The Rains of Castamere: The Fall of the Red Lions
"The Rains of Castamere" ගීතය Reyne-Tarbeck කැරැල්ල අතරතුර Tywin Lannister විසින් Castamereහී House Reyne විනාශ කර දැමීමේ සටන අරඹයා නිරමාණය වූ ගීතයකි. House Tarbeck ද එලෙසම විනාශ කරනු ලැබුවද එය ගීතයේ සෘජුවම සඳහන් නොවේ.
The Destruction of Castamere
The Rains of Castamere in Game of Thrones
"The Rains of Castamere" යනු A Song of Ice and Fire නවකතා වල සහ Game of Thrones රූපවාහිනී කතා මාලාවේ එන ගීතයකි. 2000 දී ප්‍රකාශයට පත් කරන ලද A Storm of Swords නවකතාවෙන් George R. R. Martin විසින් පද රචනය කරන ලද මෙම ගීතය හෙලි කරන ලදි. රූපවාහිනී කතා මාලා නිර්මාපකයින් වන David Benioff සහ D. B. Weissගේ ඉල්ලීම පරිදි 2011 දී Ramin Djawadi විසින් මෙම ගීතයේ Soundtrack නිර්මාණය කරන ලදී. මෙ Soundtrack එක කතා මාලාව පුරා කිහිප වතාවක්ම අසන්නට ලැබේ. මුලදී මෙම SoundTrack එකේ ගී පද ගායනයක් නොතිබුනි පසුව Serj Tankianහා Ramin Djawadi යන දෙදෙනා එක්ව Game of Thrones Season 8හී Soundtrack Albumය යටතේ "The Rains of Castamere" ගීතය පාදක කරගෙන පද ගායනයත් සමග සර්ව සම්පූර්ණ ගීතයක් 2019දී එළි දක්වන ලදි. එහි පද රචනය මුල් ගීතයට වඩා වෙනස් වන අතර 2011 නිර්මාණය කල Soundtrack එකම මේ සදහාත් යොදාගන්නා ලදී.
Main Article - Reyne -Tarbeck Rebellion
- The Siege of Tarbeck Hall
Casterly Rock හි උරුමකරු Ser Tywin Lannister, මිය යමින් තිබූ Lannister වරුන්ගේ බලය නැවත ගොඩ නැගීමට අදහස් කළේය. මෙම කාර්‍යය සිදු කිරීමේදී Lord Roger සහ Ser Reynard Reyne, Lord Walderan සහ Ellyn Tarbeck ආර්‍යාව Lannister වරුන්ට තිබූ පක්ශපාතීත්වය අත හැර දමා ඔවුන්ට විරුද්දව කැරැල්ලක් ඇරඹීය. මේ නිසා Tarbeck Hall සහ Castamere යන ප්‍රදේශ කැරැල්ලක මූරාම්භය බවට පත් විය. Tywin ඔහුගේ පියාගේ අවසරයකින් තොරව සන්නද්ධ මිනිසුන් තුන්දහසක් සහ දුනුවායන් සහ නයිට්වරු පන්සියයක් සමඟ කැරලිකරුවන්ට විරුද්දව සටන් කිරීමට Tarbeck Hall වෙත ගියේය. එහිදී Ellyn Tarbeck ආර්‍යාව මාලිගයේ දොරටු වසා දමාගෙන ඇගේ සහෝදරයන් වන Roger සහ Reynard Reyne හට උදව් ඉල්ලමින් Castamere වෙත කපුටන් පිටත් කර යැවීය. Tywin, Tarbeck Hall වෙත යුධ කැටපෝල මගින් විශාල ගල් වලින් පහර දුන්නෙය. මාලිගය ඇතුලත සිටි Ellyn Tarbeck හා ඇයගේ දරුවගේ හිස් මතට මාලිගය කඩාගෙන වැටුනේ කැට පෝලවල ප්‍රහාරයන්ගෙ භයානක කම විදහා දක්වමිනි. පසුව Tywin විසින් මාලිගාව ගිනි තැබීමට අණ කරන ලදි.
- The Fall of Castamere
Castamere හී Red Lion ලෙස හදුන්වන Lord Roger Reyne සහ ඔහුගේ හමුදාව පැමිණීමට ප්‍රමාද විය මේ නිසා මොවුන් පැමිණෙන විට Tarbeck Hall ගිනි ගනිමින් තිබුනි. Roger විසින් Lannister වරුන්ට විරුද්දව ප්‍රහාරයක් දියත් කළ නමුත් Lannister හමුදාවේ ශක්තියත් සමග ඔහුට සටන් කිරීමට නොහැකි විය. තුවාල ලැබූ Roger නැවතත් Castamere වෙත ආපසු පලා ගිය අතර එහිදී ඔහුගේ බාල සොහොයුරා වන Reynard තම ජනතාව මාලිගාව යට ඇති මහා පතල්වලට ගෙන ගියේය. Tywin හට ඒ ඇතුළට යාමට නොහැකි වනු ඇතැයි ඔහු විශ්වාස කළේය. ඔහුගේ සියලු ජනතාව ඇතුළත සිටින විට Reynard විසින් Tywinට යටත් වීම සඳහා කොන්දේසි ඉදිරිපත් කරමින් සිටියේය. Tywin විසින් Reynard කොන්දේසි නොසලකා හැරියේය. කොන්දේසි වලට එකග වීම වෙනුවට ඔහු පතල්වල පිවිසුම් මුද්‍රා තබන ලෙස තම මිනිසුන්ට නියෝග කළේය. සියලුම පිවිසුම් ගල්, පස් වලින් අවහිර කළෙය. ඉන් පසු Tywin තම මිනිසුන්ට ළඟම ඇති ඇළක බැම්මක් බැද එය ළඟම ඇති පතල් දොරටුවට වෙත හරවා යැවන ලෙස උපදෙස් දුන්නේය. ඒත් සමග ඇතුලත සිටි මිනිසුන් මිය ගියේය.
- The Rains of Castamere – The Song
පසුව ගායකයින් Tywinගේ ජයග්‍රහණය සහ Houses Reyne සහ Tarbeck විනාශ කිරීම සැමරීම සඳහා ගීතයක් නිරමාණය කළහ. පසුව මෙම ගීතය Lannister වරුන්ට ආවේණික වගේම වැදගත් ගීතය විය. ඔවුන් මෙය විවිද අවස්ථා කීපයකදිම බාවිතා කරන අතර Lannister වරුන්ගේ තත්වය විදහා දැක්වීමට වගේම ඔවුන්ට විරුද්ද වන්නන්ට අනතුරු ඇගවීමට වගේම බිය කිරීමටද යොදා ගත්තේය. මෙම ගීතය ඇසෙන විට එම ගීතයේ පුරාවෘත්තය ගැන දන්නා ඔනෑම කෙනෙකුටම බියක් දැනීම සාමන්‍ය විය. Houses Lannister සහ Houses Reyne හී සංකේත දෙකම සිංහයන් බව පද රචනයේ සඳහන් වේ. නමුත් Houses Lannisterහී සිංහ රුව රන්වන් පැහැය සහ Houses Reyneහී සංකේතය වන සිංහ රුව රතු පැහැයක්ද ගත් හ.
“Lord Tywin did not suffer disloyalty in his vassals. He had extinguished the proud Reynes of Castamere and the ancient Tarbecks of Tarbeck Hall root and branch when he was still half a boy. The singers had even made a rather gloomy song of it.”
thoughts of Tyrion Lannister
The Rains of Castamere Song
And who are you, the proud lord said,
that I must bow so low?
Only a cat of a different coat,
that's all the truth I know.
In a coat of gold or a coat of red,
a lion still has claws,
And mine are long and sharp, my lord,
as long and sharp as yours.
And so he spoke, and so he spoke,
that lord of Castamere,
But now the rains weep o'er his hall,
with no one there to hear.
Yes now the rains weep o’er his hall,
and not a soul to hear.
A Storm of Swords (Chapter 34: Arya VII)
පද රචනය කොටස් දෙකකට බෙදන්න එවිට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ව හා පද රචනයේ තේරුම පිළිබද අදහසක් ලබා ගැනීම පහසුය ඇත. අන්තිමට මේ ගීතය මම දාලා තියෙනවා අහන්න. අහන්නම නෙමේ මේ කතාවට අදාලව යන වීඩියෝ එකක් තියෙනවා ඒකත් බලන්න.
- පළවෙනි කොටස
"And who are you", the proud lord said,
that I must bow so low?
Only a cat of a different coat,
that’s all the truth I know.
In a coat of gold or a coat of red,
a lion still has claws,
And mine are long and sharp, my lord,
as long and sharp as yours.
මෙම ගීතයේ පළමු භාගය Castamere හී Red Lion ලෙස හදුන්වන Lord Roger Reyneගේ දෘෂ්ටිකෝණයෙන් රචිතය. එය රතු සිංහයාගේ අභිලාෂයත් රන් සිංහයාගේ ක්ෂ්‍ය වන බලය ගැනත් සදහන් ය. ගීතයෙන් නිවාස දෙකේ සංකේත ගැනද සදහන් වේ.
“And who are you, the proud lord said, that I must bow so low?”
මෙහිදී "You" යන්නෙන් Ser Tywin Lannister වත් "Proud Lord" යන්නෙන් Lord Roger Reyne වත් නිරූපණය වෙයි. මේ පද පෙළෙ තේරුම නම් Reyne වංශයේ අධිපති Lord Roger Reyne විසින් Tywin Lannisterගෙන් අහනවා “ඔයා කවුද? මම ඔයාට ඇයි හිස නමන්න ඕන?” කියලා. මෙතනින් Lord Roger Reyne විසින් Lannister හා Reyne වංශයට ඇති පක්ශපාතීත්වය ප්‍රතික්ශේප කිරීම නිරූපණය වෙනවා.
“Only a cat of a different coat, that's all the truth I know.”
Lord Roger Reyne කියනවා “වෙන පාටක සමක් තිබුණත් ඔයාලත් බළලෙක් විතරයි. මම දන්නෙ එච්චරයි” කියලා මේ පද පෙළේදී “Cat” යන්නෙන් Houses Lannister හා Houses Reyneහී ලාංඡනය වන සිංහයා (Lion) වත් “Different Coat” කියන එකෙන් ඒ සිංහයාගේ බාහිර වෙනස්කම ගැනත් නිරූපණය කරයි.
“In a coat of gold or a coat of red, a lion still has claws”
Lord Roger Reyne කියන්නෙ "ඔයා රත්තරං පාට සිංහයෙක් උනත්, මම රතු පාට සිංහයෙක් උනත් දෙන්නම සිංහයො. අපි දෙන්නටම නියපොතු තියනවා" කියලා. Tywinද සිංහයෙක් Rogerද සිංහයෙක්. Tywin Rogerට වඩා ශක්‍තිමත් නෑ Tywinට තියෙන ශක්තියම ඔහුටත් තියෙනවා කියන එක තමයි මේකෙන් Roger අදහස් කරන්නෙ. මෙකෙන් Reyne වංශය විසින් House Lannister ලාට අභියෝග කිරීම නිරූපණය කරනවා. මේ පද පෙළේදී “Gold” සහ “Red” යන්නෙන් නිවාසයන්හී සංකේතයන්ගේ වර්ණය ගැන නිරූපණය කරනවා වගේම “Claws” යන්නෙන් එම සංකේතය වන සිංහයාගේ නියපොතු නිරූපණය කරයි
“And mine are long and sharp, my lord, as long and sharp as yours.”
Reyne lord කියන්නේ “ඔයාට තියෙන දිග සහ මුවහත් නිය වගේම මටත් දිග සහ මුවහත් නිය තියෙනවා.” Rogerද Tywin වගේම බලවත් හා ශක්තිමත් කියන එක තමයි මෙතනදි අදහස් කරන්නෙ (සිංහයෙකුගේ නිය වල මුවහත ගැන තමයි මෙතන කියන්නෙ) " as long and sharp as yours" කියන පද වලින් Ellyn Tarbeck ආර්‍යාවගේ සහෝදරයන් සිංහයන් ලෙස විස්තර කරන "My brothers are coming, and their claws are just as long and sharp as yours" යන Ellyn Tarbeck ආර්‍යාවග වචන ගීතයේ "Proud Lord" ලෙස හදුන්වන Lord Roger Reyne හට ආරෝපණය කර නිරූපණය කර ඇත. මේ කොටසින් Lannisterලාට කරන සෘජු අභියෝගය නිරුපණය කරයි.
“You are not the only lions in the west, ser. My brothers are coming, and their claws are just as long and sharp as yours.”
Ellyn Reyne, to Kevan Lannister
- දෙවැනි කොටස
ගීතයේ දෙවන භාගයේදී Tywin Lannister අවසන් කළ කැරැල්ලේ ප්‍රතිවිපාක ගැන සදහන් කරයි. මෙම කොටස Tywin Lannister හෝ Lannister වංශයේ දෘෂ්ටිකෝණයෙන් රචිතය
And so he spoke, and so he spoke,
that lord of Castamere,
But now the rains weep o’er his hall,
with no one there to hear.
Yes now the rains weep o’er his hall,
and not a soul to hear.
“And so he spoke, and so he spoke, that lord of Castamere,”
මෙය Lannister වරුන්ගේ දෘෂ්ටිකෝණයෙන් රචිතය. මෙහිදී Lannister වරුන් පවසන්නේ "Castamere හී අධිපති බොහොම උඩගුවෙන් කතා කළා. Lannisterලාට අභියෝග කළා" යන්නයි. එය මෙම පද පේළේ අරුතයි. මෙහිදී “Lord of Castamere” යන්නෙන් Castamereහී අධිපති Lord Roger Reyneව නිරූපණය කරයි.
“But now the rains weep o’er his hall, with no one there to hear.”
Lannister වරුන් පවසන මේ පද පෙළේ අරුත නම්, "ඒත් දැන් Lord Roger Reyneගේ Castamereහී මාලිගාවේ ශාලාවට වැස්ස වැටෙනවා. නමුත් ඒ වැස්ස වැටෙන හඩ අහන්න කවුරුත් නැහැ" යනයි. මෙම පද පෙළෙන් Castamereහී බිද වැටීම නිරූපණය කරයි. “rains weep o’er his hall” යන්නෙන් ගිනිතබා විනාශ කල Castamereහී මාලිගාව නිරූපණය කරන අතර ගින්නෙන් මාලිගයේ වහල විනාශ වීම නිසා මාලිගාවෙ බිත්ති ඇතුලට වැසි ජලය වැටෙන බව අර්ථ දක්වයි. “no one there to hear.” යන්නෙන් Lannister වරුන් පතල් ඇතුලට ජලය පුරවා සිදු කළ සමූල ඝාතනය නිරූපණය කරන අතර. එම අවස්ථාවේදී පතල් ඇතුලත සිටි මිනිසුන් සියලු දෙනාම මිය යාම නිසා මාලිගාව ඇතුලට වැටෙන වැස්සෙ හඩ අහන්න කවුරුත් නැති බව අර්ථ දක්වයි.
“Yes now the rains weep o’er his hall, and not a soul to hear.”
"ඔව් මාලිගය ඇතුලත වැස්සෙන් තෙමෙනවා, ඒ හඩ අහන්න කිසිම ආත්මයක් නෑ" යන්න මෙම පද පෙළේ අරුතයි. මේයින් Reyne වංශයේ බිද වැටීම නිරූපණය කරයි. “not a soul to hear” යන්නෙන් Reyne වංශය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා වදවී යාම නිරූපණය කරන අතර Castamereහී වර්ථමාන තත්වය නිරූපණය කරයි. (Castamereහී කිසිවෙක් ජීවත් නොවන අතර විනාශ වී ගිය මාලිගයේ නටඹුන් Lannister වංශයට විරුද්දව යාමට බලාපොරොත්තු වන අයට වෙන දේ ගැන මතක් කර දීමට බාවිතා කරයි).
The Rains of Castamere in Game of Thrones
"The Rains of Castamere" යනු A Song of Ice and Fire නවකතා වල සහ Game of Thrones රූපවාහිනී කතා මාලාවේ එන ගීතයකි. 2000 දී ප්‍රකාශයට පත් කරන ලද A Storm of Swords නවකතාවෙන් George R. R. Martin විසින් පද රචනය කරන ලද මෙම ගීතය හෙලි කරන ලදි. රූපවාහිනී කතා මාලා නිර්මාපකයින් වන David Benioff සහ D. B. Weissගේ ඉල්ලීම පරිදි 2011 දී Ramin Djawadi විසින් මෙම ගීතයේ Soundtrack නිර්මාණය කරන ලදී. මෙ Soundtrack එක කතා මාලාව පුරා කිහිප වතාවක්ම අසන්නට ලැබේ. මුලදී මෙම SoundTrack එකේ ගී පද ගායනයක් නොතිබුනි පසුව Serj Tankianහා Ramin Djawadi යන දෙදෙනා එක්ව Game of Thrones Season 8හී Soundtrack Albumය යටතේ "The Rains of Castamere" ගීතය පාදක කරගෙන පද ගායනයත් සමග සර්ව සම්පූර්ණ ගීතයක් 2019දී එළි දක්වන ලදි. එහි පද රචනය මුල් ගීතයට වඩා වෙනස් වන අතර 2011 නිර්මාණය කල Soundtrack එකම මේ සදහාත් යොදාගන්නා ලදී.
- Lyrics
"And who are you?" The proud Lord said
"That I must bow so low"
Only a cat of a different coat
That's all the truth I know
In a coat of gold or a coat of red
A lion still has claws
Mine are long and sharp, my lord
As long and sharp as yours
And so he spoke, and so he spoke
That Lord of Castamere
But now the rains weep o'er his hall
And not a soul to hear
"And who are you?" The proud Lord said
"That I must bow so low"
Only a cat of a different coat
That's all the truth I know
And so he spoke, and so he spoke
That Lord of Castamere
But now the rains weep o'er his hall
And not a soul to hear
And so he spoke, and so he spoke
That Lord of Castamere
But now the rains weep o'er his hall
And not a soul to hear
(And so he spoke) and so he spoke
(That Lord of Castamere) Lord of Castamere
(But now the rains) weep o'er his hall
(And not a soul to hear)
And not a soul to hear
- Game of Thrones HBO Series
HBO රූපවාහිනී කතා මාලාවක් වන Game of Thrones හි "The Rains of Castamere" ගීතයේ පළමු සිදුවීම සීසන් 2හී පළමු කථාංගය වන "The North Remembers" හි එළි දැක්වේ. එහිදී Tyrion Lannister පළමු වරට Small Council එකට ඇතුළු වන විට ගීතය ගායනය කරමින් තමයි එන්නෙ.(විසිල් කර කර) ඉතිං මේක තමා මේ ගීතය සීරීස් එක තුල පෙන්වන පළමු අවස්ථාව. ඉන් පසු සීසන් 2හී නවවන කථාංගය වන "Blackwater"හීදී Bronn තම මිනිසුන් සමඟ Red Keepහී පිටත මත්පැන් පානය කරමින් මේ ගීතය ගායනා කරයි. මෙහිදී ගීතය වඩාත් සම්පූර්ණ ස්වරූපයෙන් ඉදිරිපත් කෙරනවා. ඒ කියන්නේ පද ගායනයද ඇතුලත්ව සම්පූර්ණ ගීතය සීරීස් එක තුලදී එලි දක්වන්නේ මේ 9වන කථාංගයෙයි. එම කථාංගයේම අවසාන Credits Scene වලද මෙම ගීතය ගායනා කරනු ලබයි ඒ ගායන ශිල්පී Matt Berninger විසිනි සංගීතය රචනා කර ඇත්තේ (තණු නිරමාණය) Ramin Djawadi විසින් වන අතර පද රචනය ජෝර්ජ් R. R. Martin විසිනි.
සීසන් 3හී දෙවන කථාංගය වන "Dark Wings, Dark Words" අතරතුර "Brotherhood Without Banners" නම් කණ්ඩායම Arya Stark සොයා ගන්නා විට Myr හි Thoros විසින් "The Rains of Castamere" ගීතය ගායනා කරමින් ගමන් කරයි. "Second Sons" නම් අටවන කථාංගයේ දී Cersei Lannister ගීතයේ ඉතිහාසය Margaery Tyrell වෙත විස්තර කරනවා. "The Rains of Castamere" නම් නවවන කථාංගයේ දී ගීතය Twins වලදී Red Wedding ආරම්භ කිරීමේදී ගායනා කරනු ලැබේ. ගොඩක්ම ප්‍රසිද්ද සිද්දියත් මේක තමයි.
සීසන් 4හී දෙවන කථාංගය වන "The Lion and the Rose" තුළදී මෙම ගීතය Joffrey I Baratheon රජුගේ විවාහ මංගල්‍යය අතරතුර ගායනා කරනු ලැබේ.
- A Storm of Swords
War of the Five Kings අතරතුර Lannister වංශයට පක්ශපාතී ධජදරන්නෙකු House Westerlingහී Jeyne Westerling උතුරේ රජු වූ Robb Stark සමඟ එක් වූ බව Tyrion Lannisterට ආරංචි විය. Tyrion මේ ගැන පුදුම වන අතර Tarbeck Hall සහ Castamereහි සුනුවිසුනු වූ නටබුන් වලින් හා ඒහා බැදුනු ගීතයේ පාඩමට Westerling වරු සවන් දී නැති බව සිතයි. නමුත් ඔහුගේ පියා වන Lord Tywin Lannister කියන්නෙ Westerling වරු ඉතාමත් හොදින් Castamereහී සිද්දිය දන්නා බවයි.
“The Crag is not so far from Tarbeck
Hall and Castamere,” Tyrion pointed out. “You’d think the Westerlings
might have ridden past and seen the lesson there.”
“Mayhaps they have,” Lord Tywin said. “They are well aware of
Castamere, I promise you.”
A Storm of Swords (Chapter 19: Tyrion III)
Ser Jaime Lannisterව Brave Companionsලා විසින් අල්ලා ගත් අවස්ථාවේ ඔහු Vargo Hoat සහ ඔහුගේ Sellsword හමුදාට කරන තර්ජනයක් ලෙස "The Rains of Castamere" ගීතය සංකේතයක් විදියට භාවිතා කරනවා. Jaime සෘජුවම ගීතය ගායනා කරනවා කියලා කියල නැතත් ඒ වෙනුවට GRRM විසින් ඔහුගේ බලය සහ තර්ජනය Readers ලට පෙන්වන්න මෙය සංකේතයක් භාවිතා කරලා තියෙනවා. මම කලිනුත් කිව්වන්නෙ මේ ගීතය Lannisterල විසින් ඔවුන්ට විරුද්ද වෙන අයව බය කරන්නත් යොදා ගත්තා කියලා.
“If only I hadn’t killed her.” He sighed. “And what of brave Lord Vargo?”
“Shall I sing you a verse of ‘The Rains of Castamere’? The goat won’t be quite so brave when my father gets hold of him.”
A Storm of Swords (Chapter 19: Tyrion III)
Battle at the Burning Septry නම් සටනින් පසු "Brotherhood Without Banners" නමින් හදුන්වන කණ්ඩායම කුණාටුව අතරතුර Septryහි බීර ගබඩාවේ නවාතැන් ගනී. මෙහිදී Sevenstreamsහී Tom විසින් "The Mother's Tears", "When Willum's Wife Was Wet", "Lord Harte Rode Out on a Rainy Day" ගීතයන් කීපයක් ගායනා කරන අතරතුර "The Rains of Castamere" ගීතයද ගායනා කරයි. මේ අවස්ථාවේදී තමයි GRRM විසින් "The Rains of Castamere" කියන ගීතය පාඨකයාට ඉදිරිපත් කරන්නෙ.
“It was raining when Lem returned to the brewhouse, muttering curses as water ran off his yellow cloak to puddle on the floor. Anguy and Jack-Be-Lucky sat by the door rolling dice, but no matter which game they played one-eyed Jack had no luck at all. Tom Sevenstrings replaced a string on his woodharp, and sang “The Mother’s Tears,” “When Willum’s Wife Was Wet,” “Lord Harte Rode Out on a Rainy Day,” and then “The Rains of Castamere.”
A Storm of Swords (Chapter 34: Arya VII)
මෙම අවස්ථාව සීරීස් එකේදිත් පෙන්වන නමුත් පොතෙයි සීරීස් එකෙයි කතාව වෙනස් වෙනවා.
- Brewhouse / storm scene – පොතේ Burning Septry එක විනාශ වෙලා "Brotherhood Without Banners" කියන කණ්ඩායම තාවකාලිකව Brewhouse එකේ තමයි ඉන්නෙ. එහිදී තමයි Tom Sevenstrings විසින් “The Rains of Castamere” ගිතයද ඇතුළුව ඇතුළු වැස්ස ගැන තවත් ගීත කීපයක් ගායනා කරන්නෙ.
- GOT Series එකේදී එහෙම Brewhouse, Storm / Shelter Scene වගේ ඒවා පෙන්වන්නේ නෑ. Tom Sevenstrings ගීත ගායනා කරන එක සහ Brewhouse Crowd Scene වගේ ඒවා පෙන්වන්නෙත් නෑ.
- පොතේදී Tom Sevenstrings ගීත ගායනා කරන්නේ Aryaත් එතන ඉන්නකොටමයි. නමුත් සීරීස් එකේදී Brotherhood ගමන් කරන අතර ගීතය ගායනා කරනවා. Arya, Brewhouse එක එකේ නෑ, Storm Background එකක් නැහැ. Tom විසින් ගීතය ගායනා කරන්නෙත් නෑ ඒ වෙනුවට Brotherhood එක තමයි සීරීස් එකේදී ගිතය ගායනා කරන්නෙ.
- පොතේ මේ සිදුවීම Timing / context අතින් ගත්තම Battle at the Burning Septry එකට සම්බන්දයි. (Arya සහ Outlaws අල්ලගන්න සිදුවීම් බේරගන්න සිදු වීම්) හැබැයි සීරීස් එකේදී මේ කිසි දේකට සම්බන්දයක් නෑ.
- The Red Wedding
Twins වලින් පිටත Arya Stark තම පවුල වෙත ළඟා වීමට අරගල කරන අතරතුර ගීතය වාදනය වන ආකාරය ඇය අසන අතර පිටත සොල්දාදුවන් සමූලඝාතනය කරන බව දකී. Red Wedding සහ Robb Stark මරණයත් සමඟ උතුරේ සහ Riverlands වල Iron Throne එකට හා Lannister වරුන්ට එරෙහිව තිබූ කැරලි අවසන් වේ. මේ සිද්දිය GOT Series එකේ මම ආසම Iconicම සීන් එකක් වගේම මේක ගොඩක්ම ප්‍රසිද්ධ සිද්දියක්. ඉතිං කවුරුවත් දැනන් හිටියද එතනදි වාදනය කරන ගීතයේ පසුබිම මොකක්ද කියලා. මම ඒ සීන් එකේ වීඩියෝ එක යට තියෙනවා ආයෙ බලන්නකො එහෙනම්. හොද අවදානයෙන් බලන්න Catelyn බය වෙන එක එහෙම හොදට පෙන්න තියෙනවා.
“No one sang the words, but Catelyn knew "The Rains of Castamere" when she heard it. Thoughts of Catelyn Stark”
A Storm of Swords (Chapter 51: Catelyn VII)
- The Purple Wedding
Joffrey I Baratheon රජුගේ සහ Margaery Tyrellගේ විවාහ මංගල්‍යයේදී Lord Tywin Lannister හට ගෞරව කිරීම සඳහා Hamish the Harper සහ Collio Quaynis යන දෙදෙනාම මෙම ගීතය ගායනා කරනවා. Olenna Tyrell හට නැවතත් මෙම ගීතය ඇසීමට අවශ්‍ය වන අතර එය ගායනා කරන මෙන් ඇය Eysenහී Alaricගෙන් ඉල්ලා සිටිනවා. මෙම ඉල්ලීම අවස්ථාවේ හැටියට උපහාසයක් ලෙස අදහස් දක්වයි.
“Queen Margaery appeared suddenly at Joffrey’s elbow. “My sweet king,” the Tyrell girl entreated, “come, return to your place, there’s another singer waiting.”
“Alaric of Eysen,” said Lady Olenna Tyrell, leaning on her cane and taking no more notice of the wine-soaked dwarf than her granddaughter had done. “I do so hope he plays us ‘The Rains of Castamere.’ It has been an hour, I’ve forgotten how it goes.”
A Storm of Swords (Chapter 60: Tyrion VIII)
- A Feast for Crows
Dorne වල Water Gardensහිදී පියා වන Oberyn Martellගේ මරණයෙන් කෝපයට පත් Obara Sand විසින් Tywin Lannister හට "The Rains of Castamere" ගීතය ගායනා කිරීමට සලස්වා ඔහුව මරා දැමීමට සැලසුම් කරයි.
“The prince gestured toward the pools. “Obara, look at the children, if it please you.”
“It does not please me. I’d get more pleasure from driving my spear into Lord Tywin’s belly.
I’ll make him sing ‘The Rains of Castamere’ as I pull his bowels out and look for gold.”
A Feast for Crows (Chapter 2: The Captain Of Guards)
Eyrieහී sky cell එකක (අහස් කුටියක) සිරකර සිටින විට Marillion විසින් ගායනා කරන ගීත Sansa අහගෙන ඉන්නවා. ඒ ගිත අතර "The Rains of Castamere" ගීතයද ඔහු ගායනා කලා.
“That night the dead man sang “The Day They Hanged Black Robin,” “The Mother’s Tears,”
and “The Rains of Castamere.” Then he stopped for a while, but just as Sansa began to drift off
he started to play again. He sang “Six Sorrows,” “Fallen Leaves,” and “Alysanne.” Such sad
songs, she thought.”
A Feast for Crows (Chapter 10: Sansa I)
Margaery සහ Tommen I Baratheon රජුගේ විවාහ මංගල්‍යයේදී Blue Bard විසින් "The Rains of Castamere" ගීතය ගායනා නොකිරීම ගැන Olenna Tyrell පසුතැවීමකින් තමයි හිටියෙ. මොකද දැං මේ ගීතය Olenna Tyrellට විහිළුවක් වෙලා තිබ්බෙ ඇය ඒක Lannisterලට විහිළු කරන්න ගන්න දෙයක් වගේ වෙලයි තිබුනේ. සීරීස් එකේ මේ කොටස පෙන්වනවා වගේ මහකයකුත් තියෙනවා හරියටම මතක නෑ.
“They listened to pipers and fiddlers, a lute and a flute, a high harp. The only singer was some favorite of Lady Margaery’s, a dashing young cock-a-whoop clad all in shades of azure who called himself the Blue Bard. He sang a few love songs and retired. “What a disappointment,” Lady Olenna complained loudly. “I was hoping for ‘The Rains of Castamere.’”
A Feast for Crows (Chapter 12: Cersei III)
Riverrun වටලෑමේදී Ser Jaime Lannister විසින් වටලලා හිර කරගෙන සිටින Lord Edmure Tully යටත් නොවුනොත් ඔහුට අත්වන ඉරණම මතක් කර දීමට Sevenstreamsහි Tomව යොදාගෙන "The Rains of Castamere" ගීතය වාදනය කිරීමට සලස්වයි.
“Edmure Tully finally found his voice. “I could climb out of this tub and kill you where you
stand, Kingslayer.”
“You could try.” Jaime waited. When Edmure made no move to rise, he said, “I’ll leave you to
enjoy your food. Singer, play for our guest whilst he eats. You know the song, I trust.”
“The one about the rain? Aye, my lord. I know it.”
Edmure seemed to see the man for the first time. “No. Not him. Get him away from me.”
“Why, it’s just a song,” said Jaime. “He cannot have that bad a voice.””
A Feast for Crows (Chapter 38: Jaime VI)
- A Dance with Dragons
Tyrion Volantis සිට Meereen දක්වා යන කාලයේදී Stinky Steward නම් නැවේදී Tyrion Lannister විසින් "Hands of Gold" ගීතය පෙනීට විස්තර කරමින් පවසන්නේ එය "The Rains of Castamere" සමඟ සැසඳිය නොහැකි නමුත් එහි සමහර කොටස් හොඳ බවයි.
Hands of gold are always cold, but a woman’s hands
are warm.
“It must have been a very bad song.”
“Not really. It was no ‘Rains of Castamere,’ mind you, but some parts were … well …”
“How did it go?”
He laughed. “No. You do not want to hear me sing.”
“My mother used to sing to us when we were children. My brother and me. She always said that
it didn’t matter what your voice was like so long as you loved the song.”
“Was she?”
A Dance with Dragons (Chapter 33: Tyrion VIII)
දැං ඉතින් තේරෙනවා ඇතිනෙ මේ ගිතය Lannisterලට කොච්චර වටිනවද කියලා. මේක හරියට බැලුවොත් Lannister ලගෙම සංකේතයක් බදු ගීතයක්. දැක්කනෙ Lannisterමේ ගීතය භාවිතා කරන හැටි. මනුස්සයෙක්ට තර්ජනය කරන්නත් මේක කියනවා බොන ගමන් ආතල් එකටත් කියනවා.. එහෙනම් මෙතනින් පෝස්ට් එක නිමයි. ඉවර වෙනකම් කියෙව්වට ස්තූතියි. දන්නැති දෙයක් දැනගත්තා කියල හිතනවා. කියවන්න කැප කරපු කාලය අපතේ නොයා වැදගත් දෙයක් ඔයාට දුන්නා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් වෙන පෝස්ට් එකකින් හම්බෙනකම් Good Luck......
Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs
Blackfyre Pretenders ගැන දැනගන්න - House Blackfyre, Blackfyre Pretenders, And Blackfyre Rebellions
Blackfyre Rebellions ගැන දැනගන්න - Blackfyre Rebellions
Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames
209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන, Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න වගේම Whitewalls විවාහ මංගල්‍යය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)




Comments
Post a Comment