BALERION

 BALERION

වෙස්ටරෝසය  දුටු විශාලව මකරා

LEGEND OF THE BLACK DREAD

Balerion The Black Dread 🐉

Balerion

බැලේරියන් ...Aenar Targaryen වැලේරියා විනාශයට පෙර රැගෙන ආ මකරුන් පස් දෙනාගෙන් එක් අයකු වේ.Aegon ගේ කාලය වන විට ඉතිරි සතර දෙනාම මියයන අතර Aegon මොහුගේ ධාවකයා වන අතර අතීත වැලේරියාවේ මහිමය දුටු අවසාන ජීවියා සහ Westeros තුළ සිටි විශාලතම මකරා ලෙසද මොහුව හදුන්වයි.

 මොහුගේ දාවකයින් ලෙස පිළිවෙලින්, 

                     • Aegon i Targaryen 

                     • Maegor i Targaryen 

                     • Aerea Targaryen 

                     • Viserys i Targaryen 

මෙම මකරාව නම් කර ඇත්තේ වැලෙරියාවේ සිටි පැරණි දෙවි කෙනෙකුගෙ නමිනි. කලු පැහැති කොරපොතු හා පියාපත් සහිත බැලේරියන් කෙතෙරම් විශාලද කිවුවොත් නගරය ඉහළින් පියාසර කරන විට ඔහුගේ සෙවනැල්ලට මුලු නගරයම වැසී යයි .

ඔහුගේ දත් කඩු තරම් විශාල වූ අතර ඔහුගේ හකු යෝධ මැමත් සතෙකු ගිල දෑමීමට තරම් විශාල විය..

බැලේරියන් ඉපදෙන්නෙ Valyria වලදි..Valyria Doom එක වෙන්න කලින්..ගිනි කන්දක් පුපුරලා Valyria අධිරාජ්‍ය මකරුත් එක්කම විනාශ වෙද්දි Aenar Targaryen  කියන වංශාධිපතියා බැලේරියන් ඇතුලු තව මකරු පස් දෙනෙකුයි මකර බිත්තර ටිකකුයි අරන් Dragonstone වලට එනවා..බැලේරියන් එක්ක එන අනිත් මකරු හතර දෙනාම මැරෙනවා..පුරාණ වැලේරියා යුගයෙන් ඉතුරු වෙන එකම මකරා වෙන්නෙ බැලේරියන් තමයි..

Balerion කලු පාටට හුරු මකරෙක් වන අතර මේ මකරාගෙ විශාලත්වය කෙතරම්ද කිව්වොත් මේ මකරා Kings Landing උඩින් පියාසර කරන විට මකරාගෙ හෙවනැල්ලෙන් මුළු නගරයම වැසෙන තරම්.දතක් කඩුවකට වඩා සයිස් ඉතින් පලවෙනි Aegon Targaryen බැලේරියන්ගෙ රයිඩර් වෙලා ඩ්‍රැගන්ස්ටෝන් වල ඉදන් වෙස්ට්‍රස් ආක්‍රමණය කරනවා එයා සහෝදරියො දෙන්නා වගේම රැජිනලා දෙන්නා හා බිරින්දා වරුන් දෙන්නා උන Visenya Targaryen හා Rhaeanys Targaryen එක්ක ඒ දෙන්නගෙ මකරු උන Vhagar,Meraxes එක්ක..ඒ මකරු දෙන්නා ඉපදෙන්නෙ Aenar Targaryen 

බැලේරියන් තමා දැනට වෙස්ටරෝස් වල ජීවත් උන ලොකුම මකරා..මකරා මිය යන්නෙත් වයසට ගිහින් ස්වභාවිකවමයි.අයන් ත්‍රෝන් එක හදන්නෙත් මේ බැලේරියන්ගෙ ගින්දර වලින්මයි.

Aegon Targaryen මැරුනට පස්සෙ එයාගෙයි Visenya Targaryenගෙ පුතා උන Maegor

 targaryenට බැලේරියන් අයිති වෙනවා.Maegor targaryen බැලේරියන්ගෙන් එයාගෙ හතුරො ගොඩක් මරලා දාලා තියනවා.Maegor ගෙම බෑනා උන Prince Aegon වයි එයාගෙ මකරා උන Quicksilverවයි මරලා දාලා තියෙන්නේ බැලේරියන් ම තමා.

Maegor Targaryen ගෙ මරනෙන් පස්සෙ Aerea Targaryen ට බැලේරියන් අයිති වෙනවා.ඊට පස්සෙ Aerea එක්කම බැලේරියන් අවුරුදු ගානක් හොයාගන්න නැති වෙනවා...මකර දාවකයාට මකරව පාලනය කරන්න බැරි උනොත් මකරා පියාබන් යන්නෙ මකරා ඉපදුන තැනට කියලා සදහන් වෙනවා.හරියට කලිසිගේ මරනයෙන් පස්සෙ ඇගේ මකරා ගියා වගේ.බැලේරියන් Aerea එක්කන් ගිහින් තියෙන්නේ විනාශ උන Valyriaවලට..අවුරුදු ගානකට පස්සෙ ආය දෙන්නම එනවා හැබැයි Aerea අදුනගන්න බැරි තරමට විකුර්ති වෙලා තියෙනවා Grayscale වගේ ලෙඩක් හැදිලා මැරෙන්න ඔන්න මෙන්න.ඒ වගේම බැලේරියන් ගෙ අඩි නමයකට වඩා ලොකු ලේ ගලන තුවාල තිබිලා තියෙනවා.

ඊට පස්සෙ බැලේරියන් ව Dragonpit එකට දාලා ආරක්ශා කරලා තියනවා.

අන්තිමට බැලේරියන් ගේ පිටේ ගිහින් තියෙන්නේ 1 වෙනි Viserys Targaryen කුමාරයා..ඒ වෙද්දිත් බැලේරියන් හොදටම දුර්වල වෙලා තමා ඉන්නෙ ඒ හින්දම Viserysට මකරව එතරම් දුරක් පදවන්න හම්බෙන්නෙ නෑ.පසුව මකරාගෙ මරනෙන් පස්සෙ Viserys ආයෙ තවත් මකරෙක් එක්ක සම්බන්ධයක් පවත්වා ගන්නෙ නෑ ඒ බැලේරියන් එක්ක තිබ්බ සම්බන්ධය එතරම්ම ශක්තිමත් හින්දා.

Comments