Blackfyreගේ බාල පුතුන් සමඟ Westeros වෙතින් Tyrosh වෙත පලා ගියේය. Westeros වෙතින් පිටුවහල් කරන ලද අනෙකුත් අධිපතීන් සහ නයිට්වරුන් Ragged Standard හෝ Maiden's Men වැනි කුලී හමුදා සමාගම්වලට එකතු වන බව දුටු Bittersteel, Westeros වෙතින් පිටුවහල් වූ අය එකට එක් කර තබා ගැනීමේ අරමුණින් 212 AC දී තමන්ගේම sellsword company එකක් ආරම්භ කිරීමට තීරණය කළේය.

Golden Company හි අරමුණ මුදල් උපයා ගැනීම පමණක් නොව, Westeros වෙත නැවත පැමිණ Blackfyre වංශයට Iron Throne හි හිමිකම ලබා දීමට අවස්ථාවක් සොයා ගැනීමද විය.


"A brotherhood of exiles and the sons of exiles, united by the dream of Bittersteel. It's home they want, as much as gold."

Arianne Martell to Arys Oakheart


Golden Companyහී ගෞරවනීය නාමයක් ඉක්මනින්ම ස්ථාපිත වූ අතර Qohorනම් පුද්ගලයෙකු විසින් මෙම සමාගමත් සමග අත්සන් කරන ලද ගිවිසුමට කඩ කල විට නිදහස් නගරයන් වලට අනුව සමාගමේ අනෙකුත් ගිවිසුම් කරුවන් Qohorව සමාගමෙන් නෙරපා හැරී අතර අතර Golden Company හි විශ්වාසය ආරක්ෂා කරනු ලැබීය.

Golden Company ප්‍රධාන වශයෙන් Lys, Myr සහ Tyrosh වැනි නිදහස් නගරවල සේවය කරමින්, එම ප්‍රදේශවල පැවති ඉඩම් සහ බලය සඳහා වූ යුද්ධවලට සහභාගී විය.

  • The Golden Company in the Blackfyre Rebellions

212 ACදී දෙවන Blackfyre කැරැල්ල සඳහා Ser Aegor Rivers විසින් Daemon II Blackfyre හට Golden Companyහී සහාය ලබා නොදුන් නමුත් 219 ACදී ඇති වුන තුන්වන Blackfyre කැරැල්ලේදී ඔහු Haegon I Blackfyre හට සහාය විය. එහිදී Bittersteelව අල්ලා ගෙන සිරගත කරන ලද අතර සටන අතරතුර Haegon I Blackfyreව මරා දමන ලදී. Bittersteelව Night's Watch එක සදහා ප්‍රාකාරයට යැවූ අතර ඔහුව ප්‍රාකාරය වෙත ගෙන යන ලද නෞකාව මගදී අල්ලා ගන්නා ලද අතර එහිදී Bittersteel බේරී පලා ගොස් නැවත Golden Company එක සමග සම්බන්ධ විය.

හතරවන Blackfyre කැරැල්ල අතරතුර 236 ACදී  Golden Company එක විසින් Massey's Hook ආක්‍රමණය කළ නමුත් ඔවුන්ව Aegon V Targaryen රජු විසින් පරාජය කරන ලදී. 241ACදී Myr සහTyrosh අතර ඇති වූ ගැටුමකදී Golden Company එකට නායකත්වය දෙමින් සිටි Bittersteel මිය ගියේය.

Maelys Blackfyre ඔහුගේ ඥාති සහෝදරයා වන Daemon Blackfyreව මරා දැමීමෙන් පසු Golden Company හට හිමිකම් කීය. 258 AC හි Band of Nineහී එක් අයෙකු වූ Maelys Blackfyre පස්වන Blackfyre කැරැල්ල අතර තුර Ninepenny Kings යුද්ධයේදී Golden Company හට නායකත්වය දුන්නේය. Stepstonesහි තනි සටනකදී Maelys the Monstrous මරා දැමීම දක්වා Golden Company ඉහල සටන්කාමීන් හරහා Ser Barristan Selmy ලේ වැකි මාවතක් විවර කල අතර Tygett Lannister විසින් යුද්ධය අතරතුර Golden Companyහී නයිට්වරයෙකු මරා දැමීය.

  • The Return of the Golden Company to Westeros

Daenerys Targaryen කුඩා කාලයේදී ඇගේ සහෝදරයා වන Viserys වරක් Golden Companyහී කපිතාන්වරුන්ට ආරාධනා කරේ Robert I Baratheon රජුගෙන් Iron Throne එක නැවත ලබා ගැනීම සඳහා ඔහුගේ කාර්යය භාර ගනු ඇතැයි යන අපේක්ෂාවෙනි. ඔවුන් ඔහුගේ ආරාධනය පිලිගෙන සංග්‍රහයට සහභාගී වූ අතර ඔහුගේ ආයාචනා අසා ඔහුට සිනාසිනි. 

Robertගේ කැරැල්ල අතරතුර Westeros වෙතින් පිටුවහල් කරන ලද Lord Jon Connington නම් කෙටි කළක් රජුගේ හස්ථය ව සිටි පුද්ගලයෙකු Golden Company සමඟ වසර පහක් සේවය කළ බවට සදහන්‍ ය.

Golden Company එක සාමාන්‍යයෙන් කිසි විටෙකත් තම ගිවිසුම් කඩ නොකරන බවට ප්‍රසිද්ධ වුවද, පසුව ඔවුන් නිදහස් නගරයක් වන Myr සමඟ තිබූ ගිවිසුම කඩ කරන බව හෙළි විය.

Cersei Lannister රැජිනගේ Small Council රැස්වීමකදී Aurane Waters මෙම පුවත හෙළි කරයි. බොහෝ දෙනා Golden Company එක Stannis Baratheon සඳහා සටන් කිරීමට යන බව සිතූහ. නමුත් ඔවුන්ගේ සැබෑ ගමන වෙනත් අරමුණක් සඳහා විය.

Ghoyan Drohe වෙත ගමන් කරන අතරතුර Tyrion Lannister Illyrio Mopatis සමඟ කරන සංවාදයකදී Golden Company එක Meereenහී රැජින වන Daenerys Targaryen සමඟ එක්ව Westeros ආක්‍රමණය කිරීමට සැලසුම් කර ඇති බව දැන ගනී.


Tyrion: How did you convince the Golden Company to take up the cause of our sweet queen when they have spent so much of their history fighting against the Targaryens?

Illyrio: Black or red, a dragon is still a dragon. When Maelys the Monstrous died upon the Stepstones, it was the end of the male line of House Blackfyre. And Daenerys will give the exiles what Bittersteel and the Blackfyres never could. She will take them home.

Tyrion Lannister and Illyrio Mopatis


පිටුවහල් කරන ලද Lord Jon Connington දැන් තමාව "Griff" ලෙස හඳුන්වනු ලබන අතර පෙර කපිතාන් General Ser Myles Toyne සමඟ එක්ව ඔවුන් Illyrio සමඟ කුමන්ත්‍රණය කළේ Aegon Targaryen කුමරු යැයි කියා ගන්නා "Young Griff" Daenerys සමඟ විවාහ වී Iron Throne එක සදහා හිමිකම් කීමටයි.

Triarch Malaquo Maegyr විසින් Volantis වෙත ගමන් කරන Delta මාර්ගය වසා දැමීමෙන් පසු Golden Company විසින් Volon Therysට දකුණු පසින් කඳවුරු බැඳ ගත් අතර පසුව සමාගම Volon Therys සිට Westeros බලා යාත්‍රා කළාය. 

Golden Companyඑක Westeros බලා ගොස් Stormlands සහ Stepstones වෙත ගොඩබැස වැඩි කාලයක් ගතවීමට පෙර Griffin's Roost, Rain House, Crow's Nest, යන බලකොටු අත්පත් කර ගත් අර ඔවුන්ගේ ඊළඟ සැලැස්ම වූයේ Stannis Baratheon වෙනුවෙන් Ser Gilbert Farring විසින් අල්ලාගෙන සිටින Storm's End අල්ලා ගැනීමයි.


Tristan: Which plan? ... The fat man's plan? The one that changes every time the moon turns? First Viserys Targaryen was to join us with fifty thousand Dothraki screamers at his back. Then the Beggar King was dead, and it was to be his sister, a pliable young child queen who was on her way to Pentos with three new-hatched dragons. Instead the girl turns up on Slaver's Bay and leaves a string of burning cities in her wake, and the fat man decides we should meet her by Volantis. Now that plan is in ruins as well. I have had enough of Illyrio's plans. Robert Baratheon won the Iron Throne without the benefit of dragons. We can do the same.

Harry Strickland, Lysono Maar, and Tristan Rivers



Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs

Blackfyre Pretenders ගැන දැනගන්න - House Blackfyre, Blackfyre Pretenders, And Blackfyre Rebellions

Blackfyre Rebellions ගැන දැනගන්න - Blackfyre Rebellions

Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames

209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන, Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න වගේම Whitewalls විවාහ මංගල්‍යය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)

Comments