The First Blackfyre Rebellion: A Challenge to the Targaryen Throne

The Beginning of the First Blackfyre Rebellion

ඉතිහාසයේ First Blackfyre Rebellion ලෙස හැඳින්වෙන මෙම ගැටුම, රජු වූ Daeron II Targaryenගේ පක්ෂපාතී හමුදා සහ ඔහුගේ අර්ධ සහෝදරයා වූ Daemon Blackfyreගේ කැරලිකාර හමුදා අතර සිංහාසනය සඳහා පැවති යුද්ධයකි.

මියගිය Aegon IV Targaryen රජුගේ අවජාතක පුත්‍රයෙකු වූ Daemon, ඔහුගේ නීත්‍යානුකූල සහ වැඩිමහල් සහෝදරයා වන Daeron සිංහාසනයට පත්වීම අභියෝගයට ලක් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, Dance of the Dragons යුද්ධයෙන් පසු නැවත වරක් රාජධානි හත බෙදූ විවෘත සිවිල් යුද්ධයක් ඇතිවිය.

මෙම ගැටුම පසුව පරම්පරා පහක් පුරා දිගහැරුණු Blackfyre කැරලි පහෙන් පළමුවැන්න ලෙස ඉතිහාසයට එක්විය.

The Seeds of the Blackfyre Rebellion


Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames
  • The Reign of Baelor the Blessed
Baelor I Targaryen රජු ​​Dorne සමඟ සාමය ඇති කර ගැනීමෙන් පසු, ඔහු King's Landing වෙත ආපසු ගොස් ඔහුගේ වැඩිමහල් සහෝදරිය වන Daena සමඟ තිබුණු ඔහුගේ විවාහය අවලංගු කරන ලදි. පසුව ඔහු Daena හා ඔහුගේ අනෙකුත් සහෝදරියන් වන Rhaena and Elaena සමඟ Maidenvault හි සිර කළේය. ( ඒ ගැන දැනගන්න උඩ දාපු දෙවෙනි ලින්ක් එකෙන් ගිහින් පෝස්ට් එකේ Baelor I Targaryenට අදාල කොටස කියවන්න) කෙසේ වෙතත් Daena අවස්ථා කිහිපයකදී මින් බේරීමට උත්සහ කළ අතර අවසානයේ 170AC  අගභාගයේදී Baelor Iගේ පාලන සමයේ අවසානය වන විට ඇගේ ඥාති සහෝදරයා වන Aegon Targaryen කුමරුගෙන් ගැබ් ගත්තාය. Daena සහ ඇගේ සහෝදරියන් සිංහාසනය සදහා ඔවුන්ට ඇති හිමිකම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, Daenaගේ මාමා වන Viserys Targaryenව Viserys II Targaryen රජු ලෙස කිරුළු පළඳවන ලදී. Viserys ඔහුගේ මරණය දක්වා වසරක් පමණක් පාලනය කළ අතර පසුව ඔහුගේ වැඩිමහල් පුත් Aegon කුමරු Aegon IV Targaryen ලෙස 172 AC දී රජ කමට පත් විය.
  • Aegon the Unworthy and the Rise of Daemon Blackfyre
Daenaගේන් Aegon ලැබුණු ඔහුගේ පිළි නොගත් අවජාතක පුත්‍රයාට අමතරව Aegon IV Targaryen රජු තම සහෝදරිය වන Naerys සමඟ විවාහ වීමෙන් 153AC දී උපත ලැබූ Daeron නම් නීත්‍යානූකූල පුත්‍රයෙකු සහ 172AC දී උපත ලැබූ Daenerys නම් දියණියක් ද ලැබීය. Aegon ඔහුගේ පාලන සමයේදී Daeron සමග විරසකව සිටි අතර Daeron ඔහුගේ පියාගේ අදහස් සහ දූෂිත පාලන විලාසයට විරුද්ධ විය. 174 AC දී Aegon රජු Dorne වලට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළ විට Daeron එයටද විරුද්ධ විය. Dorne හි උපන් Myriah Martell ඔහුගේ බිරිඳ වීමද මේ ගැටුම තවත් තීව්‍ර කළේය.මෙම කාලය තුළ, Daeron ඇත්ත වශයෙන්ම Aegonගේ පුත්‍රයෙකු නොව, ඔහුගේ සහෝදරිය Naerys සහ ඇගේ සහෝදරයා වූ Aemon Targaryen අතර සම්බන්ධයකින් උපන් දරුවෙකු බවට කටකතා පැතිරුණි. මෙම කටකතා පතුරවන්නෙම Aegon IV රජු බවටත් පවසන ලදී. මෙවැනි කටකතා හේතුවෙන්, රාජධානිය තුළ Daeronට සහාය දක්වන කණ්ඩායමක් සහ Aegonගේ ප්‍රියතමයන්ට සහාය දක්වන තවත් කණ්ඩායමක් ලෙස දෙකක් මතුවන්නට පටන් ගත්තේය.

182 AC දී, Aegon ඔහුගේ අවජාතක පුත්‍රයා වන Daemon Waters හට නයිට් පදවියට පත් කරන ලදී, ඒ Daemon වයස අවුරුදු දොළහේදී Squire's තරඟාවලියක් ජයග්‍රහණය කිරීමෙන් පසුව යි. එහිදී Aegon ප්‍රසිද්ධියේ Targaryen වංශයේ වැලේරියානු වානේ කඩුවක් වන Blackfyre අසිපත Daemon වෙත ලබා දුන් අතර අවසානයේ අවජාතක දරුවන් නීත්‍යාණුකූල කරන ලදි. අසිපත රාජාණ්ඩුව සංකේතවත් කරන බව සමහරු සිතූහ මන්ද එය ජයග්‍රාහක Aegon I Targaryen රජුගේ කඩුව වූ අතර එතැන් සිට රජුගෙන් රජුට එය හිමි විය. මේ නිසා අවසානයේ Daemon රජ විය යුතු බවට කටකතා පටන් ගත්තේය. කඩුව අත්පත් කර ගැනීමෙන් පසු, Daemon තමාට "Blackfyre" යන නාමය ලබා ගන්නා ලදී.
  • Daeron II and the Dornish Alliance
184AC මුල් භාගයේදී, Aegon IV Targaryen රජු ඔහුගේ මරණ මංචකයේදී ඔහුට සිටි සියලුම අවජාතකයින් නීත්‍යානුකූල කළේය. Daeron කුමරු Daeron II Targaryen රජු ලෙස සිංහාසනයට පත් වූ අතර පියාගේ කැමැත්ත පරිදි ඔහුගේ අර්ධ සහෝදරයා වන Daemon I Blackfyre Tyroshහී Rohanne සමඟ විවාහ විය.

Daeron විසින් ඔහුගේ පියා රැගෙන ගිය රාජ සභාව විසුරුවා හැරි අතර Daeronට පක්ශපාතී මිනිසුන් තනතුරු වලට පත් කර ගත්තේය. ඔහු තම මස්සිනා වන Maron Martell නම් Dorneහී කුමාරයා සමඟ සාකච්ඡා ආරම්භ කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 187 දී Maron Martell විසින් Daeronගේ බාල සොහොයුරිය වන Daenerys කුමරිය සමඟ විවාහ වූ අතර යටත් නොවී සිටි එකම රාජධානියත් අවසානයේ රාජධානි හතට එක් විය.

Maron Martell සාකච්ඡා අතරතුර අනෙකුත් රාජධානි සදහා නොතිබූ සහන කිහිපයක් Dorne වලට දිනා ගැනීමට සමත් විය (උදා: ඔවුන්ගේ රාජකීය පදවිය තබා ගැනීමේ අයිතිය, තමන්ගේම නීති පවත්වා ගැනීමට ස්වාධීනත්වය) මේ හේතුව නිසා පැවති අසුභදායක වාතාවරණය තව තවත් උත්සන්න විය. ඊට අමතරව, Dornishවරු King's Landingහී ඕනෑවට වඩා බලයක් දැරූ බවට විශ්වාසයක් පැවතුනි. මන්ද බොහෝ Dornishවරුන්ව King's Landing වෙත ​​ගෙන එන ලද අතර, වැදගත් තනතුරු කීපයමක්ම ඔවුන්ගෙන් පුරවන ලදී.

Daeron පියාගෙන් පසු රජු උවද ඔහුගේ නීත්‍යානුකූලභාවය පිළිබඳ කටකතා පැවතුනි. Daeron රණශූරයෙකු නොවූ අතර Daeronගේ Dornish බිරිඳ වන Myriah Martellගෙන් ලැබුණු වැඩිමහල් පුත්‍රයා වන Baelor කුමරු රණශූරයෙකු තුළ අපේක්ෂා කළ හැකි සියල්ලන්ගෙන්ම සමන්විත වූ නමුත් Baelor හට Dornishවරුන්ගේ පෙනුම තිබුණි. ඔහු Daemon I Blackfyre මෙන් Targaryen කෙනෙකු නොවීය. Dornish Marches හි වංශාධිපතියන් සහ නයිට්වරු Daeron සහ Baelor යන දෙදෙනාම අවිශ්වාස කිරීමට පටන් ගත් අතර Dornish තවමත් ඔවුන්ගේ සතුරන් යැයි විශ්වාස කළේය. මේ අතර Daemon I Blackfyre සර් Quentyn Ball විසින් පුහුණු කරන ලද ඔහුගේම ශ්‍රේෂ්ඨ රණශූරයෙකු බවට පත්ව සිටියේය. Daemonගේ ආධාරකරුවන්ට අනුව ඔහු ජයග්‍රාහක Aegonට සමාන විය. 184 AC හි Tyroshහී Rohanne සමඟ විවාහ වූ පසු පුතුන් හත් දෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු උපත ලැබීය.

Dornish සහන සහ බලපෑම, Dornish සතුරන් Dornish සහචරයින් බවට හදිසියේ වෙනස් වීම, Daeronගේ නීත්‍යානුකූල නොවන කටකතා සහ Aegon IV විසින් Daemonට රජවරුන්ගේ කඩුව ප්‍රසිද්ධියේ තෑගි කිරීම යන සියල්ල පළමු Blackfyre කැරැල්ල වර්ධනය වීමට හේතු වූ බීජවල කොටසක් විය. කෙසේ වෙතත්, සැබෑ කැරැල්ල ආරම්භ වීමට වසර ගණනාවක් ගත විය. Daemon අවජාතකයෙකුගේ තත්ත්වය සහ එයින් නියෝජනය වන දේ ගැන අමනාප වීමට අමතරව, ඔහුට කැරලි ගැසීමට බල කළ Councillorsලා සිටි අතර Dorn සමඟ සාමයට එකඟ නොවූ බොහෝ ප්‍රසිද්ධ රණශූරයන් ඔහුව සොයා ගියහ. Maekar Targaryen අනුව Daemonට කැරැල්ල සදහා ඒත්තු ගැන්වීමේදී විශාලතම කාර්යභාරය ඉටු කළේ Bittersteel සහ Red Keepහි මා Master at Arms තනතුර දරන Fireball යන දෙදෙනා ය. Daemon තම වැඩිමහල් දියණිය වන Callaව Bittersteel විවාහ කර දීමට එකඟ වීමෙන් පසුව ඔහුගේ උත්සාහය වැඩි කරමින් Aegor ඔහුට කැරැල්ලක් ඇරභීමට බල කළ අතර ඒ සදහා ස්වාමිවරුන් සහ නයිට්වරු කීප දෙනෙක්ම එක් විය.

The Lords Who Chose Their Sides

  • Targaryen supporters
    • House Arryn
    • House Caswell
    • House Darry
    • House Hayford
    • House Lannister
    • House Lefford
    • House Martell
    • House Penrose
    • House Smallwood
    • House Tully
    • House Tyrell
    • House Templeton
    • House Webber
    • House Waynwood
    • House Lothston (මුලදී Daemon සහය පල කලද පසුව ඔහුව පාවා දෙන ලදි)
  • Blackfyre supporters
    • House Ambrose 
    • House Ball
    • House Bracken
    • House Costayne
    • House Osgrey
    • House Peake
    • House Reyne
    • House Shawney
    • House Strickland
    • House Sunderland
    • House Yronwood

House Butterwell
House Hightower
House Oakheart
House Tarbeck මෙම නිවාස හතර උපක්‍රමශීලී ලෙස පාර්ශවයන් දෙකටම සහය ලබා දෙන ලදී.

The Outbreak of the First Blackfyre Rebellion
  • The Rebellion Begins
අවසානයේ පළමු Blackfyre කැරැල්ල 196AC වලදී ආරම්භ විය. එය වසරක් පමණ කාලයක් පැවතුන අතර රාජධානි දෙකට බෙදී ගියේය. සිංහාසනයට හිමිකම් කීමට Daemon තීරණය කල අතර කැරැල්ල ආරම්භ වී ටික කලකින් ආරංචිය ඉක්මනින්ම Daeron වෙත පැමිණියේය. Daemon අත්අඩංගුවට ගැනීමට Kingsguard එක යවන ලද නමුත් Red Keep ප්‍රධානියා වන Quentyn Ballගේ සහාය ඇතිව Daemon සිරගත වීමෙන් බේරීමට සමත් විය. 

Daemon විසින් Targaryen නිවසේ පාට වෙනස් කර රතු පසුබිමක කළු මකරෙකු තමාගේ සංකේතය ලෙස ලබා ගත් අතර, එමඟින් ඔහුගේ අන්වර්ථ නාමය වන "කළු මකරා / Black Dragon" (Daeron "රතු මකරා / Red Dragon" ලෙස ප්‍රසිද්ධ විය) ඇති විය.Great Houses සියල්ලම මේ සදහා සම්බන්ද නොවූ අතර Great Houses සදහා පක්ශපාතීත්වය ලබා දී ඇති නිවාසයන් බොහො වශයෙන් මෙම කැරැල්ලට සම්බන්ද විය. සියලුම නිවාස ඔවුන්ගේ පූරණ සහයෝගය පොරොන්දු නොවූ බව කියනු ලැබේ. විශේෂයෙන් Houses Hightower, Butterwell, Oakheart සහ Tarbeck  නිවාස Black සහ Red Dragon යන දෙදෙනාටම සහයෝගය ලබා දුන් අතර අනෙක් අය (උදා: Manfred Lothston) Daeron වෙනුවෙන් Daemon පාවා දීමට කැමැත්තෙන් සිටියහ. 

Daemon Blackfyreගේ ප්‍රධාන ආධාරකරුවන්ගෙන් බොහෝ දෙනෙක් Reach සහ Stormlands යන ප්‍රදේශවල සංකේන්ද්‍රණය වී සිටියහ. ප්‍රධාන වශයෙන් Dorne සමඟ නව සාමයට අකමැති වූ දැඩි Martell විරෝධී හැඟීම් ඇති දේශසීමා අධිපතීන්ද ඒ අතර විය. අවසානයේදී Daemon තමාගේම කාසි නිපදවීමට පටන් ගැනීමට තරම් භූමි ප්‍රදේශයක් විවෘතව පාලනය කිරීමට සමත් විය. එක් අවස්ථාවකදී සොරෙකු වන Quickfinger විසින් Daemon සඳහා මකර බිත්තර සොරකම් කිරීමට පවා උත්සාහ කළ අතර පසුව ඔහුව අල්ලා ගන්නා ලදී.
  • Battles of the War
යුද්ධය අතරතුර Vale, Westerlands, Riverlands Reach යන ස්ථානවල කැරලිකරුවන් සහ Targaryen පක්ෂපාතීන් අතර සටන් ඇති විය. Fireball ලෙස හදින්වෙන Quentyn Ball බටහිර ප්‍රදේශවලට පහර දී Lannisport වලදී Lord Lefford මරා දමා පසුව Lord Damon Lannisterව පරාජය කරන ලදී. ඉන් පසුව Quentyn Mander තරණය කිරීමේදී Penrose ආර්‍යාවගේ බාලයා හැර සියලු පුතුන් මරා දැමීය. Lord Leo Tyrell පළමු Blackfyre කැරැල්ලට සහභාගී වූ අතර, Targaryen නිවස වෙනුවෙන් සටන් කළේය. ඔහු Daemon Blackfyreගේ ආධාරකරුවන්ට එරෙහිව Reachහිදී කැපී පෙනෙන ජයග්‍රහණ කීපයක් ලබා ගත්තේය.


Daeron II රජු ඔහුගේ හස්ථය වන Lord Ambrose Butterwellගේ යුද්දය පිළිබද අකාර්යක්ෂම ක්‍රියා පිළිවෙත හා ඔහුගේ පක්ශපාතීත්වය ගැටළු සහගත විය. යුද්ධයේ අවසාන සටන වන Redgrass පිටියේ සටනට ටික කලකට පෙර Ambrose වෙනුවට ප්‍රසිද්ධ Targarye පක්ෂපාතීයෙකු වූ Lord Hayford පත් කරන ලදී. 

Redgrass Field සටනට ආසන්නව සිටියදී Fireball වූ ගැටුමකින් මිය ගියේය. ඒ ඔහු වතුර බොන්න නතර වූ විට අහඹු දුනුවායෙකු අතිනි. මේ අතර, Lord Bracken විසින් Blackfyre වරුන් ශක්තිමත් කිරීම සඳහා හේවායන් කුලියට ගැනීම සඳහා පටු මුහුද හරහා ගොස් තිබුන අතර ගමන අතරමගදී ඇති වූ කුණාටු නිසා ඔහු සහ ඔහු කුලියට ගත් Myrishහී දුනුවායන් පැමිණීම ප්‍රමාද විය.
  • The Battle of the Redgrass Field


පළමු Blackfyre කැරැල්ලේ අවසාන ගැටුම වූයේ 196 AC අගභාගයේදී, Daemon I Blackfyreගේ කැරලිකාර හමුදාව King's Landing වෙත ළඟා වූ විට ඇති වූ Redgrass Fieldහී සටනයි. මුල් අවදියේදී Targaryen හමුදාවන්හි පෙරමුණට Lord Donnel Arryn විසින් නායකත්වය දුන් නමුත් Daemon ඔහුගේ පෙරමුණ බිඳ දැමූ අතර පසුව Kingsguardහී Ser Gwayne Corbrayව Daemonවද පරාජය කරන ලදි. Daemon ජයග්‍රහණ ලබා ගනිමින් දිගටම ඉදිරියට ගිය අතර Brynden Rivers ඔහුගේ දුනුවායන් සමග Daemonගේ උරුමක්කාරයා වූ Aegonව හා Daemon මරා දමන ලදි. Daemon දෙවන පුත්‍රයා වන Aemon Blackfyre අල්ලා ගත් විට ඔහුව ද මරා දමන ලදී. කැරලිකරුවන් පරාජයට පත්වීමට පටන් ගත් නමුත් Ser Aegor Rivers, Raven's Teethලට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරමින් කැරලිකරුවන් නැවතත් පෙළගැස්වීය.

මෙලෙස පැවති සටනට Baelor Breakspea මැදිහත්වීම තීරණාත්මක මොහොතක පැමිණියේය. කැරලිකාර හමුදා නැවතත් ප්‍රහාර එල්ල කරමින් සිටියදී Baelor විසින් Stormlords සහ Dornishmen කණ්ඩායමක් Blackfyre කැරලිකරුවන්ගේ පිටුපස සිට ඉදිරියට කෙලින්ම මෙහෙයවීය. මේ අතර, Maekar කුමරු Baelor සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් ඉතිරි පක්ෂපාතී හමුදා එක් කරගෙන කැරලිකරුවන්ගේ ඉදිරිපස සිට පහර එල්ල කරමින් ඉදිරියටම සටන මෙහෙයවීය. සටන දරුණු විය. බොහෝ නයිට්වරු සහ අධිපතිවරු මිය ගිය අතර දෙපාර්ශ්වයේම සැලකිය යුතු පාඩු සිදු විය. එසේ වුවද Baelor සහ Maekarගේ තීරණාත්මක ක්‍රියාමාරගය තවදුරටත් අවුල් සහගත තත්ත්ව ඇති වීම වළක්වා ගැටුම වේගවත් හා තීරණාත්මක අවසානයකට ගෙන ආවේය.

සාරාංශයක් ලෙස, Daemon I Blackfyre සහ ඔහුගේ ලුතිනන්වරු මුලදී යුධ පිටියේ ආධිපත්‍යය දැරූ අතර, පක්ෂපාතීන්ගේ ජයග්‍රහණය සහ Blackfyre කැරැල්ලේ පරාජය සහතික කළේ Baelor Breakspear සහ Maekar Targarye උපායමාරගික දක්ෂතාවය සහ කාලෝචිත මැදිහත්වීමයි.

End of the First Blackfyre Rebellion

Daeron II Targaryen රජු කැරලිකරුවන්ට දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කළේය. Daemon Blackfyre හට සහාය දුන් අයට ඉඩම්, තනතුරු හෝ ධනය අහිමි විය. සියල්ලන්ටම කැරලිකරුවන්ට නිදහස සදහා ප්‍රාණ ඇපකරුවන් ලබා දීමට සිදු විය. උදාහරණයක් ලෙස Daemonගේ අරමුණට සහාය වීම නිසා Lord Gormon Peake හට ඔහුගේ බලකොටු තුනෙන් දෙකක් අහිමි විය. 

Redgrass Fieldහීදී මිය ගිය Edwyn, Harrold සහ Addam පියා උන  Ser Eustace Osgrey හට නිදහස සදහා තම දියණිය Alysanne ප්‍රාණ ඇපකරුවෙකු ලෙස අත්හැරීමට සිදු වූ අතර Osgrey හට හිමිව තිබු අතිවාසිකම් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි කර එය කැරැල්ලේදී Targaryen වරුන් හට සහය ලබා දුන් House Webber වෙත ලබා දෙන ලදි. උදාහරණයක් ලෙස, අවසන් සටනේදී මිය ගිය House Webberහී අධිපති වූ Wymanගේ පරම්පරාවට Chequy Water හි අයිතිය ලබා දෙන ලදී. Osgrey වනාන්තරය වන Wat's Woodහි දඩයම් කිරීමට සහ සෑම වසරකම දැවයෙන් ගස් විස්සක් කැපීමට ඔවුන්ට තවදුරටත් අයිතිය ලබා දෙන ලදී.

Aegor Rivers හට Blackfyre කඩුවද රැගෙන නිදහස් නගරවලට පලා යාමට හැකි වූ අතර Daemonගේ බිරිද හා ඔහුගේ ඉතිරි දරුවන් සමඟ එක්ව අවසානයේ Tyroshවෙත ගිය අතර එහි සිට දිගටම කැරැල්ල කරගෙන ගියේය. Daemonගේ පරම්පරාව Blackfyre Pretenders ලෙස පිටුවහල්ව සිංහාසනය සඳහා ඔවුන්ගේ අරගලය දිගටම කරගෙන ගියේය.

පළමු Blackfyre කැරැල්ල ඉදිරි වසර කිහිපය තුළම වෙස්ටරෝස් මත සෙවනැලි ඉතිරි කලේය. කළු මකරා වෙනුවෙන්ද රතු මකරා වෙනුවෙන්ද සටන් කළේ දැයි මිනිසෙකුගෙන් විමසීම පවා භයානක ප්‍රශ්නයක් ලෙස සලකනු ලැබීය. ගායකයින් විසින් Redgrass Fieldහී සටන තව තවත් අමරණීය කළේ "The Hammer and the Anvil" පිළිබඳ ගීතයක් හදාගනිමිනි.

209 AC දී ආරම්භ වූ මහා වසන්ත අසනීපය තවත් කැරැල්ලක් ඇති වීමේ හැකියාව ඇති කළේය. Daeron II රජු විසින් ප්‍රාණ ඇපයට ගත් බොහෝ දෙනෙක් මෙම වසංගතයෙන් මිය ගොස් තිබුණි. Daeron IIද වසංගතයෙන් මිය යන ලදි. Daeron IIගෙන් පසු උරුමක්කාරයා සහ රජුගේ හසථය වූ Baelor Breakspear කුමරු Ashford Meadow හි තරඟාවලිය අතරතුර සටනකදී මිය ගොස් තිබුණි. Baelorගේ පුතුන් දෙදෙනා වන Valarr සහ Matarysද වසන්ත අසනීපයෙන් මිය ගිය අතර එය Daeron IIගේ පුත්‍රයෙකු හා පොත් පිස්සෙකු වූ Aerys I Targaryenගේ රාජාභිෂේකයට හේතු විය. ඔහු  Ser Brynden Rivers ඔහුගේ හස්ථය ලෙස නම් කළේය. මෙම තත්වයන් යටතේ Daemon Blackfyreගේ දිවි ගලවා ගත් වැඩිමහල් පුත් Daemon the Younger, Tyrosh සිට Westeros වෙත පැමිණි අතර දෙවන Blackfyre කැරැල්ල 212 AC ආරම්භ කිරීමට සූදානම් විය.

Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs

209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන වගේම Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)

Blackfyre Rebellions ගැන දැනගන්න - Blackfyre Rebellions

Comments