වැලීරියානු ශිෂ්ටාචාරය , භාෂාව හා විනාශය.[Valyrian civilization, language and destruction]
වැලීරියානු ශිෂ්ටාචාරය නිර්මාණය වෙලා තිබුණෙ එසෝස් මහද්වීපය තුල කියලා දන්නවානේ.GOT Universe එකේ ප්‍රධාන මහද්වීප හතරක් තිබුණා කියලා මං කලින් දවසකත් කිව්වනේ.මතක නැත්තන් මේක කියවන්න.
මේ කාලේ Asoiaf World එකේ තිබුණු ශ්‍රේෂ්ඨතම හා දරුණුම ශිෂ්ටාචාරය කියලා මේ වැලේරියා ශිෂ්ටාචාරය හදුන්වන්න පුලුවන්. ඉතින් මේ වැලේරියා ශිෂ්ටාචාරයේ උච්චතම අවස්තාවේදී Essos මහද්වීපයේන් බාගයක් විතර මේ වැලේරියා කියන Freehold එකට අයිති වුණා.
වැලීරියානු ශිෂ්ටාචාරය කියන්නේ එසෝස් වල වහල් සේවය පතුරු වමින් සිටි ශිෂ්ටාචාරයක්. මෙයාලගෙ හැසිරීම දරුණු වෙන්න පටන් ගත්තෙ මේ මිනිස්සු මකරුන්ව පාලනය කරන්න ගත්තායින් පස්සෙ තමයි.එකල වැලේරියානුවන් වහල් සේවයට ගත්ත මිනිසුන්ව පවා මකරුන්ගේ කැමට දෙන්න තරම් පහත් තත්වයක වැටුනා. මේ ශිෂ්ටාචාරය වර්දනයත් සමගම Essos වල හිටපු මිනිස්සුන්ට වැලේරියා බාශාව කතකරන්න පුරුදු වෙන්නම උනා.
වැලේරියානුවන් මකරු පාලනය කරන්න පටන් ගත්තට පස්සෙ ගිස්කාරි කියන රාජ්‍යය තමයි මුලින්ම යටත් කර ගන්නෙ පසුව වැලේරියා Freehold එක තවත් වර්දනය කරමින් Essos වලින් වැඩි ප්‍රමාණයක් මොවුන් යටත් කරගෙන සිටියා.මේ විදියට අරන් ගියපු වැලීරියානු ශිෂ්ටාචාරය Doom of Valyria නම් ගිනිකඳු පිපිරීමක් නිසා විනාශ වෙලා යනවා.
Doom of Valyria නමින් හදුන්වන වැලීරියාවේ විනාශය සිද්ධ වෙන්න ප්‍රදානම හේතුව වෙන්නෙ දැවැන්ත ගිනිකඳු පිපිරීම. ගිනිකඳු 14ක් එක පාර සක්‍රීය වීමෙන් තමා විනාශය සිද්ධ වුණා කියලා කියන්නෙ.
වැලීරියාවේ විනාශය සිද්ධ වෙන්න අවුරුදු 12කට කලින් ඒනාර් ටාගේරියන්ගේ දුව වුණ ඩේනීස් (The Dreamer) මේ දේ සිහිනෙන් දකිනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඩේනිස් කියන්නේ අනාගතේ ගැන එක එක දේවල් දකින්න පුළුවන් කෙනෙක්. හරියට හෙලේනා ටාගේරියන් වගේ.ඉතින් මේ නිසා ඒනාර් ටාගේරියන්ට වැලීරියාවේ විනාශයෙන් බේරිලා ඩ්‍රැගන්ස්ටෝන් වලට පලා ගිහින් බේරෙන්න පුලුවන් වෙනවා. මෙයා යද්දි මකරුන් පස් දෙනෙක්ව හා තවත් බිත්තර කීපයක් අරන් ගියා කියලා කියනවා. ඒ වගේම මේ ටාගේරියන්ලාට කලින් ඒ කියන්නෙ වැලේරියාවේ විනාසයට ගොඩ කලෙකට කලින් Velaryons මකර පාලක නොවන පිරිස Driftmark කියන ප්‍රදේශයට ඇවිත් පදිංචි වෙනවා.ඉතිං මේ Velaryonsලා වැලේරියාවෙ හිටපු දක්ශම නාවිකයො ඒ නිසාම මේගොල්ලො විනාශය වෙන්න කලින්ම භූගෝලීය වශයෙන් ආරක්ශිතව තමයි හිටියෙ. HOTD බලන අය නම් Velaryons කියන්නෙ කවුද කියලා දන්නවා.
මෙතන හිටපු එක මකරෙක් තමයි බැලේරියන් එහෙමත් නැත්නම් Balerion The Black Dread කියන්නේ. අනිත් මකරු හතර දෙනාම කාලයාගේ ඇවෑමෙන් මිය ගියා. අවසානෙදි පුරාණ වැලේරියාවේ මහිමය දුටු එකම මකරා වුණේ බැලේරියන් විතරයි. බැලේරියන් වැලීරියාවේ ස්වර්ණමය යුගය දුටු අවසාන ජීවියා විදියට නම් ලබමින් ජැහේරිස් ටාගේරියන් රජතුමාගේ කාලයේදී ජීවිතයට සමු දෙනවා. බැලේරියන්ගේ අවසාන මකර ධාවකයා වුණේ විසේරියස් ටාගේරියන්.මකරා ගැන සම්පුර්ණ විස්තරයක් දැනගන්න මේක කියවන්න
වැලීරියානුවන්ගෙ මේ ශිෂ්ටාචාරය මෙතරම් වේගයෙන් දියුණු වෙන්න හේතු වුනේ මකරුන් පාලනය ඇරබීම කියලා තමයි සදහන් වෙන්නේ. ඉස්සර වැලේරියාවේ හිටපු මිනිස්සු එච්චර දියුණු ශිෂ්ටාචාරයක් දැකලා තිබුණේ නෑ කියලා සදහන් වෙනවා. වැලීරියානු ශිෂ්ටාචාරය ඒ තරමටම වේගයෙන් දියුණු වුණා.
කොහොමහරි මෙයාලගේ ස්වර්ණමය යුගයෙදි වැලීරියානුවන්ට දන්නා ලෝකයෙන් බාගයක් විතර අයිති වුණා කියලා උඩදි කිව්වානේ.
ඒත් ඕනෙම දියුණු ශිෂ්ටාචාරයක අදුරු පැත්තක් තියෙනව කියලා අහලා ඇතිනේ වැලේරියානුවන්ටත් ඒක එහෙමම උනා. මෙයාලගෙ ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණේ වහල් වෙළදාම. ඒ වගේම මෙයාලා තමන්ගෙ වහල්ලු මකරුන්ට බිලි දුන්නා වගේම මෙයාලා එසෝස් මහද්වීපයේ හිටපු මිනිස්සුන්ට වැලීරියානු භාෂාව කතා කරන්න කියලා බල කරලා තමයි එයාලා තමන්ගේ භාෂාව ප්‍රචලිත කළේ. Dance of the Dragons කාල සමය වෙනකොට වැලීරියානු භාෂාව ටාගේරියන් නිවාසයට විතරක් සීමා වුණාට පුරාණයේදී වැලීරියානු භාෂාව කතා කල ගොඩක් මිනිස්සු හිටිය. එසෝස් වල හිටපු මිනිස්සු හැමෝම වගේ වැලීරියානු භාෂාව කතා කරන්න හේතු වුණ ප්‍රධානම දේ තමයි මකරු. එසෝස් වල හිටපු මිනිස්සු වැලීරියානු ශිෂ්ටාචාරය පාලනය කරපු පුද්ගලයින්ට සහ මකරුන්ට බයේ තමා ජීවත් උනේ.
ඇයි වැලේරියානුවන් ඇතුළු ටාගේරියන් නිවාසය ඔවුන්ගේ වාසස්ථාන ගිනිකඳු ආශ්‍රිතව තියා ගත්තේ.ඒකට හේතුවක් තිබුනා. වැලේරියානුවන ළඟ හැමවෙලේම වගේ මකර බිත්තර තිබුණා. මකරුන්ව පාලනය කරන්න පටන් ගත්තට පස්සෙ තමයි මෙයාලට මකර බිත්තර හම්බවෙන්න පටන් ගත්තේ.
මකර බිත්තරයක් කියන්නේ හැමවෙලේම වගේ අධික උණුසුමක් තියෙන තැනක තියන්න ඕනේ හා පරිස්සමින් බලාගන්න ඔන දෙයක්. මේ හේතුව නිසා තමයි වැලීරියානුවන් තමන්ගේ වාසස්ථාන විදියට ගිනිකඳු සහිත ප්‍රදේශ තෝරගත්තේ. දැන් ටාගේරියන් නිවාසයේ ප්‍රධානම බලකොටුවක් වෙන ඩ්‍රැගන්ස්ටෝන් කියන්නෙත් ගිනි කන්දක් මත හදපු බලකොටුවක්.
කොහොමහරි Doom of Valyria නිසා වැලීරියානු ශිෂ්ටාචාරය බිඳ වැටීමත් එක්ක මිනිස්සු වැලීරියානු භාෂාව කතා කරන එක නතර කරනවා. එතනින් පස්සෙ වැලීරියානු භාෂාව කතා කළේ එසෝස් සහ වෙස්ටරෝස් වල හිටපු උසස් පුද්ගලයින්. එයාලගේ රහස් හුවමාරු කරගන්න පාවිච්චි කරපු ප්‍රබන්ධ භාෂාවක් විදියට එයාලා වැලීරියානු භාෂාව පාවිච්චි කලා.
.jpeg)
.png)
.jpeg)


Comments
Post a Comment