විජයග්‍රාහක ඒගොන්ගේ පළමු වෙස්ටරෝස් ආගමනය [Story of Aegon the Conquer]

 Story of Aegon the Conquer

Aegon The Conquer

බොහෝ දෙනෙකුගේ සිතාගෙන සිටින්නේ ඒගොන් කිංග්ස් ලෑන්ඩින් වලට එන්නට පෙර කිසිදාක වෙස්ටරෝස් වලට ඇවිත් නැහැ කියලා. නමුත් ඒක ඇත්තක් නොවේ. තරුණ ඒගොන් තමන්ගේ ඉගෙනුම් කටයුතු සම්පූර්ණ කරන්න වසර කිහිපයක්ම ඕල්ඩ්ටවුන් (Oldtown) නගරයේ සිටඩේල්හි ශිෂ්‍යයෙක් විදියට ඉදලා තියෙනවා. මේ සිටඩෙල් වලදී තමයි වෙස්ටරෝස් වල සෑම මේස්ටර් වරයෙක්ම පුහුණු කරන්නේ. ඕල්ඩ්ටවුන් නගරය තමයි කිංග්ස් ලෑන්ඩින් නගරය බිහි වීමට පෙර වෙස්ටරෝස් වල තිබුණු විශාලම නගරය නැත්නම් අග නගරය උනේ. ඉතින් අපිට හිතන්න පුලුවන් ඒගොන් සතුව වෙස්ටරෝස් පිලිබද හොද හසල දැනුමක් මුල ඉදලම තිබුනා කියලා.

ඒ කාලය වන විට වෙස්ටරෝස් වල බලවත්ම පාලකයන් දෙදෙනා වුනේ Iron Islands සහ Riverland යන දෙකම පාලනය කල හැරන් (Harren the Black ) සහ Stormland වල ආගිලැක් රජු නැත්නම් අවසන් කුණාටු රජු (Storm King). මේ ආගිලැක් රජු නිතරම සැකයෙන් හිටියේ හැරන් යම් දිනක තමන්ගේ රාජධානිය යටත් කර ගනීවී කියලා.ඒ සැකයට ප්‍රදානම හේතුවක් උනේ ඔහුට සිටියේ දියණියක් පමණක් නිසා රාජ්‍ය බාරදීමට පුතෙකු නොමැති කම. 

ඒ නිසා ඔහු තීරණය කරනවා තමන්ගේ දියණිය ඩ්‍රැගන්ස්ටෝන් වල පාලකයා උන තරුණ ඒගොන් ටාගේරියන් ට විවාහ කර දීමට. ඒ මගින් තමන්ගේ රාජධානියට මකරුන්ගේ ආරක්ෂාව ලබා ගැනීම තමයි ඔහුගේ ප්‍රමුඛ බලාපොරොත්තුව වුණේ... 

නමුත් මේ විවාහ යෝජනාව ඒගොන් ටාගේරියන් ප්‍රතික්ෂේප කරනවා. මොකද ටාගේරියන්වරුගේ දැඩි ප්‍රතිපත්තියක් තියෙනවා ඔවුන් විවාහ වෙන්නෙ පිරිසිදු වැලීරියානු රුධිරය සහිත අයවලුන් සමග පමණක් බවයි කියා. මොකද මකරුන් පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ වැලීරියානු රුධිරය සහිත අයවලුන්ටම පමණයි කියලා ඔවුන් දැඩිව විශ්වාස කලා. මේ නිසා ටාගේරියන්වරු අතර විවාහ සිද්ධ වුනේ සහෝදර සහෝදරියන් අතරේයි. මේ හේතුව නිසා ඒගෝන් විවාහ යෝජනාව ඉවත දමනවා.

Timeline එක ගැටළු තියෙනවනම් මේ පෝස්ට් එක කියවන්න.

From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames. ඒගොන්ගේ ආක්‍රමණයේ සිට රොබට්ගේ කැරැල්ල දක්වා 

Comments