Reyne -Tarbeck Rebellion: The Rise and Fall of Houses Reyne and Tarbeck


The Reyne -Tarbeck Revolt කියන්නෙ 261 AC වලදී Westerlands වල සිදු වූ නැගිටීමකි. Casterly Rockහී අධිපති Tytos Lannisterගේ දුර්වලතා හේතුවෙන් Houses Reyne සහ Tarbeck පක්ශපාතීත්වය අතහැර Lannister අධිපතීන්ට එරෙහිව නැගී සිටියහ. Tytos Lannisterගේ උරුමක්කාරයා වූ Ser Tywin Lannister විසින් කැරැල්ල මැඩපවත්වන ලදී.
Prologue
  • Marriage of Ellyn Reyne and Tywald Lannister & the Peake Uprising
Castamereහී අධිපතියා වූ Lord Robert Reyneගේ දියණිය වන Ellyn සහ Casterly Rockහී Lord Gerold Lannisterගේ උරුමක්කාරයා වූ Tywald Lannister අතර විවාහ ගිවිස ගැනීමක් ඇති විය. කෙසේ වෙතත් Ellyn විවාහ ගිවිසගත් Tywald Lannister සහ ඇගේ පියා යන දෙදෙනාම 233 ACදී ඇති වූ Peake Uprising එකේදී මරා දමන ලදී. ඉන් කෝපයට පත් Ellyn Casterly Rockහී ආර්‍යාව වීමේ ඇගේ සිහිනය අත්හැරීමට කැමති නොවීය. එය ඇය වසර ගණනාවක් තිස්සේ අපේක්ෂා කළ දෙයකි. Lord Geroldගේ දෙවන පුත් Tionට ඔහුගේ පැවති විවාහ ගිවිස ගැනීමේ ගිවිසුම බිඳ දමා Ellynව විවාහ කර ගැනීමට ඇය ඒත්තු ගැන්වීය. මෙවර ඇය සාර්ථක වූවාය. Ellyn සහ Tion 235 ACදී විවාහ වූ අතර Ellynගේ සිහිනය සැබැ වෙමින් ඇය Casterly Rockහී ආර්‍යාව බවට පත් විය. මන්ද Lord Geroldගේ බිරිද වූ  Rohanne Webber ඒ වන විටත් මිය ගොස් තිබුනි.
  • Ellyn and Tion Lannister: Union and Ambitions
Lord Gerold Lannister හා Rohanne Webber යන දෙදෙනාට දාව පුතුන් හතර දෙනෙකු සිටියහ. පළමු වැන්නා වූයේ උරුමක්කාරයා වූ Tywald Lannisterය. දෙවැන්නා වූයෙ Tion Lannister ය. තෙවැන්නා වූයේ Tywin Lannisterගේ පියා වූ Tytos Lannister ය. අවසානයා වූයේ Jason Lannister ය. මොවුන්ගෙන් Tywald Lannister දරුවන් හා විවාහයක් නොමැතිවම මිය ගිය අතර ඔහුගෙන් පසු උරුමක්කාරයා වූ Tion Lannisterද පසුව ඇති වූ සටනකදී දරුවන් නොමැතිවම මිය ගියේය. ඉන් පසු Lannister රජ පරම්පරාව Tytos Lannister ගේ පව්ල් රේඛාවෙන් ඉදිරියට ගියේය. Tytos Lannister හා ඔහුගේ බිරිද වූ Jeyne Marbrandට දාව පුතුන් හතර දෙනෙක් හා එක් දියණියක් සිටියාය. මෙමෙ දරුවන් අතරින් පළමු වැන්නා හා උරුමක්කාරයා වූයේ Tywin Lannister ය. අනෙක් දරුවන් හතර දෙනා පිළිවෙලින් Kevan Lannister, Genna Lannister, Tygett Lannister, Gerion Lannister විය. Tywin Lannister විවාහ වූයේ ඔහුගේ පියා වූ Tytos Lannisterගේ බාල සහෝදරයා වූ Jason Lannisterගේ දියණියක් වූ Joanna Lannister වය. මොවුන් දෙදෙනාට දාව Cersei Lannister, Jaime Lannister, Tyrion Lannister යන දරුවන් තිදෙනා පිළිවෙලින් උපත ලැබීය. මුල් දරුවන් දෙදෙනා නිවුන්නුය.
  • The Lannister Lineage and Heirs
Ellyn ඇගේ පවුල සහාය වීම සඳහා ඇගේ තනතුර භාවිතා කළාය. 236 AC දී Fourth Blackfyre Rebellion එකේදී Tion Lannister මිය ගිය විට ඇය වැන්දඹුවක් බවට පත් විය. Lord Gerold Lannister විසින් Casterly Rockහි වැඩි පාලන බලයක් භාරගෙන ඔහුගේ බාල පුත් Tytos Lannisterව ඔහුගේන් පසු අනාගත ස්වාමි පදවිය සඳහා සූදානම් කිරීමට පටන් ගැනීමත් සමඟ Ellynගේ බලය අඩු විය. Tionගේ මරණයෙන් ටික කලකට පසු Ellyn ගැබ්ගෙන සිටි බව මුලින් ප්‍රකාශ කළ නමුත් කාලය ගත වීමත් සමග ගැබ් ගැනීම බොරුවක් බව නිගමනය වූ බවට මතයක්ද පවති. මේ කාලයේදී Reynes වරුන්ගෙන් බොහෝ දෙනෙක් Casterly Rock අත හැර නැවතත් Castamere වෙත ගියහ. වැන්දඹු නීතිය නිසා Ellyn හට Casterly Rock වලම නැවතී සිටීමට සිදු විය. 239 AC දී Ellynගේ සිහිනය වූ රැජින බවට පත් වීමේ ආශාව ඉටු කර ගැනීමට නැවතත් උත්සහ දැරීය.එහි ප්‍රථිඵලයක් ලෙස Lord Geroldගේ නව උරුමක්කාරයා වූ Tytos යහන් ගත වීමට උත්සහ කළාය. Ellynගේ උත්සහ සාර්ථක කිරීමට නොහැකි වූ තරුණ Tytosව ඔහුගේ බිරිඳ වන Jeyne Marbrand ආර්‍යාවට සිදු වූ දේ පැවසීය. මේ බව දැනගත් Ellyn ඉක්මනින්ම Tarbeck Hallහී අධිපති Walderan Tarbeck සමඟ විවාහ විය. මෙලෙස වසර ගණනාවකට පෙර ආරම්භ වූ Ellyn සහ Jeyne අතර එදිරිවාදිකම් ඉදිරි වසර ගණනාවක් පුරා පැවතීය.
  • Fourth Blackfyre Rebellion and Ellyn’s Influence
244 ACදී Lord Geroldගේ මරණයත් සමඟ Tytos Casterly Rockහී අධිපතියා සහ Westerlandsහී පාලකයා බවට පත්විය. Tytos ආදරය ලැබීමට කැමති විය. එබැවින් ඔහු ඉක්මනින් මිනිසුන්ට සමාව දීමට කැමති විය. බොහෝ දෙනෙක් මෙය දුර්වලකමක් ලෙස සිතූහ. එබැවින් Tytosගේ ධජ දරන්නන් සහ Lannisport සහ Kayceහි වෙළෙන්දන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ණය නොගෙවා Tytosගේන් මුදල් ණයට ගත්හ. Ellynද තම සහෝදරයන් හරහා House Lannister වෙතින් මුදල් ණයට ගත් අතර එම මුදල් ගරාවැටෙන Tarbeck Hall එක ප්‍රතිසංස්කරණය කිරීමට භාවිතා කළාය. Lannister වරුන්ගේ බලය බලය අඩු වූ අතර Westerlands වලින් පිට සිටියවුන් පවා තව දුරටත් Lannister වරුන්ට බිය විය යුතු නැති බව තේරුම් ගැනීමට පටන් ගත්හ.
  • Tytos Lannister’s Rule and Power at Casterly Rock
260 ACදී Ninepenny Kings නම් යුද්ධයේදී සටන් කිරීමට Tytosගේ වැඩිමහල් පුතුන් තිදෙනා පිටත්ව ගියහ. Tytosගේ උරුමක්කාරයා වූ Tywin ඔහුගේ සහෝදරයන් වන Kevan සහ Tygett සමඟ Stepstones වෙතින් ආපසු පැමිණි විට තම පියා වූ Tytosගේ අකමැත්ත නොතකා House Lannisterහී බලය නැවත ස්ථාපිත කිරීමට Tywin භාර ගත්තේය. Tywin තම පියාගේ ණය ආපසු ගෙවන ලෙස ඉල්ලා සිටි අතර ගෙවීමට නොහැකි සියලු දෙනාටම Casterly Rock වෙත ප්‍රාණ ඇපකරුවන් ලබා දිය යුතු බව නියෝග කරන ලදී. 

Tywinට උපකාර කිරීම සඳහා Kevan මිනිසුන් පන්සියයක කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. Ellynගේ වැඩිමහල් සහෝදරයා වූ Lord Roger Reyne Tywinගේ නියෝගයන් පිලි නොගත්තේය. Tywinගේ ආඥා අවලංගු කිරීමට Tytosට ඒත්තු ගැන්වීමට Lord Walderan Tarbeck බලාපොරොත්තු වූ අතර ඒ සදහා ඔහු Casterly Rock වෙත ගියේය. එහිදී Walderanව Tywin විසින් සිරගත කරන ලදී. 

Lannisportහී Lannister වරුන් දෙදෙනෙක් සහ Stafford Lannisterගේ සහෝදරිය වගේම Tywin විවාහ ගිවසගෙන සිටි Joannaව Lord Walderan Tarbeckගේ බිරිදවූ Ellyn විසින් අල්ලාගෙන ඇගේ සැමියාව ආපසු නොඑවන්නේ නම් Lannister වරුන් තිදෙනාට හානි කරන බවට තර්ජනය කළේය. මෙම අවස්ථාවේදී අල්ලාගත් Lannister වරුන් තිදෙනාගෙන් එක් අයෙකුට එක් කෑල්ලක් වන ලෙස Walderan Tarbeckව කොටස් තුනකට කපා ඔහුගේ බිරිද වන Ellyn වෙතට යවන ලෙස Tywin යෝජනා කළද එය ප්‍රතික්ශේප කරමින් Tytos විසින් Walderan Tarbeckව නිරිපද්‍රිතව නැවත භාරදුන් අතර ණය සදහාද සමාව දෙන ලදි.

Tywin Lannister’s Revolt Against the Reynes and Tarbecks


Ser Tywin Lannister විසින් House Lannister හට පක්ෂපාතී නොවන පිරිස් පරාජය කිරීමට අදිටන් කරගෙන සිටියේය. සිරකරුවන් හුවමාරු කර ගැනීමෙන් වසරකටත් අඩු කාලයකට පසුව 261 AC වලදී Tywin Tarbeck Hall සහ Castamere වෙත කපුටන් යවා Casterly Rockහී ඔවුන්ගේ අපරාධ සදහා පිළිතුරු ඉල්ලා සිටියේය. Tywin අපේක්ෂා කළ පරිදිම Lord Roger සහ Ser Reynard Reyne මෙන්ම Lord Walderan සහ Lady Ellyn ආර්‍යාවද එකතු වී  කැරැල්ලක් අරඹා Casterly Rock කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතිත්වය අත්හැර දැමූහ. Lord Tytos Lannisterගේ අවසරයකින් තොරව Tywin විසින් සන්නද්ධ මිනිසුන් 3000 සහ දුනුවායන් සහ නයිට්වරු 500 සමඟ පක්ෂපාතිත්වය අත්හැර දැමූවන් හමු වීමට ගමන් කළේය. 

  • The fall of Tarbeck Hall
Lannister වරු ඉක්මනින්ම Tarbeck Hall වෙත ලගා වූ නිසා Walderan Tarbeck හට තම හමුදාවන් පෙළගස්වා ගැනීමට වෙලාවක් නොතිබුණි. එම නිසා Walderan තම ගෘහස්ථ නයිට්වරුන් සමඟ පමණක් සටනේදී Lannister වරුන් හමු විය. එහිදී කෙටි සටනක් ඇති වූ අතර සටන අවසානයේදී Tarbeck වරුන් ඝාතනය කරන ලදී. 

Semi-Canon මූලාශ්‍ර වලට අනුව Lord Walderanගේ උරුමක්කාරයා මෙන්ම ඔහුගේ පළමු විවාහයෙන් දිවි ගලවා ගත් එකම පුත්‍රයා සටන අතරතුර මිය ගිය අතර දෙවන විවාහයෙන් ඔහුගේ පුතුන් දෙදෙනෙකු මිය ගියේය. Walderan මුදවා ගැනීමට අපේක්ෂා කළද ඔවුන් සියල්ලන්වම මරා දමන ලදී. Walderan සහ ඔහුගේ පුතුන්ගේ හිස් හෙල්ල මත තබා පා ගමිනින් ප්‍රදර්ශනයේ ගෙන යන ලදී.

Tarbeck Hallහීදී Ellyn ආර්‍යාව දිගු වටලෑමක් අපේක්ෂා කළාය. ඇය කපුටන් Castamere වෙත යවා ඇගේ සහෝදරයන් වන Roger සහ Reynardගෙන් උදව් ඉල්ලා සිටියාය. Ser Kevan විසින් Ellynහට යටත් වන ලෙස ඉල්ලා සිටි විට ඇය ඔහුට සිනාසෙමින් මෙසේ පැවසුවාය



"You are not the only lions in the west, ser. My brothers are coming, and their claws are just as long and sharp as yours"

 "බටහිර සිංහයන් ඔබ නොවේ. මගේ සහෝදරයන් එනවා, ඔවුන්ගේ නියපොතු ඔබේ නියපොතු තරම්ම දිගු හා තියුණුයි"

කෙසේ වෙතත් Ser Tywin දිනකටත් අඩු කාලයකින් යුද කැටපෝල සූදානම් කළේය. මේවා භාවිතා කළේ Tarbeck Hallහී පිහිටි පැරණි බලකොටුවට ගල් වලින් විද එය බිමට සමතලා කිරීමටයි. මේ නිසා Ellyn සහ ඇගේ පුත්‍රයා Tion මාලිගාව ඇතුලත සිටයදීම ඔවුන්ගේ හිස් මතට මාලිගාව කඩා වැටුණි. අවසානයේ බලකොටුවේ ද්වාර විවර කල අතර Tywin මාලිගාවට ගිනි තැබීමට අණ කළේය. අවසානයේ Tarbeck Hallහී කිසිවක් ඉතිරි නොවන තෙක් දිවා රෑ ගිනි දැල්වුණි.

  • Roger Reyne’s March to Tarbeck Hall
වෙහෙසකර පා ගමනකින් පසු Castamereහී Lord Roger Reyne කඩිමුඩියේ රැස් කරගත් මිනිසුන් දෙදහසක් සමඟ පැමිණියේ Tarbeck Hall ගිනි ගන්නා ආකාරය නැරඹීමටය. මන්ද ඔවුන් එන විට සිදු විය යුතු සියළුම දේවල් සිදු වී අවසන් වී තිබුනි. ඒ පුදුමය තමාට වාසියක් ලබා දෙනු ඇතැයි Roger බලාපොරොත්තු වූ අතර ඔහු ප්‍රහාරය දියත් කළේය. Lannister හමුදාවන් මෙම අන්පේක්ශිත පහර දීමෙන් කම්පනයට පත් වූ අතර ඉන් මිදීමට වැඩි වෙලාවක් ගත නොවීය. Lannister හමුදාවන්හී ප්‍රහාරයන් හමුවේ පලා යාම හැර වෙනත් විකල්පයක් Roger දුටුවේ නැත. ඔහු Castamere වෙත ආපසු පලා යන විට ඔහුගේ මිනිසුන්ගෙන් අඩක් පමණ ඒ වන විටත් මිය ගොස් තිබුණි. පලා යන අතරතුර Roger දුනුවායෙකුගේ ප්‍රහාරයකින් තුවාල ලැබූ අතර ඔහුගේ මිනිසුන්ට ඔහුව Castamere වෙත ගෙන යාමට සිදු විය.
  • The fall of Castamere

Lord Roger උණෙන් පෙළෙමින් සහ තුවාල හේතුවෙන් දුර්වලව සිටියදී ඔහුගේ බාල සොහොයුරා වන Ser Reynard Reyne ඉතිරි Reyne හමුදාවන්හි අණදෙන්නා ලෙස පත් විය. Reynesවරු Castamereහි රැකවරණය ලබා ගත් අතර Reynard ඔහුගේ සියලුම ජනතාව මාලිගාවේ පතල් වෙත ගෙන ගියේය. 

Tarbeck Hall වෙත ගිනි තබා දින තුනකට පසු Ser Tywin Lannister හමුදාවත් සමග Castamere වෙත පැමිණි අතර  Lords Banefort, Plumm, Stackspear, Westerling හමුදා පැමිණීමත් සමඟ Reynardගේ හමුදාව දෙගුණ වී තිබුණි. Tywin හට පතල් තුළට යාමට නොහැකි වූ බැවින් තමාට වාසියක් ඇති බව Reynard විශ්වාස කළේය. ඔහුගේ සියලුම ජනතාව පතල් ඇතුළේ ආරක්ශිතව සිටින විට Reynard විසින් Tywinට යටත් වීම සඳහා කොන්දේසි යවමින් Tywinගේ සහෝදරයන් Castamereහි ප්‍රාණ ඇපකරුවන් ලෙස සේවය කිරීම සඳහා එවන්නේ නම් Reynard පක්ෂපාතීවය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

Tywin විසින් Reynardගේ නියමයන් නොසලකා හැර පතල් වල දොරටු මුද්‍රා තබන ලෙස තම මිනිසුන්ට නියෝග කළේය. සියලු පිවිසුම් මාර්ග ගල් සහ පස් වලින් අවහිර කර ඇතුළට හෝ පිටතට යාමට කිසිදු මාර්ගයක් ඉතිරි නොකළේය. පසුව Tywin විසින් තම මිනිසුන්ට Castamere පෝෂණය වන අසල ඇති ඇළ මාර්ගයක වේල්ලක් බැඳ එය ළඟම ඇති පතල් දොරටුවට හරවා යවන ලෙස නියෝග කළේය. ඈතම පිවිසුම්වල ස්ථානගත කර සිටි Lannister මිනිසුන් කියා සිටියේ ඔවුන්ට සිහින් කෑගැසීම් ඇසෙන බවයි නමුත් අලුයම වන විට නිශ්ශබ්දතාවය පමණක් රජ කරමින් තිබුණි. ඇතුළත සිටි පිරිමින් කාන්තාවන් සහ ළමයින්ගෙන් කිසිවෙකු නැවත කිසි දිනෙක පතල්වලින් පිටතට පැමිණියේ නැත. Tywinගේ අණ පරිදි මතුපිට ඇති මාලිගාවද ගිනිබත් විය.

Tywin Lannister’s Legacy and “The Rains of Castamere”

කැරැල්ල අවසන් වන විට කැරලිකාර නිවාස වන Reyne සහ Tarbeck සම්පූර්ණයෙන්ම විනාශ විය. Castamere සහ Tarbeck Hall නටඹුන් වූ සහ ගරාවැටුණු මාලිගා අද දක්වාම හිස්ව පවතින්නේ Rockහී බලයට අභියෝග කිරීමට එඩිතර වන අයට කරන තර්ජනයක් වශයෙනි. එමෙන්ම Castamereහී පතල්ද මුද්‍රා තබා ඇත.

කැරැල්ල සමඟ Tywin කටයුතු කළ ආකාරය සත් රාජධානි පුරාම පැතිරුන අතර Tywin කෙරෙහි ගෞරවයක් හා බියක් ඇති කිරීමට හේතු විය. Tywinගේ උපක්‍රමවල කෲරත්වය සමහරුන්ගේ දෝෂාරෝපණයට ලක් වුවද Westerlandsහී පෙර පැවති තත්වයට නැවතත් පත් කර ඇති බව සියලු දෙනා එකඟ වූහ.

 House Lannisterහී බලය යථා තත්ත්වයට පත් කිරීම සඳහා Tywinගේ ක්‍රියාපිළිවෙත "The Rains of Castamere" ගීතයේන් විදහා දක්වා ඇත.

Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs

Blackfyre Pretenders ගැන දැනගන්න - House Blackfyre, Blackfyre Pretenders, And Blackfyre Rebellions

Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames

209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන, Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න වගේම Whitewalls විවාහ මංගල්‍යය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)


Comments