The Great Council of 101 AC: Succession and the Struggle for the Iron Throne
101 ACදී පැවැත්වුණු Great Council එක Great Council of Harrenhal ලෙසද හැඳින්වේ. Old King ලෙස හැදින්වෙන Jaehaerys I Targaryen රජු විසින් ඔහුගේ පුත්‍රයා සහ උරුමක්කාරයා වන Baelon Targaryenගේ අනපේක්ෂිත මරණයෙන් පසු මෙම කවුන්සිලය කැඳවන ලදී. ඒ සත් රාගධානියේ අධිපතීන්ට රජුගෙන් පසු Iron Throne එක හිමි විය යුත්තේ කාටද යන්න තීරණය කිරීමටයි. (HOTD සීරීස් එකේදී මේක දකිනවා අපි)
The Succession Crisis
Jaehaerys I Targaryen රජුගේ පුත්‍රයා සහ උරුමක්කාරයා වූ Aemon කුමරු 92 AC දී මිය ගිය විට Jaehaerys I විසින් Aemonගේ බාල සොහොයුරා වන Baelon කුමරු තම උරුමක්කාරයා ලෙස තෝරා ගත් අතර Aemon දියණිය සහ එකම දරුවා වන Rhaenys කුමරිය මගහැර ගියේය. මෙම තීරණය නිසා Jaehaerys I රජු සහ Alysanne Targaryen රැජින අතර නැවතත් ආරවුලක් ඇති විය.
Baelon කුමරු 101 ACදී උණ්ඩුක පුච්ඡය පුපුරා යාමෙන් මිය ගිය අතර Jaehaerys I හට නැවතත් උරුමක්කාරයෙකු අවශ්‍ය විය. මේ අනුප්‍රාප්තික අර්බුධය හමුවේ Baelon කුමරුගේ සහෝදරිය හා බිරිඳ වන Alyssa Targaryen කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන Viserys Targaryen කුමරු සහ Rhaenys Targaryen කුමරියගේ පුත් Laenor Velaryon යන දෙදෙනාගේම ආධාරකරුවන් සිහසුනට ඔවුන්ගේ හිමිකම් පෑම සඳහා හමුදාවන් පිහිටුවා ගත් බවට සදහන් වේ.
Laenor Velaryonගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා Lord Corlys Velaryon බලඇණියක් සූදානම් කරමින් සිටින බවට කටකතා පැතිර ගියේය. Baelonගේ බාල පුත් Daemon Targaryen කුමරු ද සටනක් ඇති වුවහොත් ඒ සදහා කුඩා හමුදාවක් රැස් කළේය. සිවිල් යුද්ධයකට බිය වූ Jaehaerys I රජු තම දිවි ගලවා ගත් එකම පුත් Archmaester Vaegonව Citadel වෙතින් කැඳවීය. එහිදී Vaegon විසින් Great Council එක් කැදවා සිහසුනට තරග වදින්නන්ගෙන් සිහසුන හිමිවන අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කරන ලෙස යෝජනා කළේය. කවුන්සිලය තීරණය කරන ඕනෑම දෙයක් පිළිගැනීමට පොරොන්දු වෙමින් Jaehaerys Iද එම යෝජනාවට එකග විය.
පළමු මහා කවුන්සිලය සඳහා Harrenhal ස්ථානයක් ලෙස තෝරා ගන්නා ලද අතර එබැවින් අවම වශයෙන් පන්සියයක්වත් ස්වාමිවරුන් සහ පිරිවරට සත්කාරකත්වය සැපයිය හැකිය. අවසානයේදී Westeros පුරා සිට දහසකට වැඩි ස්වාමිවරුන් පිරිසක් පැමිණි අතර වසර භාගයක් පුරා කවුන්සිලය රැස් වූහ සමහරු පැමිණියේ කවුන්සිලය අවසන් වන විටදීය. මෙකල අසල පිහිටි Harrenton නගරය රාජධානියේ සිව්වන විශාලතම ජනාවාසය වූ අතර King's Landing, Oldtown, සහLannisport පෙරමුණ ගත්තේය.
The Claimants and Attendees of the Great Council
- Prince Viserys Targaryen - Main Heir
- Laenor Velaryon - Potential claimant via Rhaenys
- Princess Rhaenys Targaryen - Her claim via gender/primogeniture
- Laena Velaryon - Next Generation / Minor
- Archmaester Vaegon - not a claimant but advisor/proposer, maybe
- Princess Saera Targaryen’s Unnamed Bastards Saera (කුමරියගේ නම් නොකළ අවජාතකයන් තිදෙනෙක්. Saera කියන්නෙ Jaehaerys I රජුගෙ දියණියකි)
- An unnamed Heir (නම් නොකළ වංශධිපතියෙක්)
- An unnamed Warrior (නම් නොකළ සටන් කරුවෙක්)
- An unnamed Hedge Knight (නම් නොකළ Hedge Knight වරයෙක්)
- තවත් සදහනක් නොමැති පුද්ගලයන් තිදෙනෙක් (අවසාන තිදෙනාගේ අනන්‍යතාවය පොත්වල හෙළිදරව් කර නොමැත. ඔවුන් Daemon Targaryen, Aemma Arryn සහ Saera Targaryen විය හැකි අතර ඔවුන් තිදෙනාම මහා කවුන්සිලය පැවති කාලයේදී Jaehaerys I ගෙන් පැවත එන්නන් විය.)
The council
කවුන්සිලය දින දහතුනක් රැස්වී සිහසුන සදහා හිමිකම් දාහතරක් සාකච්ඡා කළේය. අඩු හිමිකම් සහිත අපේක්ශකයන් නවයක් ඉක්මනින් ඉවත දමන ලදී. පසුව පැවති සාකච්ඡා වලදී Archmaester Vaegon ඔහුගේ වගකීම් හෙතුවෙන් ඉවත් කරන ලදි. Rhaenys කුමරිය සහ ඇගේ දියණිය Laena ඔවුන්ගේ ලිංගිකත්වය (ගැහැණු වීම නිසා) හේතුවෙන් ඉවත් කරන ලදි. පසුව රැස්ව සිටි ස්වාමිවරුන් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු කෙරෙහි පමණක් අවධානය යොමු කළහ.ඒ Viserys Targaryen කුමරු සහ Rhaenysකුමරියගේ පුත් Laenor Velaryon ය.
අපේක්ශකයන් දෙදෙනා තෝරා ගැනීම සදහා මූලධර්මයන් දෙකක් භාවිතා විය. ඉන් පළමු වැන්න නම් ප්‍රාථමික උරුමය (Primogeniture) යි දෙවැන්න නම් සමීපත්වය (Proximity) යි. Rhaenys Targaryen කුමරිය Jaehaerys I Targaryen රජුගේ වැඩිමහල් ජීවමාන පුත්‍රයා වූ Aemon Targaryen කුමරුගේ දියණිය වූ බැවින් ප්‍රාථමික උරුමය (Primogeniture) මත Laenor තේරී පත් විය. එහෙත් සමීපත්වය (Proximity) Viserys හට සහය දැක්වූ අතර ඔහු 94 ACදී මිය යාමට පෙර Balerion මකරා පිට නැඟී ගිය අවසන් Targaryen කුමාරයා විය. අනෙක් අතට Laenor මෑතකදී මකරෙකු වන Seasmoke අත්පත් කර ගෙන තිබුණි.
සාකච්ඡා අතරතුර සිහසුනට හිමිකම් පෑමේ අපේක්ශකයන්ගේ වයසද සාකාච්චා සදහා භාජනය විය. Viserys කුමරු විසිහතර හැවිරිදි මිනිසෙක් වූ අතර ඔහුට පසුව සිංහාසනයට පැමිණිය හැකි දියණියක් ඒ වන විටත් බිහි කර තිබුණි. ඒ වන විට Laenor වයස අවුරුදු හතක පිරිමි ළමයෙකි. කෙසේ වෙතත් Viserysට වඩා Laenorගේ විශාල වාසිය වූයේ ඔහු සත් රාජධානියේ ධනවත්ම මිනිසා වූ Lord Corlys Velaryonගේ පුත්‍රයා වීමයි. Corlys කීරතිය සහ ධනය Laenorගේ හිමිකම් ලබා ගැනීමට සහාය වීමට බොහෝ දේ කළේය.
අවසානයේදී රාජධානියේ ස්වාමිවරුන් දුටුවේ කාන්තා රේඛාවට වඩා පිරිමි රේඛාව ප්‍රමුඛස්ථානය ගැනීමෙහි ඇති වැදගත්කමයි. Maesters වරු විසින් කිසි විටෙකත් සැබෑ සංඛ්‍යා හෙළි නොකළද Viserys කුමරු ඡන්දය ජයග්‍රහණය කළ බවට කටකතා පැතිර ගියේය. Laenorට ඡන්දය දුන් අය බොහෝ දුරට Velaryons සහ Blackwater බොක්කෙහි ඔවුන්ගේ සමීප සගයන් වන Celtigars සහ Bar Emmons මෙන්ම Baratheons (Rhaenysගේ මව වගේම Laenorගේ ආච්චි Jocelyn Baratheon විය) සඳහා සීමා විය. කෙසේ වෙතත්, Starks සහ ඔවුන්ගේ ප්‍රධාන යටත් වැසියන් වන Manderly සහ House Dustin මෙන්ම Riverlandsහී Blackwoodද Laenorට සහාය විය. Starks වරු සහ ඔවුන්ගේ යටත් වැසියන් Velaryon පාර්ශවයට සහාය දැක්වීමට එක් හේතුවක් වූයේ Stark වරුන් උතුරේ පිහිටි ප්‍රාකාරයේ Night's Watch එක සදහා පුද්ගලයන් ලබා ගැනීමෙ ගැටළුවක් නිසා Jaehaerys I රජු සමඟ අමනාපයෙන් සිටි නිසා බව සදහන් වෙනවා.
මහා කවුන්සිලයට සහභාගී වීම සඳහා Jaehaerys I රජු Harrenhal වෙත ගියේ නැත. King's Landing වෙත තීන්දුව පිළිබඳ පුවත ලැබුණු විට Jaehaerys I කවුන්සිලයේ තීරණයට ගරු කළ අතර Dragonstoneහී නව කුමාරයා ලෙස Viserys නම් කළේය. Oldtownහී සාමිවරයාගේ බාල සහෝදරයා වන Ser Otto Hightower මිය ගිය Baelon කුමරු වෙනුවට රජුගේ හස්ථය ලෙස තෝරා ගන්නා ලදී.
Participating Nobles and Their Allegiances
- Known supporters of Laenor Velaryon:
- Lord Corlys Velaryon of House Velaryon
- Lord Boremund Baratheon of House Baratheon
- Lord Celtigar of House Celtigar
- Lord Bar Emmon of House Bar Emmon
- Lord Blackwood of House Blackwood
- Lord Ellard Stark of House Stark
- Lord Manderly of House Manderly
- Lord Dustin of House Dustin
- Known supporters of Viserys Targaryen:
- Lord Tymond Lannister of House Lannister
- Lord Peake of House Peake
- Lord Grover Tully of House Tully
- Prince Daemon Targaryen of House Targaryen
End Result
- The Council’s Verdict
රැස්ව සිටි බොහෝ දෙනෙකුගේ ඇස් ඉදිරිපිට 101 AC හි කවුන්සිලයේ අනුප්‍රාප්තික කාරණා සම්බන්ධයෙන් රාජධානියට පූර්වාදර්ශයක් ලබා දිය. ඒ Iron Throne උරුමය කාන්තාවකට හෝ කාන්තාවකගෙන් පැවත එන පිරිමියෙකුට පැවරිය නොහැකි බවයි.
- Rhaenyra Named Heir
සිංහාසනයට පත්වීමෙන් පසු Viserys I Targaryen රජු ඔහුගේ දෙවන උපන් පුත්‍රයා වන Baelon කුමරුගේ මරණයෙන් පසු ඔහුගේ දියණිය වන Rhaenyra ඔහුගේ පළමු විවාහයෙන් දිවි ගලවා ගත් එකම දරුවා ලෙස ඔහුගේ උරුමක්කාරයා ලෙස නම් කළේය. ඔහුගේ දෙවන විවාහයෙන් පුතුන් තිදෙනෙකු ඉපදුණු පසු, Viserysගේ අනුප්‍රාප්තිය ගැන නැවත නැවතත් විමසන ලද නමුත් ඔහු 101 AC හිදී ලබා දුන් පූර්වාදර්ශ නොසලකා හැරීමට තෝරා ගත් අතර Rhaenyra ඔහුගේ උරුමක්කාරයා ලෙසම සිටියේය. 109 AC හි Viserys රජුගේ හස්තය වන Ser Otto Hightowerව නෙරපා හැරියේය.
- After Viserys: Team Green and Political Maneuvers
Viserysගේ මරණයෙන් පසු Team Green විසින් සිංහාසනය සඳහා වූ කුමන්ත්‍රණය ආරම්භයේදී Viserysගේ Small Councilය සහ Great Councilයක් කැදවීම සදහා අදහස් කරගෙන සිටියේය. පසුව Great Councilය අතරතුර එකඟ නොවූ අධිපතියන් Aegon II Targaryen වෙනුවට Rhaenyra Targaryen සහාය දැක්වීමට ඉඩ ඇති බව ඔවුන් තීරණය කළහ. අනෙක් අය Team Green එක වීසින් Great Council එකේදී ඡන්දය දුන් ආකාරය අනුව Starkවරු Rhaenyra Targaryenගේ පැත්ත ගනු ඇතැයි නිවැරදිව පුරෝකථනය කළහ.
Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs
Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames
209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන, Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න වගේම Whitewalls විවාහ මංගල්‍යය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)

.jpg)


Comments
Post a Comment