white walker නොවන කෙනෙක් Night King බවට පත් උනේ කොහොමද?
Night King පිළිබද කතා කිරීමට අපිට අවුරුදු 8000 කට පෙර ඉතිහාසයට යන්න වෙනවා.
මේ කාලයේ Westeros වල උතුරු ප්‍රදේශයේ ජීවත් වූ පිරිසක් තමයි Children Of The Forest සහ First Men කියන්නේ.මේ අවුරුදු 8000 කට කලින් ඉතිහාසයේ ආව දීර්ග සිත කාලයක් මේක පරම්පාරවක් පුරාවටම පැවතිච්ච Winter එකක් කියල තමයි සලකන්නේ. ඒ වගේම ඒ පරම්පරාවක කාලය පුරාවටම Westeros වල පැවතුනේ අන්දකාරයක්. මේ නිසාම මෙය දිගු රාත්‍රිය එහෙමත් නැත්නම් Long Night කියලා තමයි හදුන්වන්නේ. මෙන්න මේ කාලයේදී උතුරු කෙළවරෙන් මේ white walkers ලා එනවා. ඔවුන් පැමිණෙන විට පරිසරයේ යම් කිසි වෙනස් කමක් ඒවගේම සිතල තත්වයක් ඇති වීම වගේම ඔවුන් ඉතා බිහිසුණු කණ්ඩායමක් ලෙස තමයි සලකනේ ඒවගේම ඔවුන්ට හැකියාවක් තියෙනවා මිය ගිය අයව Whites ලා විදිහට නැගිට්ටවන්න. කොහොම හරි මේ white walkers ලා හා Whites ලා කියන්නේ දෙවර්ගයක්. white walkersලා තමයි ප්‍රබලයන් හා Whitesලා කියන්නේ white walkers ලා විසින් මිය ගිය මිනිසුන්ව නැවතත් නගිට වූ අයට මේ ආකාරයෙන් Westeros වලට එන white walkersලා ඒකාලයේ මිනිසුන් එකතු වෙලා විශාල යුද්දයක් කරලා නැවතත් උතුරට පලවා හරිනවා මෙය හදුන්වන්නේ Battle For The Dawn එහෙමත් නැත්නම් අළුයම සඳහා යුද්දය කියලා. කොහොමහරි white walkers ලාව උතුරට නැවතත් යවලා ආයේ එන්න බැරිවෙන්න තමයි ඒ කාලේ හිටපු Brandon The Bilder විසින් Children ලාගේ මැජික් බලයද යොදාගනිමින් The Wall එක ගොඩනගන්නේ. කොහොම හරි එකේදි වෙච්ච දෙයක් තමයි Winterfell හී සාමාන්‍ය මිනිසුන් පිරිසකුත් මේ Wall එකෙන් අනිත් පැත්ත එහෙමත් නැත්නම් White Walkers ලාව යවපු උතුරු පැත්තට සීමා වෙනවා ඊට ටික කලකට පසු Wildlings ලා විදිහට හදුන්වන්නෙත් මේ උතුරට සීමා උන මිනිසුන්වයි. ඒවගේම මේ හදපු Wall එක ආරක්ෂා කරන්න තමයි Night Watch එක ආරම්බ වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් වර්තමානය වන විට මේ Night Watch එක ආරම්බ කරපු සැබෑම හේතුව මිනිසුන්ට අමතක වෙනවා වගේම මේක පුරාවුර්තයක් හැටියට තමයි ඔවුන් විශ්වාස කරන්නේ. ඒ නිසාම තමයි මේ White Walkersලා නැවත එනවා කිව්වම සමහර රජවරු හා ප්‍රබු වරු ඒ පිලිබදව පිළිගත්තේ නැත්තේ ඇත්තටම Stannis Baratheon පමණයි Night Watch එක සැබෑ බලාපොරොත්තුව දැනගෙන Night Watch එකට උදව් කරන්න එන්නේ.
අපි දැන් කතා කර කර හිටියේ අව්රුදු 8000 කට පෙර ඉතිහාසය ගැනයි. ඒ ඉතිහාසයේදී මේ Wall එක හැදුවයින් පස්සේ & Night Watch එකේ ප්‍රදානිය එහෙමත් නැත්නම් Lord Comander කෙනෙක් හිටිය John Snow ඉන්නවා වගේ කොහොම හරි එහි 13 වෙනියා ඔහුගේ නම පිළිබද සඳහනක් නෑ. ඔහු පාලනය කරේ Night Fort කියන Night Watch එකට අයිති එක බල කොටුවක ඉදලා කොහොම හරි ඔහු හා White Walker තරුණියක් සමග යම් කිසි සම්බන්දයක් ඇති වුනා කියන දේ විශ්වාස කරනවා අපි මේ කතා කරන්නේ Night King පිලිබදව කොහොම හරි ඇය සමග ඇති වුන සම්බන්දයෙන් පස්සේ ඔහුගේ ආත්මයත් විනාශ වුනා කියල තමයි කියන්නේ. ඊට පස්සේ ඔහු අර තරුනියවත් Night Fort එකට අරගෙන ඇවිල්ල ඔහු රජු ලෙසත් තරුණිය රැජිණිය ලෙසත් නම් කරගෙන පාලනය කරනවා. ඒවගේම ඒ අවට ඉතාමත් බයානක සිදුවීම් සිදු උනා ඔයාලට මතක ඇති Craster පවා ඔහුගේ පැල්පතේ සිටින කාලේ අපි දන්නවා White Walkers ලට යම්කිසි ආකාරයකින් තමන්ට ඉපදෙන පුතුන්ව පුජ කරමින් තමයි ඒ කලාපයේ සිටියේ. ඉතින් මේ වගේ බරපතල බයානක සිදුවීම Night Fort වටේ සිදු වෙලා තියෙනවා එනිසා මේ කාලයේදී King In The North එහෙමත් නැත්නම් උතුරේ පාලකයා වුනු රජතුමා හා Wall එකෙන් එහා පැත්තේ ඉදපු රජතුමා යන දෙපිරිස එකට එකතු වෙලා ඔහුව පරාජය කරන කොට මේ ආකාරයෙන් ඔහු Night Fort එකේ බිහිසුණු වැඩ කරමින් අව්රුදු 13නක කාලයක් පාලනය කරලා තියෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ මේ Night Fort එක පාලනය කරපු පුද්ගලයා පිළිබද සියලුම තොරතුරු විනාශ කරලා ඒ වගේම ඔහුගේ නම කීම පවා තහනම් කරලා තියෙනවා. අව්රුදු 8000කට පසු නැවතත් Westeros වල මායාව හිස ඔසවනවා.
Ex- Dire Wolf සත්වයන් නැවත හමු වීම, ඒවගේම Dragons ලා බිහිවීම, Stark සමහර දරුවන්ට විශේෂයෙන්ම Brandon Stark ට Dire Wolf හරහා ලෝකය දැකීමට හැකි වීම.
මේ ආකාරයට නැවතත් White Walkers Westeros වල හිස ඔසවමින් තියෙනවා.එතකොට මේ White Walkers සේනාව නායකත්වය දරන පුද්ගලයා එහෙමත් නැත්නම් Night King අවුරුදු 8000ට කලින් Night Fort වල ඒ පරාජය කල පුද්ගලයමයි. ඉතින් මේ ආකාරයට තමයි Night King පිලිබදව අපට සදහන් කරන්න තියෙන්නේ.
ඉතින් නයිට් කිං කියන්නෙ කව්ද කියල ගොඩක් දෙනා දන්නවා ඇති. මේ පොස්ට් එකෙන් නයි කිං කියන්නෙ කව්ද කියලා කියන්න ඔනා උනේ නෑ නයිට් කිං බිහි උනේ කොහොමද කියලා කියන්න තමයි ඔනා උනේ.



Comments
Post a Comment