Fifth Blackfyre Rebellion: The War of the Ninepenny Kings


War of the Ninepenny Kings නැතහොත් Fifth Blackfyre Rebellion යනු නිදහස් නගරවල වෙළෙන්දන්, කුලී හේවායන් සහ මුහුදු කොල්ලකරුවන්ගෙන් සමන්විත වූ Band of Nine (නවයේ කල්ලිය) සහ Westeros හී සත් රාජධානිය අතර ඇතිවූ Blackfyre වරුන්ගේ අවසන් සටනයි.

Band of Nine විසින් සාරථක Stepstones යටත් කර ගැනීමෙන් පසු ඉතිරිව සිටි Blackfyre Pretenders ලගෙන් අවසානයා වන Maelys I Blackfyre සඳහා නවයේ කල්ලිය විසින් සත් රාජධානිය යටත් කර ගැනීමට සූදානම්ව සිටින බව දැනගෙන සිටි Jaehaerys II Targaryen රජු සිංහාසනයේ සතුරන් පරාජය කිරීම සඳහා Stepstones වෙත හමුදාවක් යැවීය.

පොත්වල මෙය පස්වන කැරැල්ල යනුවෙන් හැඳින්වෙන්නේ නැතත් Maelys I Blackfyre පස්වන Blackfyre Pretender වූ බැවින් මෙම කැරැල්ල බොහෝ විට රසිකයන් විසින් පස්වන Blackfyre කැරැල්ල ලෙස හඳුන්වනු ලබයි.

Background: Rise of the Band of Nine and the Threat to the Seven Kingdoms

258AC හීදී Aegon V Targaryen රජුගේ පාලන සමයේ අගභාගයේදී Essosහි බලය සදහා සටන් කරන්නන්ගේ කණ්ඩායමක් වන Band of Nine විසින් රාජධානි ආක්‍රමණයේදී එකිනෙකාට උදව් කරගැනීමට පොරොදු වී සිටි බවට King's Landing වෙත ආරංචි විණි. ඔවුන් අතර Maelys the Monstrous ලෙස වඩාත් ප්‍රසිද්ධ Blackfyre Pretendersහි අවසාන සාමාජිකයා වූ Maelys I Blackfyreද විය. ඔහු වසර කිහිපයකට පෙර තම ඥාති සහෝදරයා වන Daemonගේ මරණයෙන් පසු Golden Companyහී අධිකාරිත්වය දිනා ගත්තේය.Daemon I Blackfyreගේ අවසාන පරම්පරාව වන ඔහුගේ අපේක්ෂිත රාජධානිය සත් රාජධානියයි.

මෙම සිදුවීම දැනගත් විට Duncan Targaryen කුමරු "crowns were being sold nine a penny / ඔටුනු නවයක් සතයකට විකුණනවා" යැයි ප්‍රසිද්ධියේ පැවසූ අතර ඉන් පසුව නවයේ කල්ලිය සත් රාජධානිය තුල "Ninepenny Kings" යනුවෙන් ප්‍රසිද්ධ විය. 

Aegon V Targaryen රජු සහ පසුව Jaehaerys II Targaryen රජු ඇතුළු බොහෝ දෙනෙක් මෙම මවාපෑම්කරුවන් විසින් එල්ල කරන ලද තර්ජනය නිදහස් නගරවලින්ම ව්‍යර්ත වේ යැයි සිතූහ. කෙසේ වෙතත් Blackfyre වරුන්ගෙන් නැවතත් ගැටළුවක් ඇති නොවන පරිදිම මෙය අවසන් කිරීමට Jaehaerys II රජු සූදානම් විය.

නවයේ කණ්ඩායම ඔවුන්ගේ ඉලක්ක මූලික වශයෙන් සාර්ථක විය, Essosහි මතභේදාත්මක ඉඩම් අත්පත් කර ගැනීම, Tyrosh බලය ලබා ගැනීම හා Silvertongueහී පාලකයා ලෙස Alequo Adarysව පිහිටුවීම. පසුව ඔවුන් Stepstones යටත් කර ගත්හ. එතැන් සිට ඔවුන් සත් රාජධානිය යටත් කර ගැනීමට කටයුතු කළහ.

Houses and Factions by Allegiance

  • Targaryen Loyalists
    • House Martell – Dorne
    • House Greyjoy – Iron Islands
    • House Stark – North
    • House Tully – Riverlands
    • House Baratheon – Stormlands
    • House Arryn – Vale of Arryn
    • House Lannister – Westerlands
  • Blackfyre / Rebel Allies
    • Band of Nine
      • House Blackfyre
      • Tyrosh
      • Jolly Fellows
      • Spotted Tom
      • Liomond Lashare
      • Xhobar Qhoqua
      • Old Mother
      • Samarro Saan

War at the Stepstones: Clash of Targaryen and Blackfyre Forces

259AC දී තම පියාගෙන් පසු සිංහාසනයට පත් වූ Jaehaerys II Targaryen රජු, නවයේ කල්ලියෙන් එල්ල වූ තර්ජනය හඳුනාගෙන යුද්දය ඔහු වෙතට පැමිණීමට පෙර යුද්දය ඔවුන්වෙතට ගෙන යාම සදහා Stepstones වෙත විශාල හමුදාවක් යවා යුද්දය ජය ගත්තේය. 

රජු පෞද්ගලිකව තම හමුදාවන්ට අණ දීමට කැමති වූ නමුත් ඔහුගේ හස්තය වන Lord Ormund Baratheon විසින් එය නැවැත්වීය. ඒ වෙනුවට Ormund Baratheon විසින්ම Targaryen හමුදාව තම අණ යටතේ මෙහෙයවන ලදි. 

මෙම Targaryen බලකායට Iron Islands වල අධිපති Quellon Greyjoy විසින් මෙහෙයවන ලද නැව් සියයකින් යුත් බලඇණියක් සහ Lord Tytos Lannister විසින් ඔහුගේ බාල සොහොයුරා වන Ser Jason Lannister නායකත්වය යටතේ Westerlands සිට එවන ලද නයිට්වරු දහසක් සහ සන්නද්ධ මිනිසුන් දසදහසකින් යුත් හමුදාවක් ඇතුළත් විය. ඊට අමතරව House Martell විසින් Dorne සිට සපයන ලද හෙල්ල කරුවන්ද අයත් විය.

260 AC දී Targaryen හමුදාව Stepstones වෙත ලගා වූ විට සටන් ගොඩබිම සහ මුහුදේ දැඩි ලෙස ආරම්භ වූ අතර වසරේ වැඩි කාලයක් පුරා පැවතුනි. යුද්ධයේ මුල් අවස්ථාවේදීම Ser Steffon Baratheonගේ දෑත් මත ඔහුගේ පියා වගේම රජුගේ හස්ථය ලෙස හමුදාව මෙහෙයවූ Ormund Baratheon මිය ගියේය.

පසුව හමුදාව මෙහෙයවීමේ වගකීම Kingsguardහී Lord Commander වන Gerold Hightower වෙත පැවරුණි. Bloodstone හීදී Ser Jason Lannister මිය ගිය පසු Lord Roger Reyne විසින් ඉතිරි Westerlands භටයින් ජයග්‍රහණ කිහිපයක් කරා ඉදිරියට මෙහෙයවීය.

Steffon Baratheon, Brynden Tully, Tywin Lannister සහ ඔහුගේ සහෝදර Kevan සහ Aerys Targaryen ඇතුළු බොහෝ තරුණ නයිට්වරු සහ අධිපතීන් සටනේදී කැපී පෙනෙන වැදගත් කාර්‍යයක් ඉටු කළේය. අවසානයේ දී Golden Companyහී ඉහල සටන් කරුවන් හරහා ලේ වැකි මාවතක් විවර කළේ තරුණ Barristan Selmyය. ඔහු Maelys the Monstrous තනි සටනකින් මරා දමා එමඟින් සත් රාජධානියට එල්ලවූ තර්ජනය සදහටම අවසන් කිරීමට හැකි විය.

Aftermath: End of the Blackfyre Rebellion

Essosහි නවයේ කල්ලියේ හිමිකාරිත්වය අහිමි වීමට තවත් වසර හයක් ගත විය. Alequo Adarysව අවසානයේ ඔහුගේ රැජින විසින් වස ලබා දී මරණයට පත් කරන ලද අතර Archon නැවතත් Tyroshහී බලයට පැමිණියේය.

Ormund Baratheon මරා දැමීමත් සමඟ Steffon Baratheon ඔහුගේ පියාගෙන් පසු Storm's Endහී නව අධිපතියා බවට පත්විය. ඔහු කුමරු Aerys Targaryen සහ Ser Tywin Lannister යන දෙදෙනා සමඟම සමීප මිතුරෙකු විය. 

අළුත් නයිට් වරෙයෙකුවූ Ser Tywin Lannister යුද්ධයේදී නිරභීතව සටන් කිරීමෙන් පසු Aerys Targaryen හට ඔහුගේ ධෛර්යය පෙන්වීය සහ මොවුන් දෙදෙනා හොදම මිත්‍රයන් විය. Tywin Lannister ඔහුගේ පියාට වඩා දැඩි විය. ඔහුගේ පියා වන Tytos Lannister යුද්ධයට සහභාගී නොවූ අතර ඔහු ඔහුගේ අනියම් බිරිඳ සමඟ නිවසේ රැඳී සිටියේය. මෙම පැවති ආතතීන් ඉතාමත් ඉක්මනින්ම 261 AC වලදී Reyne-Tarbeck Revolt එකේදී පුපුරා ගියේය.

යුද්ධය අතරතුර Lord Hoster Tully විසින් Lord Baelish සමඟ දැන හඳුනා ගත් අතර ඔවුන් උරෙනුර ගැටී යුද්දයේදී ජයග්‍රහණය සදහා සටන් කළහ. Hoster Tully වෙනුවෙන් Lord Baelish සේවය කළ අතර පසුව එය ආපසු ගෙවනු ලැබුවේ Hoster Tully විසින් Lord Baelishගේ පුත් Petyrව Riverrunහි හදාවඩා ගැනීමට භාර ගැනීමට එකඟ වීමෙනි. 

Jon Arryn විසින් යුද්දය අතරතුරදී Winterfellහී Lord Rickard Stark සහ Storm's Endහි Lord Steffon Baratheon දැන හඳුනා ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසර කිහිපයකට පසු Jon Arryn විසින් ඔවුන්ගේ පුතුන් වන Eddard Stark සහ Robert Baratheonව Eyrieහි වෙත ගෙන්වා ගත්තේය.

Ser Barristan Selmy නිසා පිරිමි පෙළේ Blackfyre වරුන් පරාජයට පත් වූ අතර Blackfyre පරම්පරාවද එතනින් අවසන් විය. පසුව Ser Barristan Selmy සිහසුනේ ආරක්ශකයන් වන Kingsguard එකට තේරී පත් විය. ඒ වන විටත් විවාහ ගිවිසගෙන සිටියද ඔහු එයද අත හැර Kingsguardහී කැදවීම භාරගත්තේය.

Blackfyre Pretenders ගැන දැනගන්න - House Blackfyre, Blackfyre Pretenders, And Blackfyre Rebellions


Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames

209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන, Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න වගේම Whitewalls විවාහ මංගල්‍යය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)









Comments