Westeros හී රාජ්‍යයන්...

 

Westeros

  • Beyond The Wall

Westeros මහද්වීපයේ ඈත උතුරු කෙලවරට කියන්නෙ Beyond The Wall කියලා මේ කොටස වෙන් වන්නෙ The Wall නැත්නම් මහා ප්‍රාකාරයෙන් මේ ප්‍රදේශයේ ගෝත්‍ර 80ක් පමණ ජීවත් වෙනවා ඔවුන් එකිනෙකා සමග ගැටුම් ඇති කර ගනිමින් තමයි ජීවත් වෙන්නෙ නමුත් කාලෙන් කාලෙට පැමිනෙන නායකයින් මේ ගෝත්‍ර 80වම එක්සත් කර පාලනය කරන්න සමත් වෙලා තියෙනවා මෙවර එය එක්සත් කර ඇත්තේ මෑන් ස්ට්‍රේඩර් කියන කෙනෙක් ඔහු හිටපු රාත්‍රී රැකවලෙක් නැත්නම් Night Watchmen කෙනෙක් මේ Beyond The Wall කියන ප්‍රදේශයේ තමයි White Walkers ලා ජීවත් වෙන්නේ මොවුන් අවදි වන්නේ සීත කාලය උදා වීමත් සමගයි ඔවුන් ඉතා බයානක පිරිසක් වන අතර ඔවුන්ව මරා දැමීමද අපහසුයි. White Walkersලාගේ නායකයා නයිට් කිං ලෙස හදුන්වනවා.

Beyond The Wall

The Wall නැත්නම් මහා ප්‍රාකාරය ආරක්ශා කරන්නෙ Night Watchmen කියලා පිරිසක්. බොහෝ විට ප්‍රදාන රාජ්‍යයන් වල විවිද වැරදි  නිසා මරන දන්ඩණය හිමි වන වැරදි කරුවන් මරණයෙන් වලක්වා Night Watchmen සේවයට යොමු කරනවා ඔවුන්ට කාන්තාවන් සමග විවාහ විම හෝ ලිංගිකව එකතු වීම තහනම්.ඔවුන්ගේ එකම අරමුණ White Walkers හා Wildings ලාගෙන් එන ආක්‍රමණ වලක්වන එක. Wildingsලා Night Watchmenලාව හදුන්වන්නෙ කපුටන් කියලයි එයට හේතුව ඔවුන් කළු ලෝගුවක් ඇද සිටින නිසා යි. The Wall එක පාලනය කරන්නෙ කාසල් බ්ලැක් වල සිට Night Watchmenලාගේ ප්‍රදාණියා හදුන්වන්නේ Commander Of The Nights Watch කියලා.

  • The North

GOT කතා මාලාව තුල වැඩියෙන්ම ජනාදරයට පත් පව්ල වන්නෙ ස්ටා‍ක් පව්ල කතාව පටන් ගන්නෙ ස්ටාක් වරුන්ගෙන් කතාව තුල ප්‍රදාන චරිත ගනනාවක්ම රගපාන්නේ මේ ස්ටාක් වරු වෙස්ටෙරෝස් වල වැඩිම බූමී ප්‍රමාණයක් පාලනය කරන්නේ ඔවුන්.වෙස්ටෙරෝස් වල ලොකුම බුමිය තමයි උතුර එය පාලනය කරන්නේ ස්ටාක් විසින්.මේ පව්ලේ මුලස්තානය Winterfell බලකොටුව ස්ටාක් ලට අනුව 10000ක සේනාවක් මේ බලකොටුව ආරක්ශා කරන්න හිටියට සොල්දාදුවන 300ක් හොදටම ඇති මේ මාලිගාව රකින්න ඒ තරම්ම මාලිගාව ශක්තිමත්.මේ ස්ටාක් වරුන්ගේ සලකුන වෙන්නෙ සුදු පාට හා කොළ පාට කොඩියක සිටින අළු පාට Dire Wolf.අළු පාට කියන්නේ සාමකාමී පාටක් අළු පාට හැදෙන්නේ සුදු හා කළු මිශ්‍ර වීමෙන් මේ තුලින් කියවෙන්නේ ස්ටාක් වරුන්ට ඇති ඕන දෙයකට මුහුණ දීමේ හැකියාවයි.Dire Wolf මගින් කියවෙන්නේ කණ්ඩායමක් ලෙස සටන් කිරීමට ඇති හැකියාවයි ඒවගේම සුදු පාටින් හිම හා අළුතින් පටන් ගැන්ම අදහස් වන අතර කොළ පාට මගින් සශ්‍රීකත්වයද අදහස් වෙනවා.මොවුන්ගේ තේමා පාටය වන්නේ “Winter Is Coming” Stark වරු සැම විටම සූදානම් වන්නේ මීලග සීත කාලයට White Walkersලා ගෙන් ආක්‍රමණය තමයි ඔවුන්ට ඇති ලොකුම අබියෝගය.

House Stark

  • The Vale

The Vale යනු උතුරට පහලින් ඇති කදු වලින් වට වූ රාජදානියකි.මේ කදු වලල්ලට කියන්නේ The Mountains Of The Moon කියලා මේ රාජ්‍ය පාලනය කරන්නේ Eyrien වරු The Eyrie කියන බලකොටුවේ ඉදන් තමයි අරීන් වරු වේල් පාලණය කරන්නේ මේ පව්ල ස්ටාර්ක් වරුන්ට ඉතා හිතවත් මේ පව්ලේ අරම්බකයා ව්න්නේ The Arties Eyrien කියන Night වරයා මොහු ඇන්ඩල්ස් වරයෙක් මොහු උකුස්සෙක් මත පැමිණ වේල් පාලනය කල First Men ලගෙ රජු පරදා රාජදානිය ඔහුගේ යටතට ගන්නවා.මේ නිසා මොවුන්ගේ සලකුණ වෙන්නේ නිල් පාට පසුබිමක ඇති අඩ සඳ හා පියාබන උකුස්සාගේ සලකුණ.ඔවුන්ගේ තේමව වන්නේ “As High As Honour” යන්නයි.

The Vale

  • The Riverland

The Riverland කියන්නෙ වෙස්ටෙරෝස් වල හරි මැද ගංගා තුනකම ගලා බසින්නෙ මේ කලාපය හරහායි.මේ රාජදානිය පාලනය කරන්නෙ ටැලී වරුන් විසින් නෙට් ස්ටාර්ක් ගේ බිරිද ටැලී පව්ලේ කෙනෙක් මොවුන්ගේ ලාංජනය තමයි මාළුවා තේමාව වෙන්නේ “Family Duty Honor” ඔවුන්ගේ මූලස්තානය Riverrun බලකොටුව Riverrun වල තවත් ප්‍රබල පව්ලක් තමයි ෆ්‍රේ පව්ල මේ පව්ලේ බලකොටුව තමයි GOT කතා මාලාවේ එක් ප්‍රසිද්ද ස්‍තානයක් වන The Twin බලකොටුව ඔවුන්ගේ සලකුණ එකට යා වුනු කුලුණු දෙකක් වන අතර තේමා පාටය වෙන්නේ “We Stand Together” යන්නයි.

The Riverland

  • The Westerland

GOT කතා මාලාවේ Stark පව්ලට අමතරව අනෙක් ප්‍රදාන පව්ල වෙන්නේ ලැනිස්ටර් පව්ලයි ඔවුන් The Westerland හී පාලකයන් Westerland රත්තරං හා රිදී වලින් සශ්‍රීක නිසා ලැනිස්ටර් වරු දනවත් වගේම බලවත් පව්ලක් බවට පත් වී තියෙන්වා මොවුන්ගේ ලාංජනය රතු පලස මත සිටින රත්තරං සිංහයායි මෙයි කියවෙන්නෙ රාජකීයත්වය හා සශ්‍රීකත්වයයි ඔවුන්ගේ තේමා පාටය වෙන්නේ “Hear Me Roar” යන්න උනත් වැඩියෙන්ම බාවිතා වෙන්නේ “A Lannister Always Pays His Debt” යන්නයි Westerland පාලනය කරන්නේ Castle Rock නම් බලකොටුවේ සිටයි. 

The Westerland

  • Iron Islands

Westerland වල ඉහලින් පිහිටා ඇති දුපත් සමූහයට කියන්නේ Iron Islands කියලා මේ රාජදානිය පාලනය කරන්නේ ග්‍රේජෝයි පව්ල විසින් ඔවුන්ගේ බලකොටුවට කියන්නේ Pyke ඔවුන් අයත් වෙන්නේ Iron Born නම් First Menලගෙන් පැවත එන ජන වර්ගයකට.මොවුන් උපතින්ම ආක්‍රමණශීලී එම නිසා ප්‍රදාන රාජ්‍යයන්ගෙන් නිදහස් වීම ස්දහා ඔවුන් විවිද සටන් ඉතිහාසය පුරාම කරලා තියෙනවා.ඔවුන් සුවිසල් නාවික හමුදාවකින් සන්නද්දයි මොවුන්ගේ සලකුණ කළු පසුබිමක සිටින රත්තරං බූවල්ලෙක් හා සමාන මුහුදු සත්වයෙක් ඔවුන්ගේ තේමාව “We Do Not So” යන්න වුවද ඔවුන්ගේ පොදු තේමාව වෙන්නේ  “What Is Dead May Never Die” යන්නයි.

Iron Islands

  • The Crownland

The Crownland කියන්නේ වෙස්ටෙරෝස් පාලනය කරන රජු හා පිරිවර සිටින රාජ්‍යයයි. ටාගේරියන් වරු වෙස්ටෙරෝස් එක්සත් කිරීමට පෙර Crownland වල බූමිය විවිද ප්‍රාදේශීය රාජ්‍යයන්ට අයත් වෙලා තිබිලා තියෙනවා.පසුව එගෝන් ටාගේරියන් වෙස්ටෙරෝස් එක්සත් කර තම මූලස්තානය Crownland වල King’s Landing වල ඉදිකරලා තියෙනවා මේ බලකොටුව හදුන්වන්නේ රිට්කීප් නමින්.

The Crownland

  • The Reach

The Reach කියන්නෙ සුවිසල් සශ්‍රීක බිම් ප්‍රදේශයක් මේ නිසාම මේ රාජදානිය පාලනය කරන ටයිරිල් වරු ඉතා දනවත් වගේම හමුදා අතින් බලවත්. මොවුන් Castle Of Highgarden සිට රාජදානිය පාලනය කලා.මොවුන්ගේ ලාංජනය ලා කොළ පාට පසුබිමක තියෙන රත්තරං පාට මලක්.වෙස්ටෙරෝස් වල තියෙන දෙවන විශාලම නගරය වෙන Old Town පිහිටලා තියෙන්නේ මෙම රාජදානියෙයි.එහි තමයි රාජ්‍යයන් පාලනය කරන්න උපදෙස් දෙන උපදේශකයන් බිහි කරන්නේ.

The Reach

  • The Stormland

The Stormland පළාත ප්‍රසිද්ද වැඩියෙන්ම මුහුදු කුණාටු හමන පළාත ලෙස මෙය පිහිටලා තියෙන්නේ වෙස්ටෙරොස්වල නැගෙනහිර මායිමේ බැරතියන් වරු තමයි මේ පරදේශය පාලනය කලේ. ඔවුන්ගේ ප්‍රදාන බලකොටුව පිහිටලා තිබුනේ Storm End වල ඔටුන්නක් පැලද සිටින මුවෙක් තමයි ඔවුන්ගේ සලකුණ තේමාව උනේ “Our Is Fury” යන්නයි.

The Stormland

  • The Dorne

Dorne කියන්නෙ වෙස්ටෙරෝස් වල තිබුනු ස්වාදීන රාජ්‍යයක් ප්‍රදාන රාජයට යටත් වුවත් අනෙක් රාජයයන්ට වඩා ස්වාදීනව කටයුතු කරනවා ඒකට හේතුව වන්නේ Red Mountains නම් කදු පංතියකින් ස්වාබාවිකවම ඩෝන් කලාපය වෙන් වෙලා තිබීම මාර්ටෙල් පව්ලතමයි මෙය පාලනය කරනේ ඔවුන්ගේ ලාංජනය වන්නේ තැබිලි පාට පසුබිමක ඇති රත්තරං හෙල්ලයක් ඔවුන් Sunspear නම් බලකොටුවක සිට මේ කලාපය පාලනය කරනවා.

The Dorn

Comments