From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames. ඒගොන්ගේ ආක්‍රමණයේ සිට රොබට්ගේ කැරැල්ල දක්වා
🐲 Conquest & Dragon Supremacy Era (0 AC – 131 AC)
Dragons alive → Dragons extinct
ඉතිං westeros දින දර්ශනයට අනුව අපි මේ කතා කරන්න යන සේරම දේවල් සිද්ද වෙන්නෙ Aegon Coronation එකෙන් පස්සෙ. ඒක හින්දා මේ කාලය AC කියලා තමයි හදුන්වන්නෙ. මුල් කාලයේදී Westeros වල Targaryen වරු වගේම කිසිම මනුස්සයෙක් හිටියෙ නෑ කියන එක අපි කවුරුත් දන්න කතාවක්නෙ.එතකොට මුල ඉදන් අවොත් Dawn Of Age කියන කාලයේ අරම්බයත් එක්ක Westeros වල හිටියා කියල කියන්නේ Children Of The Forestලා හා Giantse විතරයි (ඊට මතරව ස්ත්තු එහෙමත් හිටියා) ඊට පස්සෙ මේ Westeros වලට පිළිවෙලින් First Men, Andals, Rhoynar and Targaryens / Valyrians කියන මිනිස්සු Essos වල ඉදලා එනවා. Targaryens ලා එනකොට මේ Westeros කියන මහද්වීපය රාජධානි 07කට වෙන් වෙලා රාජධානි අතර නිතර ගැටුම් ඇති වෙමින් වගේම විවිධ ජන කොටස් විසින් තමයි පාලනය කරමින් තමයි තුබුනේ. ප්‍රථමයෙන්ම මේ රාජධානි 7න් 6ක් එක් රාජධානියක් යටතට අරගෙන මේ හිටපු රජ වරු ටික එක රජ කෙනෙක් යටතට ගන්නෙ Aegon the conqueror කියන අපි කවුරුත් දන්න සත් රාජධානියෙ පළවෙනි Targaryen රජු වන Aegon I Targaryen. රාජධානි 7න් 6ක් යටත් කරගත්තත් දකුණු කලාපයේ තිබෙන Dorn නම් කලාපය පමණක් මේ Aegon ට යටත් කරගන්න බැරි වෙනවා.
Aegon I Targaryen ගෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ හා ඔහුගෙ සහෝදරිය උන Rheneas Targaryen දාව උපදින පළවෙනි පුතා වෙච්ච Aenys I Targaryen. Aenys රජ වෙන්නෙ 37AC කියන කාලයෙදි උවත් ඔහුට දිගුකලක් රජ කිරිමට තරම් හැකියාවක් ලැබෙන්නැ ඔහු Aegon තරම් ශක්තිමත් පාලකයෙක් නොවුන හින්දම අවුරුදු පහක පමණ කාලයක් රju wiqiyata sitimin මිය යාමත් සමග රජ කම Aegon I Targaryen හා ඔහුගෙ අනෙක් සහොදරිය වන Visenya I Targaryen ට දාව උපදින පුතා වන Maegor I Targaryen රජු බවට පත් වෙනවා. Maegor ඉතාමත් දරුණු කෲර පාලකයෙක් උන නිසාම ඉතිහාසයෙ මොහුව හදුන්වන්නෙ Maegor the Cruel කියලා. Maegor 42AC - 48AC දක්වා රජ කරනවා.
Maegor the Cruel ගෙන් පසුව සත් රාජධානියේ තුන් වන රජු විදිහට Aenys I Targaryen හා Alyssa Velaryon පුතෙක් උන Jaehaerys I Targaryen හට හිමි වෙනවා Aegon I Targaryen ගෙන් පසුව දිගු කලක් රාජ්‍ය පාලනය කල රජතුමා වශයෙන් අපිට දකින්න ලැබෙන්නෙ මෙ Jaehaerys රජ තුමා මේ නිසාම ඔහුව Jaehaerys the Conciliator එහෙමත් නැත්නම් The Old King ලෙසද හදුන්වනවා ඔහු 48AC සිට 103AC දක්වා ඉතා දිගු කලක් රජ කම් කරනවා.HOTD Series එකේදි 101 AC Great Council එකේදි ඉන්නවා අපි දැකපු වයසක රජතුමා තමයි මේ. Great Council එක තිබ්බෙ මීලගට රජ වෙන්න ඔන කාටද කියන ප්‍රශ්නයට උත්තර හොයන්න කියලා සීරීස් එක බලපු අය දන්නවානේ.
මේ Council එකේ තීරණය මත Jaehaerys I Targaryen ගෙන් පසුව 103 AC සිට 129 AC කාලය දක්වා රජු විදියට Baelon Targaryen (Son Of Jaehaerys I) හා Alyssa Targaryen (මේ දෙන්නම සහෝදර සහෝදරයන්) ගෙ දරුවෙකු වන Viserys I Targaryen පත් වෙනවා.මොහු මිය යාමෙන් පස්සෙ Viserys I Targaryen හා Alicent Hightower ගෙයි වැඩිමල් පුතා උන Aegon II Targaryen හට රජකම ලැබෙනවා. මෙතනින් පස්සෙ වෙන දේවල් තමයි අපි HOTD එකෙන් බලන්නෙ ඒ කියන්නෙ මේ කාල සීමාවෙ දී Targaryen අතර සිදු උන බල අරගලය තමයි මකර නර්තනය (Dance of the Dragons) ඇති වෙන්න හේතුවක් වෙන්නෙ.
Event Order
HOTD එකේදි මකර නර්තනය ගැන හා ඒ කාලය ගැන දැනගන්න ලැබෙන හින්දා එතනින් ටිකක් ඉස්සරහට ගිහින් කතා කරමු අපේ අලුත්ම සීරිස් එක වෙන Knight of the Seven Kingdoms කතාව පටන් ගන්න කාලය වෙනකම්. HOTD Timeline එක ගැන වගේම Aegon Coronation එකේ ඉදලා මකර නර්තනය වෙනකම් අතර කාලයේ සිදු වීම් ගැනත් පෝස්ට් එකක් පස්සෙ අරං එන්නම් ඒ කාලෙ වෙච්ච ගොඩක් වැදගත් සිද්දි තියෙනවා මෙතන කතා කරන්න බැරි තරම්. ඉතිං කතාව පැත්තට යන්න කලින් අපිට දැනටමත් තියෙන සීරීස් වගේම දන්න සිද්දි ටිකක් දාලා පිලිවෙලට Timeline එකක් හදාගමු. Targaryen Family Tree එක පෝස්ට් එක අන්තිමටම තියෙනවා කියවන් යද්දි රජවරු ගැන ගැටළු එනකොට ඒක බලන්න.
Aegon Coronation (0 AC)
🠟
Dance of the Dragons
House of the Dragon (129 - 131 AC)
🠟
The marriage between Daeron II Targaryen and Myria Martell
(171 - 172 AC)
The subordination of all seven kingdoms to one crown.
🠟
1st Blackfyre Rebellion (196 AC - 197 AC)
🠟
78 years after the end of the Dance of the Dragons
90 years before Game of Thrones
🠟
2nd Blackfyre Rebellion (211 - 212 AC)
🠟
Aegon V / Egg Coronation (233 AC)
🠟
Tragedy of Summerhall / Aegon's Death (259 AC)
🠟
Aerys II / Mad King Coronation (262 AC)
🠟
Robert's Rebellion (282 AC)
🠟
Robert Baratheon Coronation (283 AC)
🠟
Game of Thrones season 01 (298 AC)
🠟
War of The Five Kings (GOT Season 2 - 4) (299 - 300 AC)
වැදගත් දෙයක් කියන්න ඔනා මේක කතාවට අදාල නෑ හැබයි වැදගත්. මේ කාලසීමාවන් Officially (Book) Confirmed නෑ. ඉතිං මේ Timeline දක්වලා තියෙන්නෙ Fans Based estimate එකකට අනුව.GRRM ගෙ Writing Style එකත් එක්ක එයා Timeline / Exact Years වලට ලොකු Attention එකක් දෙන්නෙ නෑ ඒ හින්ද පොත් වල එන චරිතවල වයස, කවද්ද රජ වෙන්නෙ, සටන්, මරණ, විවාහ වගේ දේවල් වලින් තොරතුරු අරගෙන Fans Timeline තක්සේරු කරනවා.ඉතිං මේ හින්දම GRRM ට පොත් ලියනකොට නම්‍යශීලී වෙන්න පුලුවන් මොකද Future Books / Prequels ලියනකොට ලේසියෙන්ම Timeline Adjust කරන්න පුලුවන්.ඉතිං GRRM ගෙ පොත් කියන්නෙ Event Oder එකක් වගෙ. Exact years නොව, Event Order එක තමයි මේ ඉතිහාසයේ හෘදයස්ථානය.
🐉 Post-Dragon Decline (131–184 AC)
Political instability + seeds of Blackfyre
Political instability + seeds of Blackfyre
- Aegon III Targaryen
Dance of the Dragon එකේදි Rhaenyra Targaryen සහ එතෙක් රජු වෙලා හිටපු Aegon II Targaryen මිය යනවා ඊට පස්සෙ Iron Throne ඉදගන්නෙ HOTD එකේදි Rhaenyra තාත්තට පෙන්වන්න ගෙනාපු Daemon Targaryen හා Rhaenyra Targaryen ගෙ ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් උන Aegon. මොහු Aegon III Targaryen නමින් රජ වෙනවා. මේ රජුගේ කාලය Westeros වලට මෙන්ම Targaryen ලටත් විශේශ කාලයක් උනා මොකද මේ රජුගේ කාලයේදී තමයි Targaryenලාගේ ජීවත්ව සිටි අවසාන මකරා මිය යන්නෙ.ඉතිං මේ Aegon III පාලන කාලයෙන් පසුව දිගු කාලයක් යනකම් මකරුන් දකින්න ලැබෙන්නෑ ඒ නිසා මේ Aegon III ව The Dragonbane කියලත් හදුන්වනවා.මේ අවසාන මකරාට නමක් නොමැති අතර Fansලා ඔහුව The Last Dragon කියල හදුන්වනවා. Aegon III කුඩාකල ඔහුගේ මව මකරුන් සමග සටනකදී මිය යනවා දකින නිසා මොහු මකරුන්ට බය උනා ඒ නිසාම Aegon III මකරුන් වදවීම ගැන තැකීමක් කරන්නෙ නෑ.(Dance of the Dragon එකේදි Aegon III අම්මා උන Rhaenyra මිය යනවා)
- Daeron I Targaryen
157 AC වලදී Aegon III ගේ මිය යාමත් එක්ක ඔහු හා Daenaera Velaryon හට දාව ඉපදුන ළමයින් අතරින් Daeron කුමරු Daeron I Targaryen සත් රාජධානියේ අටවන Targaryen රජු විදියට කිරුළු පළදිනවා.මොහුව තරුණ මකරා නොහොත් Young Dragon ලෙසද හදුන්වනවා.Daeron I 143AC වල උපත ලබන අතර මොහු රජ වන විට වයස අවුරුදු 14 ක් උනා. Joffrey Baratheon න්ට කලින් Iron Throne එකට හිමිකම් ලැබූ ලාබාලම හා තරුණම රජ තුමා වෙන්නෙත් මේ Daeron I ම තමයි ඔහු දෙවනි වෙන්නෙ Joffrey ට පමණයි. මේ රජතුමා කරන ලොකුම දේ තමයි Aegon I Targaryen හටත් යටත් කරගන්න බැරි උන Dorn කලාපයට නැවතත් මේ Targaryen යුද්දය අරගෙන යන එක.ඉතින් අවුරුදු සිය ගනනක් ගියත් යටත් කරගන්න බැරි උන මේ Dorn කියන රාජධානිය මේ Young Dragon සාර්ථක ලෙස යටත් කරගන්නවා වගේම මේ ප්‍රදේශයේ තිබුන Martel ඇතුළු ප්‍රභූ පව්ල්වල පක්ශපාතීත්වය රැකගන්න ඒ පව්ල්වල හිටපු අයව ප්‍රාණ ඇපකරුවන් විදියට Kingslanding වෙත අරෙගන යනවා.නමුත් ඒ ක්‍රියාව ප්‍රථිපල රහිත වෙන්න වැඩි කල් ගියෙ නැ මොකද Dorn කියන්නෙ යටත් වෙන්න අකමැති මිනිස්සු ඉන්න ප්‍රදේශයක් මොකද ඔවුන් පැවතගෙන එන්නෙ Martel වංශයෙන් මෙන්ම Rhoynar වරුන්ගෙද ලේ වලින්. මේ Dorn වල හිටපු අනිත් සාමාන්‍ය මිනිස්සු හා කැරළිකරුවන් Daeron I ගේ යටත් කර ගැනිමට විරුද්දව දිගටම කැරළී ගැසීම් කරගෙන යනවා. අවසානයේ මේ කැරළි මැඩපවත්වන්න Daeron I නැවතත් Dorn වලට යනවා මෙතනත් Daeron I හොදින් සටන කරගෙන ගියත් මේ Dorn වල සටන කරගෙන ගිය අය සාම ගිවිසුමකට එන්න කියලා කරන ආරාධනාව පිලිගෙන ඒ සදහා ගිය Daeron I ව මරලා දානවා.ඔහුත් එක්කම මේ සටන කරගෙන ගිය ඔහුගේම ඥාති සහෝදරයෙක් උන Dragon Knight යන නමින් හදුන්වන Aemon Targaryen මේ බොරු සාම ගිවුසුම නිසා කැරලිකරුවන්ගෙ සිරබාරයට ලක් වෙනවා. (Dragon Knight කියන්නෙ Aegon IIIගේ සහෝදරයා නැතිනම් Rhaenyraගේ හා Daemonගේ දෙවෙනි පුතා වන Viserys II Targaryen හා Larra Rogareට දාව ඉපදුන පුතෙක් (Daeron Iගෙ තාත්තගෙ මල්ලිගෙ දෙවෙනි පුතා)).
- Baelor I Targaryen
157 AC සිට 161 AC දක්වා රජ කල Daeron I මරණයෙන් පසු Aegon III දෙවන පුතා හා Daeron Iගේ බාල සහෝදරයා Baelor සත් රාජධානියේ නම වන රජු වශයෙන් Baelor I Targaryen නමින් 161 AC වලදි රජ වෙනවා.ඉතිං මෙයත් අපිට අමතක කරන්න බැරි රජ කෙනෙක්.මෙයාවම තමයි Baelor the Blessed කියලත් හදුන්වන්නෙ. GOT වලදි Cersei Lannister විසින් Wild Fire පාවිච්චි කරලා පුපුරවලා විනාස කරලා දාන Great Sept නැත්නම් The Sept of Baelor නමින් හදුන්වන සත් දෙවිදුන්ගෙ දෙවොල හදන්නෙ මේ Baelor I Targaryen කියන කෙනා. Baelor I තමන්ගෙ රජකමටත් වඩා මේ සත් දෙවිදුන්ට බැදුනු චරිතයක් විදියට ආගම වෙනුවෙන් කැප වෙලා හිටිය හින්දම විවාහයෙන් පිට ලිංගික හැසිරීම් පවත්වන එක මෙ ආගමට විරුද්ද දෙයක් හින්දා Baelor I විසින් Red Keep ඇතුලත Maidenvault නම් කුටියක් (එක්ටැම් ගෙයක්) ඉදිකරලා ඔහුගේ සහෝදරියන්ව එහි හිර කරනවා. මේ නිසාම පස්සෙ කාලෙක Baelor I ගෙ සහෝදරියක් හා හිටපු බිරිද උන Daena Targaryen මේ කුටියෙන් පැන ගොස් Dragon Knight නැති නම් Aemon Targaryenගෙ සහොදරයෙක් උන Aegon IV Targaryen සමග එකතු වෙලා Daemon Waters නමින් අවජාතක පුතෙක් බිහි කරනවා පසු කාලිනව මේක First Blackfyre Rebellion එක ඇති වෙන්න හෙතුවක් වෙනවා.Daemon Waters පසුකාලීනව Daemon Blackfyre නමින් හදුන්වනවා. Aegon සම්බන්ධ වී ඇති බවට දැනටමත් සැක කළද, Daena තම දරුවාගේ පියාගේ අනන්‍යතාවය හෙළි කිරීම ප්‍රතික්ෂේප කළාය. Daemonගේ උපතට ප්‍රතිචාර වශයෙන් Baelor රජු දින හතළිහක උපවාසයක් ආරම්භ කළ අතර, එය අවසානයේ 171AC දී ඔහුගේ මරණයට හේතු විය.
GOT බලපු අය දන්න දෙයක් තමයි මේ සත් දෙවිදුන්ගෙ ආගමේදි සහොදර සහොදරියන් අතර වන විවාහ වැරැද්දක් පිලිකුළක් විදියට දකින එක ඉතිං Baelor I ද විවාහ වෙලා හිටියෙ ඔහුගෙම සහොදරිය වන Daena Targaryen එක්ක වගේම ඔහු මේ සත් දෙවිදුන්ගෙ ආගමට කොච්චර කැප උනාද කියනවනම් ඔහු විවාහ වෙලා හිටිය ඔහුගෙ සහොදරිය පවා අත අරිනවා.මෙයාම තමයි පස්සෙ පැනලා ගිහින් අවජාතකයෙක් හදන්නෙ. Daeron I විසින් Dorn වලට කරපු දේට සමාව ඉල්ලන්න Baelor I පයින්ම ඩෝන් වලට යනවා වගේම ආයෙ එද්දි ඩෝන් වල හිර කරගෙන හිටපු Aemon Targaryen (Dragon Knight) වත් නිදහස් කරගෙන එනවා මේකත් Baelor I විසින් කරපු තවත් වැදගත් වැඩක්.
- Viserys II Targaryen
171AC වලදි Baelor I Targaryen තමන්ගෙ අනුප්‍රාප්තිකයෙක් නැතුව ඒ කියන්නෙ කිසිම දරුවෙක් නොමැතිව මිය යනවා මේ නිසා මෙතනින් පසුව Aegon III Targaryen ගෙන් පැවතගෙන ආපු රජ පෙලපත අවසන් වෙලා නැවතත් Aegon III Targaryen ගෙ සහෝදරයා Viserys II Targaryen නමින් රජ වෙනවත් සමගම නව රජ පෙලපතක් ආරම්භ වෙනවා. නමුත් වසරක් පමණ රජකම් කිරීමෙන් පසු, Viserys II Targaryen 172AC වලදී වයස අවුරුදු 49 හෝ 50 දී හදිසියේ මිය යනවා. ඔහුගේ මරණයට හේතුව හදිසි අසනීපයක් බව පැවසුවද, ඔහුගේ වැඩිමහල් පුත් Aegon IV Targaryen විසින් ඔහුට වස දී මරා දමන ලද බවට ජනප්‍රිය නමුත් තහවුරු නොකළ කටකතාවකුත් තියෙනවා.Viserys II Targaryen අවුරුද්දක වැනි කෙටි කලයක් රජ වෙලා හිටියත් Aegon III & Baelor I Targaryen කියන රජවරු දෙන්නම යටතේ Hand Of The King කියන තනතුර දරමින් රාජධානියට සෙවය කරා.
ඔන්න ඉතින් දැන් තමයි Knight of the Seven Kingdoms සීරීස් එකට අදාල Timeline එක ආසන්නයට ආවෙ.ඉතින් මෙතන ඉදන් ටිකක් විස්තරව කතා කරමු.මොකද අපේ මේ සීරීස් එකේ කාලයට අදාලවන වන සිදුවීම් හා ඇතැම් චරිත මෙතන ඉදන් එන්න පටන් ගන්නවා වගේම මේ කාලෙදි වෙච්ච ඇතැම් සිද්දින් වල ප්‍රථිපල අපිට Knight of the Seven Kingdoms සීරීස් එකෙන් දැන් හෝ පස්සෙ එන සීසන්වලට සම්බන්ද වෙන හින්දා.
ඔන්න ඉතින් දැන් තමයි Knight of the Seven Kingdoms සීරීස් එකට අදාල Timeline එක ආසන්නයට ආවෙ.ඉතින් මෙතන ඉදන් ටිකක් විස්තරව කතා කරමු.මොකද අපේ මේ සීරීස් එකේ කාලයට අදාලවන වන සිදුවීම් හා ඇතැම් චරිත මෙතන ඉදන් එන්න පටන් ගන්නවා වගේම මේ කාලෙදි වෙච්ච ඇතැම් සිද්දින් වල ප්‍රථිපල අපිට Knight of the Seven Kingdoms සීරීස් එකෙන් දැන් හෝ පස්සෙ එන සීසන්වලට සම්බන්ද වෙන හින්දා.
- Aegon IV Targaryen
Aegon IV ගෙ දරුවන් ගත්තම රජ කමට සුදුසු දරුවන් දෙදෙනෙක් ඉන්නවා එතනින් ප්‍රමුකම එක්කෙන තමයි Aegon IV හා Naerysට දාව උපදින Daeron Targaryen (Egg ගේ සීයා) අනිත් දරුවා තමයි Daena Targaryen සමග හදන අවජාතක දරුවා වන Daemon Waters. මෙතනදි හරිම විදියට රජ කම ලැබෙන්න ඔන Daeron Targaryenට උනත් Dragon Knight හා Naerys ගෙ මිය යාමත් සමග Aegon IV ඔහුගේ නීත්‍යානුකූල දරුවාට වෙනස් කම් කරන්න පටන් ගෙන Daemon Watersට ලෙන්ගතු වෙන්න පටන් ගන්නවා ඒකට හේතුවත් අර උඩ කියපු ලව් හුට පටේම තමයි. අවජාතක දරුවා ට මේ Aegon IV කොච්චර ලෙන්ගතුද කියනවනම් Aegon the conqueror විසින් පාවිච්චි කරපු වගේම Targaryen Dynesty එකේ සංකේතයක් නැත්නම් රජකමේ සංකේතයක් ලෙස හදුන්වන Blackfyre නම් Valyrian Sword එක Aegon IV ලබා දෙන්නෙ මේ Daemon Watersට.
මීට කලින් මම කිව්වනෙ මේ Waters ගේ සිද්දිය හින්දා First Blackfyre Rebellion එකක් ඇති වෙනවා කියලා. ඉතිං මේ කියන කැරැල්ල ආරම්භ වෙන්නෙ Aegon IV මිය යන්න කලින් ඔහුට රාජධානිය පුරා හිටපු අවජාතක දරුවන්ව Legitimize නැත්නම් රාජධානිය තුල මේ දරුවන්ව නීත්‍යානුකූල කරලා දානවා.මේ Legitimize කිරීමත් එක්ක Waters හටද රජකම ලබා ගන්න නීත්‍යානුකූල හැකියාවක් ලැබීමත් එක්ක Daemon Waters ඔහුගේ නම Daemon Blackfyre ලෙස වෙනස් කරගනිමින් Targaryen පරම්පරාවෙන් වෙන් වෙලා Blackfyre නමින් අලුත් Valyrian පරම්පරාවක් පටන් ගන්නවා.
⚔️ Blackfyre Conflict Era (184 AC – 233 AC)
Civil War within the Bloodline
- Daeron II Targaryen
මේ Legitimize එකෙන් ටික කාලයකට පස්සෙ Aegon IV 184AC වල මිය යාමත් එක්ක රජකම නීත්‍යානුකූලව Daeron Targaryen හට හිමි වුනත්.රජ කම ඔහුගෙන් ලබා ගැනිම සදහා First Blackfyre Rebellion එක ආරම්භ වෙනවා.මෙතනදි රජ කමට තරග වැදීම සදහා Legitimize කරපු අවජාතක දරුවන් අතරින් බලවත්ම කෙනා වෙන Daemon Blackfyre ත් Aegon IV නීත්‍යානුකූල දරුවා මෙන්ම නීත්‍යානුකූලව රජ වීමට අයිතිය ඇති Daeron Targaryen අයත් වෙනවා. 184AC වලදී Aegon IVගේ මිය යාමත් සමග Daeron Targaryen රජු බවට පත් වෙනවා ඔහු පත් වෙලා අවුරුදු 12කටත් පස්සෙ තමයි කැරැල්ල පටන් ගන්නෙ.
1st Blackfyre Rebellion
First Blackfyre Rebellion ගැන ටිකක් කිව්වොත් මේක ආරම්භ කරන්නෙ Daemon Blackfyre. Aegon IV පස්සෙ Throne එක ලැබෙන්න ඔන ඔහුට කියලා හිතල 196AC පමණ කාලයේදී කැරැල්ල පටන් ගන්නවා. Blackfyre වරුන් Throne එකට හිමි කම් කියන්න හේතු වෙන්නෙ අවජාතක දරුවන් legitimize කිරීම, Blackfyre නම් Valyrian Sword එක හිමි වීම, මේ කඩුව හිමි වීම නිසා මිනිස්සුත් හිතන්නෙ ඇත්තටම රජු මොහු කියල. තව හේතුවක් නම්, නිත්‍යානුකූල රජ කම හිමි Daeron Targaryen රජු වීමට පෙර සිටම Myriah Martell සමග විවාහ වීම (ටාගේරියන් වරු මාටෙල් එක්ක විරසකයි) කියන හේතු. ඉතිං අවසානයේ මේ First Blackfyre Rebellion එකෙන් Blackfyre ලා පරාජය වෙනවා Battle of the Redgrass Field එකේදී Daemon Blackfyreව මරා දමනවා. ඉතුරු උන අනෙකුත් Blackfyre වංශයේ අයව Essos වලට පිටුවහල් කරනවා.මේ විදියට ඇති වුන Blackfyre Rebellion පහෙන් First Blackfyre Rebellion එක අවසන් වෙනවා. Daeron Targaryen කියන්නෙ රණශූරයෙක් නෙමේ හැබැයි එයාගෙ පුතුන් දෙන්නෙක් උන Baelor සහ Maekar කියන්නෙ හොද සටන්කාමීන් දෙන්නෙක්. පළමු Blackfyre කැරැල්ල මෙහෙයවපු නායකයො දෙන්නෙක් වගේම අවසන් සටනන ජය ගෙන කැරැල්ල ඉවරයක් කරන්න හේතුවක් උන දෙන්නෙක් තමයි ඒ.
First Blackfyre Rebellion ගැන ටිකක් කිව්වොත් මේක ආරම්භ කරන්නෙ Daemon Blackfyre. Aegon IV පස්සෙ Throne එක ලැබෙන්න ඔන ඔහුට කියලා හිතල 196AC පමණ කාලයේදී කැරැල්ල පටන් ගන්නවා. Blackfyre වරුන් Throne එකට හිමි කම් කියන්න හේතු වෙන්නෙ අවජාතක දරුවන් legitimize කිරීම, Blackfyre නම් Valyrian Sword එක හිමි වීම, මේ කඩුව හිමි වීම නිසා මිනිස්සුත් හිතන්නෙ ඇත්තටම රජු මොහු කියල. තව හේතුවක් නම්, නිත්‍යානුකූල රජ කම හිමි Daeron Targaryen රජු වීමට පෙර සිටම Myriah Martell සමග විවාහ වීම (ටාගේරියන් වරු මාටෙල් එක්ක විරසකයි) කියන හේතු. ඉතිං අවසානයේ මේ First Blackfyre Rebellion එකෙන් Blackfyre ලා පරාජය වෙනවා Battle of the Redgrass Field එකේදී Daemon Blackfyreව මරා දමනවා. ඉතුරු උන අනෙකුත් Blackfyre වංශයේ අයව Essos වලට පිටුවහල් කරනවා.මේ විදියට ඇති වුන Blackfyre Rebellion පහෙන් First Blackfyre Rebellion එක අවසන් වෙනවා. Daeron Targaryen කියන්නෙ රණශූරයෙක් නෙමේ හැබැයි එයාගෙ පුතුන් දෙන්නෙක් උන Baelor සහ Maekar කියන්නෙ හොද සටන්කාමීන් දෙන්නෙක්. පළමු Blackfyre කැරැල්ල මෙහෙයවපු නායකයො දෙන්නෙක් වගේම අවසන් සටනන ජය ගෙන කැරැල්ල ඉවරයක් කරන්න හේතුවක් උන දෙන්නෙක් තමයි ඒ.
The subordination of all seven kingdoms to one crown
Rebellion එකේ අවසානයත් එක්ක Knight of the Seven Kingdoms එකේ Egg නමින් හදුන්වන Aegon සීයා වන Aegon IVගෙ පුත් Daeron Targaryen සත් රාජධානියේ 12වන රජු වශයෙන් ස්ථීරවම පත් වෙනවා. The Good King කියන්නෙත් මොහුටම තමයි. Aegon IV මිය යනවත් එක්කම මොහු රජ වුනත් Rebellion අවසානයත් එක්ක මොහු ස්ථීරවම රජු බවට පත් වෙනව.උඩදී කිව්වනේ මේ Daeron II Myriah Martell සමග විවාහ වෙනවා කියලා.ඉතිං මේක ඉතිහාසයට වැදගත් සංදිස්ථානයක් මොකද නයයි මුගටියයි වගේ ඉන්න වංශ දෙකක් අතර ප්‍රථම වතාවට විවාහයක් විදිහට සිද්ද වෙන්නෙ මේක.මේ විවාහය තීන්දු කරන්නෙ Baelor I Targaryen ඔහු Dorn වලට පයින් ගිය අවස්තාවේ ගත්තු තීරණයක් නැත්නම් Martellලා එක්ක ගහපු ගිවිසුමක් තමයි Daeron II මාටෙල් කුමරියක් විවාහ කරලා දෙන එක.මේ විවාහය සිද්ද වෙන්නෙ (170 - 172 AC) කියන කාලයේ ඒ කියන්නෙ Aegon IV "The Unworthy" ගේ පාලන කාලයේදී.
මේ විවාහයට අමතරව Daeron IIගේ සැලසුමකට අනුව Dorn එක්ක තවත් විවාහයක් සිද්ද වෙනවා ඒ තමයි Daeron IIගෙ සහෝදරියක් උන Daenerys Targaryen (daughter of Aegon IV) ව මේ වෙනකොට Dorn පාලනය කරපු Myriah Martellගෙ සහෝදරයා වන Maron Martell සමග 187 AC වලදී සිදු උන විවාහය.ඉතිං මේ විවාහයත් Targaryen ඉතිහාසයට ඉතාමත් වැදගත් එකක් මොකද Aegon I Targaryen හා Daeron I Targaryen ඇතුලත්ව මෙතෙක් හිටපු කිසිම කෙනෙක්ට යටත් කරගන්න බැරි උන Dorn කියන රාජධානිය මේ විවාහයත් එක්ක Iron Throne එකට පක්ශපාතීත්වය දක්වලා යටත් වනවත් එක්කම සත්‍ය වශයෙන්ම මුලු සත් රාජධානියම එක ඔටුන්නක් යටතේ Daeron IIගේ කාලයේදී එක් වෙනවා.මේ දේවල් Knight of the Seven Kingdoms සීරීස් එකෙන් බලන්න නොලැබුනත් එහෙන් මෙහෙන් තොරතුරු ටිකක් දෙන්න බැරි නෑ මේ වගේ දේවල් ගැන.
171 AC වලදි Daeron II හා Myriah Martellට දාව පුතෙක් ලැබෙනවා.මේ දරුවගේ නමත් Baelor Targaryenම තමයි. Baelor Breakspear කියලා හදුන්වන්නෙත් මෙයාවම තමයි.Knight of the Seven Kingdoms සීරීස් එක පැත්තෙන් බැලුවම මේ ඉන්නෙ Egg කියන පොඩි කොල්ලගෙ තාත්තගෙ අයියා.සීසන් 1 එකේ 2වෙනි එපියෙදි අපිට දකින්න ලැබෙනවා Hand of the King විදියට Prince of Dragonstone වෙන්නෙත් මෙයාම තමයි ඒ කියන්නෙ තාත්තගෙන් පස්සෙ රජ වෙන්න ඉන්නෙ මෙයා.එතකොට මේ කාලෙදි තාමත් රජ වෙලා ඉන්නෙ Daeron IIම තමයි.Baelor Breakspear ව 1නි එපියෙදි පෙන්නපු වෙලාවෙ හරියට බැලුවනම් දකින්න ඇති ඔහුගෙ කොන්ඩෙ කලු පාටයි හැබැයි අපි හැමෝම දන්න දෙයක් තමා Targaryen ලාගෙ කොන්ඩෙ සුදු රන් වන් පාටකට හුරුයි කියල ඉතිං මොහුගේ කොන්ඩෙ කලු වෙන්න හෙතුව තමයි Baelor Breakspear ගෙ අම්මා Martell කෙනෙක් වීම.
Baelor Breakspear ට අමතරව Daeron II හා Myriah Martellට තවත් පුතුන් තුන් දෙනෙක් ඉන්නවා Aerys I Targaryen, Rhaegel Targaryen, Maekar I Targaryen (Egg ගෙ තාත්ත).මෙතනින් Baelor Breakspear, Maekar සහ ඔවුන්ගෙ පියා Daeron II එකතු වෙලා තමයි First Blackfyre Rebellion එක අවසන් කරන්නෙ.
209AC වලදී Baelor Breakspear නැත්නම් මිලගට රජු වීමට සිටි පුද්ගලයා Tourney at Ashford Meadow හීදී Duncan the Tall සම්බන්ධ Trial of seven නමින් හදුන්වන නඩු විභාගයකදී අහම්බෙන් ඔහුගේ සහෝදරයා උන Maekar අතින් මිය යනවා. ඉන් පසු ඇති වු Great Spring Sickness නැත්නම් මහා වසන්ත අසනීපය කියලා හදුන්වන වසංගතය නිසා Baelor Breakspear ගෙන් පසු ඔටුන්න ලැබීමට සිටී Baelor Breakspear හා Jena Dondarrionට දාව ඉපදුන පුතා Valarr සහ Matarys Targaryen මිය යනවා මේ නිසා Baelorගෙන් ඉදිරියට යාමට තිබ්බ රජ පරම්පරාව නවතිනවා. Great Spring Sickness නිසා Daeron II Targaryenද මිය යනවා. 209AC - 212AC Dunk & Eggගේ කතාව හා ඒ කාලයේ සිදු උන දේවල් දැනගන්න මේ පෝස්ට් එක කියවන්න. A Tale That Became Legend
Rebellion එකේ අවසානයත් එක්ක Knight of the Seven Kingdoms එකේ Egg නමින් හදුන්වන Aegon සීයා වන Aegon IVගෙ පුත් Daeron Targaryen සත් රාජධානියේ 12වන රජු වශයෙන් ස්ථීරවම පත් වෙනවා. The Good King කියන්නෙත් මොහුටම තමයි. Aegon IV මිය යනවත් එක්කම මොහු රජ වුනත් Rebellion අවසානයත් එක්ක මොහු ස්ථීරවම රජු බවට පත් වෙනව.උඩදී කිව්වනේ මේ Daeron II Myriah Martell සමග විවාහ වෙනවා කියලා.ඉතිං මේක ඉතිහාසයට වැදගත් සංදිස්ථානයක් මොකද නයයි මුගටියයි වගේ ඉන්න වංශ දෙකක් අතර ප්‍රථම වතාවට විවාහයක් විදිහට සිද්ද වෙන්නෙ මේක.මේ විවාහය තීන්දු කරන්නෙ Baelor I Targaryen ඔහු Dorn වලට පයින් ගිය අවස්තාවේ ගත්තු තීරණයක් නැත්නම් Martellලා එක්ක ගහපු ගිවිසුමක් තමයි Daeron II මාටෙල් කුමරියක් විවාහ කරලා දෙන එක.මේ විවාහය සිද්ද වෙන්නෙ (170 - 172 AC) කියන කාලයේ ඒ කියන්නෙ Aegon IV "The Unworthy" ගේ පාලන කාලයේදී.
මේ විවාහයට අමතරව Daeron IIගේ සැලසුමකට අනුව Dorn එක්ක තවත් විවාහයක් සිද්ද වෙනවා ඒ තමයි Daeron IIගෙ සහෝදරියක් උන Daenerys Targaryen (daughter of Aegon IV) ව මේ වෙනකොට Dorn පාලනය කරපු Myriah Martellගෙ සහෝදරයා වන Maron Martell සමග 187 AC වලදී සිදු උන විවාහය.ඉතිං මේ විවාහයත් Targaryen ඉතිහාසයට ඉතාමත් වැදගත් එකක් මොකද Aegon I Targaryen හා Daeron I Targaryen ඇතුලත්ව මෙතෙක් හිටපු කිසිම කෙනෙක්ට යටත් කරගන්න බැරි උන Dorn කියන රාජධානිය මේ විවාහයත් එක්ක Iron Throne එකට පක්ශපාතීත්වය දක්වලා යටත් වනවත් එක්කම සත්‍ය වශයෙන්ම මුලු සත් රාජධානියම එක ඔටුන්නක් යටතේ Daeron IIගේ කාලයේදී එක් වෙනවා.මේ දේවල් Knight of the Seven Kingdoms සීරීස් එකෙන් බලන්න නොලැබුනත් එහෙන් මෙහෙන් තොරතුරු ටිකක් දෙන්න බැරි නෑ මේ වගේ දේවල් ගැන.
171 AC වලදි Daeron II හා Myriah Martellට දාව පුතෙක් ලැබෙනවා.මේ දරුවගේ නමත් Baelor Targaryenම තමයි. Baelor Breakspear කියලා හදුන්වන්නෙත් මෙයාවම තමයි.Knight of the Seven Kingdoms සීරීස් එක පැත්තෙන් බැලුවම මේ ඉන්නෙ Egg කියන පොඩි කොල්ලගෙ තාත්තගෙ අයියා.සීසන් 1 එකේ 2වෙනි එපියෙදි අපිට දකින්න ලැබෙනවා Hand of the King විදියට Prince of Dragonstone වෙන්නෙත් මෙයාම තමයි ඒ කියන්නෙ තාත්තගෙන් පස්සෙ රජ වෙන්න ඉන්නෙ මෙයා.එතකොට මේ කාලෙදි තාමත් රජ වෙලා ඉන්නෙ Daeron IIම තමයි.Baelor Breakspear ව 1නි එපියෙදි පෙන්නපු වෙලාවෙ හරියට බැලුවනම් දකින්න ඇති ඔහුගෙ කොන්ඩෙ කලු පාටයි හැබැයි අපි හැමෝම දන්න දෙයක් තමා Targaryen ලාගෙ කොන්ඩෙ සුදු රන් වන් පාටකට හුරුයි කියල ඉතිං මොහුගේ කොන්ඩෙ කලු වෙන්න හෙතුව තමයි Baelor Breakspear ගෙ අම්මා Martell කෙනෙක් වීම.
Baelor Breakspear ට අමතරව Daeron II හා Myriah Martellට තවත් පුතුන් තුන් දෙනෙක් ඉන්නවා Aerys I Targaryen, Rhaegel Targaryen, Maekar I Targaryen (Egg ගෙ තාත්ත).මෙතනින් Baelor Breakspear, Maekar සහ ඔවුන්ගෙ පියා Daeron II එකතු වෙලා තමයි First Blackfyre Rebellion එක අවසන් කරන්නෙ.
209AC වලදී Baelor Breakspear නැත්නම් මිලගට රජු වීමට සිටි පුද්ගලයා Tourney at Ashford Meadow හීදී Duncan the Tall සම්බන්ධ Trial of seven නමින් හදුන්වන නඩු විභාගයකදී අහම්බෙන් ඔහුගේ සහෝදරයා උන Maekar අතින් මිය යනවා. ඉන් පසු ඇති වු Great Spring Sickness නැත්නම් මහා වසන්ත අසනීපය කියලා හදුන්වන වසංගතය නිසා Baelor Breakspear ගෙන් පසු ඔටුන්න ලැබීමට සිටී Baelor Breakspear හා Jena Dondarrionට දාව ඉපදුන පුතා Valarr සහ Matarys Targaryen මිය යනවා මේ නිසා Baelorගෙන් ඉදිරියට යාමට තිබ්බ රජ පරම්පරාව නවතිනවා. Great Spring Sickness නිසා Daeron II Targaryenද මිය යනවා. 209AC - 212AC Dunk & Eggගේ කතාව හා ඒ කාලයේ සිදු උන දේවල් දැනගන්න මේ පෝස්ට් එක කියවන්න. A Tale That Became Legend
- Aerys I Targaryen
Daeron II, Baelor, Valarr සහ Matarys යන අයගේ මරණයන් නිසා මී ලගට රජ වීමට සිටියේ Daeron I Targaryen හා Myriah Martell ගෙ දෙවනි පුතා උන Aerys Targaryen. මොහු Aerys I Targaryen නමිත් Iron Throne හී දහතුන් වන රජු බවට 209 AC වලදී පත් වෙනවා. මොහු පාලනයට වඩා පුරාණ අනාවැකි සහ අභිරහස් පිළිබඳ පොත් කියවීම කෙරෙහි බෙහෙවින් උනන්දුවක් දැක්වුවා. රජ වීමෙන් පසු, Aerys ඔහුගේ මාමා වන Bloodraven ලෙස හැඳින්වෙන Brynden Rivers (Brynden කියන්නෙ King Aegon IV Targaryen හා Lady Melissa Blackwood ගේ අවජාතක පුත්‍රයෙකි) ඔහුගේ අත ලෙස පත් කරගත් අතර ඔහුට රාජධානිය පාලනය කිරීමට ඉඩ ලබා දී Aerys පොත් සහ ජනප්‍රවාද අධ්‍යයනය කිරීමේ නිරත විය.ඔහු වතාවක් මකරුන්ගේ නැවත පැමිණිම ගැන අනාවැකියක්ද පවසා ඇත. ඔහු තම ඥාති සොහොයුරිය වන Aelinor Penrose ආර්‍යාව සමඟ විවාහ වූ නමුත්, ඇයට දරුවෙකු ලබා දීමට ඔහු කිසි විටෙකත් උනන්දුවක් දැක්වූයේ නැත. කටකතා වලට අනුව, Aerys විවාහය පවා සම්පූර්ණ කළේ නැත.
2nd & 3rd Blackfyre attempts
Aerysගේ පාලනය මහා වසන්ත අසනීප සමයේදී ආරම්භ වූ අතර, පාලනය ආරම්භයේ දී වසරකට වැඩි කාලයක් පැවති දැඩි නියඟයකට මුහුණ දුන්නේය. Aerysගේ පාලනය යුද්ධයෙන් වඩාත් කරදරකාරී විය. 212 AC දී, Ironbornහී Lord Dagon Greyjoy විසින් Fair Isle, Arbor, සහ North ආක්‍රමණය කීරීමක යෙදී සිටි අතර එම වසරේම, Blackfyre වරුන්ට පක්ෂපාතී Lord Gormon Peake, පටු මුහුද හරහා Daemon II Blackfyre වෙස්ටරෝස් වෙත ගෙනැවිත්, දෙවන Blackfyre කැරැල්ල ආරම්භ කිරීමට උත්සාහ කළේය. Brynden Rivers ඔත්තුකරුවන්, Ser Duncan the Tall සහ ඔහුගේ සහචරයා උන Aegonගේ ක්‍රියා නිසා, මෙම කැරැල්ල Whitewalls තරඟාවලියේදී සාපේක්ෂව සුළු ලේ වැගිරීමකින් අවසන් විය. මේව ගැන දැන ගන්න A Tale That Became Legend පෝස්ට් එක කියවන්න.
තුන්වන Blackfyre කැරැල්ල AC 219 දී දියත් කරන ලද අතර එය Ser Aegor Rivers අල්ලා ගැනිමේන් හා Haegon I Blackfyreගේ මරණයෙන් අවසන් විය. Aegor Riversව King's Landing වෙත ගෙන එන ලද අතර Brynden Rivers සහ Aerion Targaryen කුමරු හට ඔහුව මරණයට පත් කිරීමට අවශ්‍ය වූ අතර, Aerys I රජු ඔහුව ප්‍රාකාරයට පිටත් කරන ලදි. මේ ගමන මුහුදු මාර්ග ඔස්සෙ සිදු කළ අතර එහිදී මොවුන් උතුරට ගමන් කල යාත්‍රාව Golden Company එක විසින් පැහැරගත් අතර Aegor Riversව රැගෙන නැවතත් Tyrosh වෙත් පලා යන ලදි.
Aerysගේ පාලන කාලය පුරාම Aerys සිංහාසනයට විවිධ උරුමක්කාරයන් හතර දෙනෙකු හඳුනා ගත් අතර පළමුවැන්න නීත්‍යානුකූලව රජු වීමට හැකියාවක් ඇති ඔහුගේ සහෝදරයා වන Rhaegel වන අතර ඔහු 215AC වලදී Lamprey Pie ලෙස හදුන්වන ආහාරයක් උගුරේ හිරවීමෙන් මිය ගියේය. ඉන් පසු Aerys ඊළඟට Rhaegel එකම පුත් Aelor තම උරුමක්කාරයා ලෙස පිළිගත්, නමුත් Aelor 217 AC වලදී අනතුරකින් මිය ගියේය. Aerys තුන්වන උරුමක්කාරයා වූයේ Rhaegelගේ දියණියක් වූ Aelora ය. කෙසේ වෙතත්, ඇගේ සහෝදරයා උන Aelorගේ මරණයෙන් පසු ඇය ශෝකයෙන් උමතු වී, ටික කලකට පසු සියදිවි නසා ගත්තාය, Aerys ඔහුගේ සිහසුනට සිව්වන සහ අවසාන උරුමක්කාරයා වන ඔහුගේ බාල සහෝදරයා Maekar තෝරා ගත්තේය.
- Maekar I Targaryen
221 AC වලදී Aerys I Targaryen රජුගේ මරණයෙන් පසු Daeron II Targaryen රජුගේ සිව්වන පුත්‍රයා වන Maekar Targaryen කුමරු Maekar I Targaryen නමින් රජු බවට පත් වෙනවා. Prince of Summerhall කියන්නෙත් මෙයාටම තමා මොකද මෙයා රජ වෙන්න කලින් හිටියෙ Summerhall වල පාලකයා විදිහට.
සිව්වන පුතෙකු ලෙස, Maekar පාලනය කරනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකරන්නට ඇත. ඔහු තරුණ වියේදී Dyanna Dayne ආර්‍යාව සමඟ විවාහ වූ අතර, පුතුන් හතර දෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු වූ Daeron, Aerion, Aemon, Daella, Aegon, සහ Rhae යන අයගේ පියා විය. 196 AC හි පළමු Blackfyre කැරැල්ල අතරතුර, Maekar අණ දෙන නිලධාරියෙකු ලෙස සේවය කළේය. Redgrass Fieldහීදී ඔහුගේ මාමා උන Ser Aegor Rivers සමග පැවති සටකටද සහභාගී විය. (Aegor Rivers කියන්නෙ Aegon IVගේ තවත් අවජාතක පුතෙක්) මෙමෙ සටන පිළිබද "The Hammer and the Anvil" නමින් ගීතයක්ද ඇති අතර A knight of the Seven Kingdom සීරීස් එකේදී Egg ගහක් උඩ ඉදන් කියන සින්දුව තමයි ඒ. ඒ ගීතයේදී Baelor කුමාරයා Hammer එක ලෙසත් Maekar කුමාරයා Anvil එක ලෙසත් උපමා උනා. මොකද මේ සටන ජය ගත්තෙ දෙන්නගෙම එකතුවකින් හින්දා. ගීතය ගැන දැන ගන්න - Baelor සහ Maekarගේ යුධ උපාය
Maekar විසින් ඔහුගේ තුන් වන පුතා වුන Aemonව maester කෙනෙක් වීමට Citadel වලට යැවූ අතර ඔහුගේ බිරිද උන Dyanna Dayne 209 AC වලදී මිය ගියේය. 209 AC දී, Ashford හිදී තරඟාවලියක් පැවැත්වුනු අතර Maekar ඊට සහභාගී වූ විය. පසුව සිදු වූ දේවල් නිසා Trial of Seven නමින් හදුන්වන නඩු විභාගයකට සහභාගී විය. මෙහිදී Maekar අතින් ඔහුගේ සහෝදරයා උන Baelor මිය යන අතර ඔහුගේ පුතුන් වන Aerionව Free Cities වලට පිටුවහල් කර Aegonව Ser Duncan the Tall නම් Hedge Knight වරයාගේ සහචරයෙක් වශයෙන් කටයුතු කිරීමට ඉඩ දෙන ලදි. මෙහිදි Aegon ගේ ආරක්ශාව සදහා Maekarගේ ලාංජනය සහිත පුද්ගලීක මුදුවක් දුන්නේය.
Aerys I Targaryen රජු ඔහුගේ හස්තය ලෙස තමාව පත් කරගනු ඇතැයි අපේක්ශා කල Maekar Brynden Rivers රජුගේ අත ලෙස පත් කර ගත් විට ඔහු සමග කටයුතු කිරීමට අකමැති වීම නිසා Summerhall වලට ගිය අතර 219 AC දී තුන්වන Blackfyre කැරැල්ල අතරතුර, Maekar ඔහුගේ නායකත්වය සඳහා නැවත එක් විය. කෙසේ වෙතත්, Blackfyre කැරලි දෙකක් අතරට පැමිණි Maekarගේ පාලන සමය සාමාන්‍යයෙන් සාමකාමී ලෙස සැලකේ. Brynden Rivers සමඟ ඔහුගේ පෙර ආරවුල් තිබියදීත්, Maekar ඔහුගේ මාමා උන Brynden රජුගේ හස්ථය ලෙස තබා ගත්තේය.
👑 Reform & Fall Era (233 AC – 283 AC)
Reform attempt → Madness → Collapse
- Aegon V Targaryen
Great Council 233 AC
233 AC හීදී House Peake විසින් Targaryen වංශයට එරෙහිව සිදු කරන ලද කැරැල්ළ අතර තුරදී Maekarගේ මරණය සිදුවූ අතර මරණයෙන් පසු උරුමය අපැහැදිලි විය, එබැවින් Iron Throne උරුම කර ගන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා Maekar රජුගේ හස්තය වන Brynden Rivers විසින් King's Landingහිදී මහා කවුන්සිලයක් (Great Council) කැඳවන ලදී. මෙහිදී අනුප්‍රාප්තික රේඛාවේ කලින් අපේක්ෂකයින් ගණනාවක් මඟ හැරීමෙන් පසුව සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන Maester Aemon සිංහාසනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඊළග රජු වශයෙන් Maekarගේ පුත් Aegon තෝරා ගන්නා ලදී. එම තෝරා ගැනීමත් සමග Aegon Iron Throneහී 15වන රජු වශයෙන් Aegon V Targaryen නමින් 233ACහීදී පත් වන ලදි. ඒ වන විට Aegonගේ වයස අවුරුදු 33කි. (Aerion හා Daeron යන දෙදෙනාම Maekar මිය යාමට පෙරම මිය ගියා සේම Valarr කුමරු Tyroshහී Kiera සමඟ විවාහයෙන් පුතුන් දෙදෙනෙක් ලැබූ අතර දෙදෙනාම මළ දරුවන් ලෙස උපත ලැබීය.. Daeron Vaella නම් දුර්වල බුද්ධිමත් දියණියක් සහ Aerion ළදරු පුතෙකු ඉතිරි කළ බැවින්, රජු තෝරා ගැනීමට මහා කවුන්සිලයක් කැඳවන ලදී.) Aegon කුඩා කලදී සිදු කල සංචාර ගැන දැනගන්න මේක කියවන්න A Tale That Became Legend: The Complete Dunk & Egg Saga
Reforms + Summerhall
Aegon උපත ලබන්නේ Prince Maekar Targaryen හා Dyanna Dayne දාව උපදින සිව්වන පුතා මෙන්ම පස්වන දරුවා ලෙසයි.Aegon විවාහ වීමට අකමැති වූ අතර, විවාහ නොවන බවට දිවුරුම් දුන් රාජ්‍යාරක්ෂක බලකායේ (Kingsguard) නයිට්වරයෙකු වීමට සිහින මැව්වේය. Aegon Ashford Meadowහී පැවති තරගාවලියකට සහභාගී වූ අතර එහිදී Egg යන නාමය බාවිත කරමින් Hedge Knight වරයෙක් උන Duncan the Tallගේ සහචරා ලෙස කටයුතු කරන ලදි. තරගාවලියෙන් පසුවත් Aegon Duncanගේ සහචරයා වෙමින් රාජධානිය පුරා සංචාරය කළේය. Ashford Meadowවෙන් වසර දෙකකටත් අඩු කාලයකට පසු, Aegon සහ Duncan Chequy Water සම්බන්ධයෙන් Standfastහී Ser Eustace Osgrey හට සේවය කළහ. එයින් පසුව 212 ACවල Aegon සහ Ser Duncan the Tall Whitewallsහී පැවති Wedding Tourney එකකට සහභාගීවී දෙවන Blackfyre කැරැල්ලට සම්බන්ද විය.219 AC වලදී, Aegon ඔහුගේ පියා වන Maekar කුමරු සහ වැඩිමහල් සහෝදරයා වන Aerion කුමරු සමඟ තුන්වන Blackfyre කැරැල්ලේදී සේවය කළ අතර එහිදී ඔහු මහත් ධෛර්යයක් පෙන්නුම් කළේය.
Aegon 220 AC වල්දී Betha Blackwood ආර්‍යාව සමඟ විවාහ විය. ඔවුන් ආදරය සබදතාවකි විවාහ වූ අතර අවසානයේ දරුවන් පස් දෙනෙකුට හිමිකම් කීය. ඒ Duncan, Jaehaerys, Shaera, Daeron, Rhaelle. ඒගොන් ඔහුගේ පළමු උපන් පුත්‍රයාට Duncan යන නම තැබීය, බොහෝ විට ඔහුගේ මිතුරා වන Ser Duncan the Tall ට ගෞරව කිරීම සඳහා විය හැකිය.Aegon V පාලන සමයේ මුල් වසරවල සිට, රජුගේ පැරණි මිතුරෙකු වූ Ser Duncan the Tall ඔහුගේ රාජාරක්ෂක බලකායේ සේවය කළ අතර, අවසානයේ රාජාරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා බවට පත්විය.
Aegon රජු ලෙස ඔහුගේ පළමු ක්‍රියාව වූයේ Aenys Blackfyre ඝාතනය කිරීම සඳහා රජුගේ හස්ථය වන Lord Brynden Rivers අත්අඩංගුවට ගැනීමයි, මන්ද Bloodraven මහා කවුන්සිලය සඳහා Aenys වෙස්ටරෝස් වෙත ආරක්ෂිතව පැමිණිමට ඉඩ ලබා දුන් නමුත් ඔහු අගනුවරට පැමිණි විට Aenysව මරා දමන ලදී. තවත් Blackfyre කැරැල්ලකට මුල් විය හැකි පුද්ගලයෙක් මිය යාම ගැන සියල්ලන්ම සතුටු වුවද, Iron Throneහී වචනය නිෂ්ඵල නොවන බව ඔප්පු කිරීම සඳහා Aegon විසින් Bloodraven හට දඬුවම් කිරීමට සිදු විය. Bryndenට මරණ දඬුවම නියම වුවද, Aegon ඔහුට ප්‍රාකාරයට සම්බන්ධ වීමට ඉඩ දුන්නේය. තමන්ගේ සහෝදරයාගෙ රජකමට විරුද්ද වීමට තමාව යොදා ගනු ඇතැයි සිතූ Aemonද ප්‍රාකාරයට යාම සදහා ඉදිරි පත් වූ අතර ඔවුන් සමග Bloodravenගේ පුද්ගලීක ආරක්ශකයන් වූ Raven's Teeth පිරිසක්ද තවත් සිර කරුවන් පිරිසක්ද එක් වූ අතර Duncan ඔවුන්ව ප්‍රාකරය දක්වා ගෙන යන ලදි.
ඒගොන්ගේ පාලනය ආරම්භ වූයේ ක්‍රි.ව. 230 සිට ක්‍රි.ව. 236 දක්වා පැවති දැඩි ශීත කාලයකදීය. කරුණාවන්ත වූ Aegon කුසගින්නෙන් පෙළෙන උතුරු ජනතාවට උපකාර කිරීම සඳහා ආහාර සහ ධාන්‍ය විශාල ප්‍රමාණයක් යැවීය. ශීත කාලය අවසානයේ Blackfyre Pretender නැවත පැමිණීමක් දුටු අතර හතරවන Blackfyre කැරැල්ල 236AC දී සිදු විය. Daemon III Blackfyre හා Golden Company එක් වී සිහසුන ලබා ගැනීමට කටයුතු කළෙය. Aegon සහ ඔහුගේ පුතුන් ආක්‍රමණිකයන් හමුවීමට සහ පලවා හැරීමට ගිය අතර, Duncan the Tall තනි සටනකින් Daemon මරා දමා කැරැල්ල අවසන් කළේය. කලින් කැරැල්ල හමුවේ පරාජය වී ප්‍රාකරයට ගොස් සිටි Bittersteel ලෙස හැඳින්වෙන Aegor Rivers, පටු මුහුද හරහා Golden Company එකේ ඉතිරි පිරිස සමඟ පලා යාමට සමත් විය.
සාමන්‍ය ජනතාව සමඟ කාලය ගත කිරීමෙන් පසු Targaryen වරුන්ගෙ අනියම් විවාහ පිළිවෙත හානිකර බව තේරුම් ගත් Aegon සහ ඔහුගේ රැජින වන Betha Blackwood, 237AC දී ඔවුන්ගේ දරුවන් හතර දෙනෙකු සත් රාජධානිවල මහා නිවාස කිහිපයකට විවාහ කර දීමට තීරණය කරන ලදි. ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා සහ උරුමක්කාරයා වන Duncan කුමරු, Storm's Endහී Lord Lyonel Baratheonගේ දියණිය සමඟ විවාහ ගිවිස ගන්නා ලදී. ඒගොන්ගේ දෙවන පුත්‍රයා වන Jaehaerys කුමරු, Riverrunහි අධිපතිගේ දියණිය වන Celia Tully ආර්‍යාව සමඟ විවාහ ගිවිස ගන්නා ලදී. ඒගොන්ගේ බාල පුත්‍රයා වන Daeron කුමරු හට වයස අවුරුදු නවයේදී Arborහී Olenna Redwyne ආර්‍යාව සමඟ විවාහ ගිවිස ගන්නා ලදී. ඊට අමතරව, Aegon වැඩිමහල් දියණිය වන Shaera කුමරිය, Highgardenහී උරුමක්කාරයා වූ Luthor Tyrell සමඟ විවාහ ගිවිස ගන්නා ලදී. යෝජිත විවාහයන් ඒගොන්ට ඔහුගේ ප්‍රතිසංස්කරණ සඳහා විශාල සහයෝගයක් ලබා ගැනීමට ඉඩ තිබුණි. නමුත් කාලය ගතවත්ම දරුවන් විසින්ම මේ ගිවිසුම් බිදිලා දානවා.
239AC වලදි Duncan කුමරු Oldstones හි Jenny සමඟ ආදරයෙන් බැඳී අවසානයේ ඇය සමඟ විවාහ විය. Aegon රජු, Small Council, Grand Maester සහ High Septon විසින් Duncanට ගැහැණු ළමයා හෝ සිංහාසනය තෝරා ගැනීමට බල කළහ. කුමාරයා තම බිරිඳ තෝරාගෙන Dragonstone කුමරු ලෙස ධුරයෙන් ඉවත් වූ අතර, ඔහුගේ බාල සහෝදරයා වන Jaehaerys කුමරු නව උරුමක්කාරයා බවට පත් කළේය. Duncan විසින් Baratheonගේ දියණිය සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, Storm's Endහී කෙටි කලකට කැරැල්ලක් ඇති කළ අතර, එය අවසන් වූයේ Kingsguard හි Ser Duncan the Tall විසින් සටන් නඩු විභාගයකදී Lyonel හට යටත් වීමට බල කිරීමත් සමඟය. Aegon රජු Lyonel සමාව දී ඔහුගේ දියණිය වන Rhaelle කුමරිය Lyonel උරුමක්කාරයා වන Ormund සමඟ විවාහ ගිවිසුමක් ලබා දෙන ලදි. Agon විසින් Rhaelleව Storm's End වෙත යැවීය. පසුව මේ දෙදෙනාට දාව Steffon Baratheon නම් පුත්‍රයෙක් උපදින අතර එම පුත්‍රයාගේ විවාහයෙන් Robert Baratheon, Renly Baratheon, Stannis Baratheon උපත ලැබීය. (ඒ කියන්නෙ Robert Baratheon රජු වූ Aegon Vගේ මුණුබුරෙක් වෙනවා)
Daeron කුමරු 246AC වලදී ඔහුට වයස අවුරුදු දහඅටක් වන විට Olenna Redwyne සමග තිබූ ඔහුගේ විවාහ ගිවිස ගැනීම බිඳ දමා Daeron අවිවාහකව සිටියේය. ඔහු වෙනුවට Highgarden හී සිටියදී Ser Jeremy Norridge සමග මිතුරු වූ අතර 251AC වලදි Daeron සහ Jeremy සටනක් අතර තුර මිය ගියේය.
Aegon රජු ඔහුගේ පාලනය සහ විශේෂයෙන් මකරුන් කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය.මෙය අවසානයේ 259AC දී Summerhall ඛේදවාචකයට හේතු වූ අතර, එහිදී Aegon මකර බිත්තර වලින් පැටවුන් බිහි කිරීමට උත්සාහ කිරීමේදී මිය ගියේය. ඔහුගේ පලමු පුතා උන Duncan the Small, ඔහුගේ මිතුරා සහ Kingsguard අණදෙන නිලධාරියා වන Ser Duncan the Tall සහ රාජකීය රාජසභාවේ අනෙකුත් අය ද ගින්නෙන් මිය ගියහ. Aegon ගෙන් පසු ඔහුගේ දෙවන පුත්‍රයා සහ උරුමක්කාරයා වන දෙවන Jaehaerys රජු බවට පත් විය.Aegon රජු කුඩා ජනතාවට ලබා දී තිබූ බොහෝ නීති, අයිතිවාසිකම් සහ ආරක්ෂාවන් පසුව දෙවන Aerys II රජුගේ පාලන සමයේදී රජුගේ හස්ථය වන Tywin Lannister අතින් අවලංගු කරන ලදී.
- Jaehaerys II Targaryen
Aegon V Targaryenගේ මරණයෙන් පසු 259AC සිට Jaehaerys II Targaryen සත් රාජධානිවල අධිපතියා වූ අතර Iron Throneහී අසුන් ගත් 16වන Targaryen රජු විය. ඔහු ඒගොන් V ටාර්ගේරියන් රජුගේ සහ Betha Blackwood රැජිනගේ දෙවන පුත්‍රයා විය. Jaehaerys II යනු Aerys II Targaryen රජුගේ හා Rhaella Targaryen රැජිනගේ පියා වූ අතර, Rhaegar, Viserys and Daenerys ගේ සීයාද විය.
Jaehaerys පියා වන Aegon V Targaryen රජු, Targaryen වරුන්ගේ අනියම් විවාහ පිළිවෙත කෙරෙහි දැඩි අප්‍රසාදයක් වර්ධනය කරගෙන සිටි අතර එම චාරිත්‍රය අවසන් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. මේ අනුව,237AC වලදී, Jaehaerys Riverrun හි අධිපතියාගේ දියණිය සමඟ විවාහ ගිවිස ගන්නා ලදී. කෙසේ වෙතත්, කුඩා කල සිටම, Jaehaerys වඩාත් සාම්ප්‍රදායික මානසිකත්වයකින් යුක්ත වූ අතර, ඔහු තම සහෝදරිය වන Shaera කුමරිය සමඟ ආදරයෙන් බැඳී සිටියේය. Shaera අනෙක් අතට ඔහුට ආශා කළේය. පියා හා මව සහෝදර සහෝදරියන් දෙදෙනා වෙන් කිරීමට ඔවුන් හැකි සෑම දෙයක්ම කළ නමුත් මෙය ඔවුන්ගේ ආශාව ඇවිස්සීමට පමණක් හේතු විය. මේ අනුව, 240AC දී, Jaehaerys සහ Shaera ඔවුන්ගේ සහෝදරයා උන Duncanගේ අඩිපාරේ යමින් ගිවිසුම් සියල්ල බිද දමමින් රහසිගතව විවාහ විය. මේ ගැන Aegon කලකිරීමට පත් වූ නමුත් විවාහය අවසන් වූ බැවින් ඔහුට වෙනත් විකල්පයක් නොමැති බව ඔහු තේරුම් ගන්නා ලදි.
244 AC දී Jaehaerys සහ Shaera ඔවුන්ගේ පළමු දරුවා බිහි කල අතර, ඔවුන් Aerys ලෙස නම් කල අතර. ඊළඟ වසර දෙක තුළ Rhaella නම් දියණියක්ද ලැබුණාය. Jaehaerys ආදරය සඳහා විවාහ වූ අතර, පසුව ඔහු තම පුත් Aerys කුමරුට සහ දියණිය Rhaella කුමරියට එකිනෙකා සමඟ විවාහ වන ලෙස අණ කළේය, දෙදෙනාම මෙම විවාහයට අකමැති වුවද. Oldstones හි Jenny විසින් ගෙන එන ලද woods witch කෙනෙක් අනාවැකි පළ කළේ පොරොන්දු වූ කුමාරයා (prince that was promised) ඔවුන්ගේ පරම්පරාවෙන් උපත ලබන බවයි. Aerys සහ Rhaella කුලුඳුල් දරුවා වන Prince Rhaegar උපත ලැබුවේ 259 AC වර්ෂයේදී, Summerhallහී ඛේදවාචකය සිදු වූ දිනයේම ය. මෙම ඛේදවාචකයෙන් Aegon V රජු සහ ඔහුගේ වැඩිමහල් පුත් Duncan ඇතුළු Targaryen පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු මිය ගියහ.
Jaehaerys පාලන සමයේදී සිදු වූ වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වූයේ Ninepenny රජුන්ගේ යුද්ධයයි. ගැටුම යම් කාලයක් තිස්සේ පැවතුනි. නවයේ කණ්ඩායම (Band of Nine) Stepstones අල්ලා ගත් අතර, ඔවුන් එය සත් රාජධානියට එරෙහිව යුද්ධයක් දියත් කිරීම සඳහා මෙහෙයුම් කඳවුරක් ලෙස භාවිතා කරනු ඇතැයි Jaehaerys බිය විය. පසුව යුද්දය ඔහු වෙතට පැමිණිමට පෙර යුද්දය ඔවුන් වෙත රැගෙන යාමට Jaehaerys තීරණය කල අතර කැරැල්ල ආරම්භයටත් පෙරම අවසන් කරන ලදි. Aegon V ගේ පුත්‍රයන්ගෙන් අවම සටන්කාමියෙකු වුවද, Blackfyre කැරැල්ලකින් Maelys the Monstrousගෙන් රාජධානිය ආරක්ෂා කිරීමට ඔහුට හැකියාව ඇති බව මෙයින් ඔප්පු විය. නමුත් ඔහු සටන් වලින් ඈත් වී සිටියේය.
Jaehaerysගේ පාලනය පැවතියේ වසර තුනක් පමණි, නමුත් ඔහු එම කෙටි වසරවල හොඳින් පාලනය කළේය. ඔහු දක්ෂ රජෙකු බව ඔප්පු කළේය, රාජධානියේ පිළිවෙල යථා තත්ත්වයට පත් කළේය, Blackfyre තර්ජනය අවසන් කළේය සහ ඔහුගේ පියාගේ පාලනය ගැන අසතුටින් සිටි බොහෝ වංශිකයන් සමඟි කළේය. 262 AC දී, සිංහාසනයේ වසර තුනක් පමණක් ගත කිරීමෙන් පසු, Jaehaerys II Targaryen රජු අසනීපයකින් මිය ගියේය. ඒ හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවයකින්, වයස අවුරුදු තිස් හතේදී ය. Jaehaerysගේන් පසු ඔහුගේ පුතා වූ Aerys රජු විය.
- Aerys II Targaryen
Mad King සහ King Scab ලෙසද හැඳින්වෙන Aerys II Targaryen, Iron Throneහී අසුන් ගත් Targaryen රාජවංශයේ 17වන සහ අවසාන සාමාජිකයා වූ අතර, 262 AC සිට 283 AC දක්වා පාලනය කළේය. ඔහුගේ සහෝදරිය සහ බිරිඳ වන Rhaella විසින් උපත ලබා දුන් දරුවන්ගෙන් වැඩිහිටි විය දක්වා ජීවත් වූ දරුවන් වූයේ Rhaegar, Viserys, සහ Daenerys Targaryen ය.
Aerys ඔහුගේ පාලන සමයේ ආරම්භයේ දී හොදින් පටන් ගත් අතර, රාජධානියට සාමය සහ සමෘද්ධිය ගෙන ආවේය. කෙසේ වෙතත්, බහු ගබ්සා කිරීම් සහ මළ දරු උපත්, පුතුන් තිදෙනෙකුගේ මරණ සහ Duskendaleහී Defiance ලෙස හැඳින්වෙන කෙටි නැගිටීමක් හා එහිදී ඔහු කැරලිකාර ස්වාමියෙකු විසින් අඩ වසරක් සිරගත කරීම පසුකාලීනව ඔහු උමතුවට ඇද වැටීමට හේතු විය. රජුගේ මානසික ආතතිය සහ කෲරත්වය පාලනයෙන් තොර වූ අතර, අවසානයේ Aerys ඔහුගේම Kingsguard සාමාජිකයෙකු වන Ser Jaime Lannister විසින් Robertගේ කැරැල්ල අතරතුර Sack of King's Landing නම් අවසාන සටනේදී මරා දමන ලදී.
Aerys ගැන, Robertගේ කැරැල්ල වගේ දේවල් වලට වෙනම් පෝස්ට් ගේන්නම්, ගොඩක් දේවල් GOT එකෙන් දැනගන්න පුලුවන් හින්දා මෙත විස්තර කරලා පෝස්ට් එක තවත් ලොකු කරන්න ඔන්නෑනෙ. ඉතිං ඔහොම තමයි Aegonගේ විජයග්‍රහණයේ ඉදන් Dance of Dragon, Game of Thrones දක්වා කාලසීමාව ගලාගෙන යන්නෙ. මේ අතර තව කියන්න ඔන දේවල් තියෙනවා ඒවා මම කියලා නෑ නැත්නම් කෙටියෙන් කියලා තියෙන්නෙ මොකද ඒවා ගැන වෙනම කියන්න ඔන හින්දා. මෙතන කතාකරපු රජවරු 17 දෙනා ගැනම වගේම ප්‍රධාන නිවාස ගැන වෙනම පෝස්ට් අරන් එන්නම්. ඒ වගේම යුද්ද කැරලි වගේම සටන් ගැනත් එකින් එක අරන් එන්නම්. ඔයාලට ඔන දේවල් ගැටළු තියෙන තැන් තියෙනවනම් කොමෙන්ට් එකක් දාලා තියන්න
✨ End of the Post
මේක අවසානය තෙක් කියවපු ඔයාට ස්තුතියි! 🙏
ඔයාට මේ lore එක ආසාවෙන් කියවන්න ලැබුනා කියලා මම විශ්වාස කරනවා. 📖💫
ඔයාට මේ lore එක ආසාවෙන් කියවන්න ලැබුනා කියලා මම විශ්වාස කරනවා. 📖💫
Family Tree එකේ Photo එක Zoom කරලා නැත්නම් Downlode කරලා බලන්න. Photo එක Load වෙනකම් අපහැදිලි වෙයි Load උනායින් පස්සෙ Zoom කරලා පැහැදිලිව බලන්න පුලුවන්.
📌 වැරදි තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. පෝස්ට් එක ලියලා තියෙන විදියෙ අඩුපාඩු ඇත්නම් කියන්න එතකොට ඊලගට ගේන පෝස්ට් තවත් හොදට ලියන්න පුලුවන්.
Thank you for reading! ❤️
තවත් පෝස්ට් එකකින් හම්බෙනකම්… God Bless You! 🙌
Targaryen Family Tree





Comments
Post a Comment