Rhoynar වරුන්ගේ සංක්‍රමණය.[Migration of the Rhoynar]

The Rhoynar Migration

ඔන්න මේ පෝස්ට් එකෙන් කියන නේ Nymeria කුමරිය සහා නැව් දසදහස ගැන.ඒ කියන්නේ Rhoynar වරුන්ගේ Westeros සංක්‍රමණය ගැන.  

කතාවට යන්න කලින් සුබ ආරංචියක් තියෙනවා කියන්න ඒ තමයි මේ අද කතාකරන්න යන කතාවෙන් GOT Prequel Series එකක් හදනවා කියලා දැනුම් දීලා තියෙනවා.මේ සිද්දින් ටික ඇතුලේ තමා 10 000 ships and 300 Dragons Battle එක සිද්ද වෙන්නෙ..

GOT Prequel Series

මුලින්ම Time line එක ගැන කිව්වොත් 950BC කාලේ උන සිද්දියක් තමයි මේක. ඒ කියන්නේ House of dragon වලට අවුරුදු 1062 කලින්. මේ Asoiaf World එකේ කාලයන් බෙදෙන්නේ

  • BC - එගෝන්ගේ වෙස්ටරෝස් ආක්‍රමණයට පෙර
  • AC - ඒගෝන්ගේ වෙස්ටරෝස් ආක්‍රමණයෙන් පසු

හරි දැන් බහිමු කතාවට. සරලවම මේකේ වෙන්නෙ නැගෙනහිර Essos   මහද්වීපයේ තිබෙන Rhoynar කාලාපය හා වේගයෙන් බලය පතුරුවගෙන යන Valyrian Freehold එක අතර වන ගැටුමෙන් බේරුන පිරිස Nymeria කියන කුමාරිකාව යටතේ Freehold එකෙන් බෙරීලා නැව් දසදහසක් මගින් Essos වලින් පිට වෙලා Westeros හී දකුණු පැත්තේ ඇති Dorne කලාපයට හොඩබැස එහි ජනාවාස පවත්වා ගැනීම.


Rhoynar කාලාපය 

එකටම පුරාවෘත්තයකින් මේක පටන් ගමු.....වැලෙරියන්වරුන්ට ගින්න පාලනය කැළ හැකි මකරුන් සිටියා වගේම මේ රොයිනාර් වරුන්ට ජලය පාලනය කළ හැකි මායාකාර වැරුන් පිරිසක් සිටි බව බවට පුරාවෘත්තයන් විසින් පවසනවා. 

Essos හී රොයින් නම් ගංගා නිම්නය ආශ්‍රිතව ජීවත්ව සිටි නිසා තමයි මොවුන්ට "රොයිනාර්" වරුන් කියන නම වැටෙන්නේ. අවුරුදු 8000 ඉපැරැණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන රොයිනාර් වරු ස්වර්ණමය අදිරාජ්‍යයකට හිමිකම් කියපු ජන කොකොට්ටාසයක්. ලෝහ උණු කර යකඩ වලින් විවිධ දෑ නිර්මාණය කරපු ජාතියක්. මොවුන්ගේ වඩාත් කැපී පෙනන ලක්ශනය වූයෙ ගැහැණු පිරිමි සමානාත්මතාවයයි. පිරිමින් වගේම ගැහැනුත් මේ රාජධානියේ පාලනය ගෙන ගියා.

Rhoynar Kingdom

Rhoynar තුළ Valyrian Freehold හී බලපෑම

මුලදි 950 BC වලදී රොයිනාර් රාජධානියට වැලේරියානුවන්ව රොයිනාර් වරුන් විසින් පිලිගත්තා.පසුව රොයිනාර් වරුන්ගේ ජනාවාස පිහිටී ගංගා ඉවුරේ ගංගාවේ උඩ අතු මත තමන්ගෙ පාලන නගර ඉදි කරන වැලේරියානුවන්  ක්‍රමයෙන් ගංගා නිම්නයේම පාලනය ඔවුන් අතට ගැනීමට අර අදින්න පටන් ගන්නවා. රොයිනාර් වරුන් වැලේරියානුවන් සමග තම භූමිය වෙනුවෙන් අරම්බ කළ Rhoynar සහා Valyrian ගැටුම මේත් සමග ආරම්භ වෙනවා. එකට යුද්දෙට අපි කියනවා "රොයිනිෂ් යුද්ධය" කියලා.ඊලගට කතා කරමු මේ ගැටුම ගැන.


Rohynish War

වැලේරියානුවන්ගෙ ක්‍රියාකලාපය නිසා ආරම්භ වූ මේ යුද්දය අවුරුදු 250 පමණ ඇදී ගිය අතර ගැටුම් රාශියකම ජය ලබා ගත්තේද වැලේරියානුවන්ය.මේ දීර්ඝකාලී යුද්ධය අවසාන වන්නෙ 700BC වලදී පමණය වොලන්ටිස් හි හමුදාව සමගද එක්ව 

 වොලැන්ටිස් : මේකත් රොයින් ගගේ ගංගා නිම්න ආශ්‍රිතව පිහිටලා තිබ්බ වැලෙරියාවේ එක නගරයක්. රෝයිනිශ් යුද්දෙදි මොවුන් වැලේරියන් වරු එක්ක එකතු වෙනවා

මකරුන් හිමි වැලේරියානුවන් තිදෙනෙකු ඔවුන්ගේ මකරුන් තිදෙනා සමග රෝයිනාර් වරුන්ගේ ප්‍රධානම වරාය නගරය වූ නමින් Sarhoy නම් වරාය නගරය මුළුමනින්ම වීනාෂ කර දැමීමත් සමගයි.

වොලැන්ටිස් හමුදාව හා වැලේරියානුවන් මකරු 3 එක්ක එල්ල කල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරය වශයෙන් Chroyane රොයිනාර් නගරයේ පාලකයා වූ Garin the Great නම් පාලකයා තීරණයක් ගන්නවා රොයිනාර් වල ඉන්න ආයුදයක් අතට ගත හැකි සෑම අයෙක්ටම ආයුදයක් ලබාදී මෙතුවක් කාලයකට රාජධානි 5 විදිහට බෙදිලා තිබ්බ රොයිනාර් රාජධානි එකතු කර යුද්ද කරන්න.Essos මේ හමුදාවට ඔක්කොම සෙබළුන් 250000 ක් සිටියා කියලා කියනවා.

මේ හමුදාව රොයින් ගග දිගේ ඉහළ ඉදන් පහලට බලය පතුරවගෙන හිටපු සියලුම වැලේරියානුවන් පරාජයට පත් කරමින් ගංගාව දිගේ පහළටම පැමිණ වැලෙරියානු සෙබලු 100 000 පමණ වූ සේනාව ද විනාශ කොට මකරුන් දෙදෙනෙකු මරා දමා තවත් මකරෙකුට දැඩි හානි සිදු කර මේ සටන ජය ගත්තද මෙම ජයග්‍රහණය කෙටි කාලීන එකක් උනා මෙලෙස මෙම විශාල හමුදාවේ ප්‍රහාරයට ලක්වූ වොලැන්ටිස් වරු සහා වැලේරියන්වරු තම ප්‍රදානම රාජධානිය වන වැලේරියාවෙන් උදව් ඉල්ලීම මත Valyrian Freehold එක සහය සදහා එවන්නේ අන් කිසිවක් නොව මකරුන් 300 කින් සමන්විත පරිපූර්ණ මකර හමුදාවක්. එම මකරුන් 300 දෙනා අර සේනාවට කරපු දේ හිතාගන්න පුලුවන් නේ.සේනාවම අළු තමා ඉතින්

Rhoynish War

පුරාණ වැලේරියාව සතුව තිබූ බලය පෙන්නුම් කල අමතක කල නොහැකි අවස්ථාවක් තමයි මේ යුද්දය.

ඉතින් රොයිනාර් විශාල හමුදාව Valyrian Freehold හී මකර හමුදාව යටතේ තම රාජධානියට හා මිනිසුන්ට සිද්ද වෙන දේ හොදින් තේරුම් ගත් Ny Sar හී Princess Nymeria විසින් එකතු කර ගත හැකි සියලුම නැව් එක් කරගෙන නැව් 10 000 මගින් අවුරුදු 3කට ආසන්න කාලයක් දකුණු මුහුදේ යාත්‍රා කර අවසානයේ Westeros හී දකුණ වූ Dorne කලාපයාට ගොඩ බහිනවා...මේ අවුරුදු 3ක කාලය තුල පොඩි පොඩි දූපත් වල තමා ජීවත් උනේ.

10000 Ships

• Dorne කළාපය

දැන් කතා කරමු Dorn ගැන. මේවන විට Dorne කලාපය ගංගා වලින් පරිපූර්ණ සාරවත් භූමියක්.මේ රාජ්‍යය තුල නිතරම පොඩි පොඩි යුද්ද ඇති වෙනවා ඒ වෙන මුකුත් හින්දා නෙමේ මෙ භූමියේ තනි පාලකයෙකු නැති හින්දා කුඩා ස්වාමි වරුන් Dorn බිම් වෙනුවෙන් පොඩි පොඩි යුද්ද කරා. මේ කාලයකදී තමා Nymeria ගේ පැමිණිමත් සිද්ද වෙන්නේ.

Nymeria

මේ පැමිණීමත් සමග අනෙක් ප්‍රාදේශීය පාලකයන් Nymeria කියන්නේ පිටින් ආක්‍රමණය කරන්න අපු අයෙක් නිසා පිටුවහල් කළ යුතු බව කිවුවත් යුධ අත් දැකීම් සහිත වූ Mors Martell විසින් Nymeria නම් රොයිනාර් වරු ගැන විශේෂයක් දුටු අතර අවසානයේ ඔහු ඇය විවාහ කර ගන්නවා.Nymeria යත් නිකන් කෙල්ලෙක් නෙමේ ගොඩක් ලස්සනයි කියලත් කට්ටියක් කියනවා. රොයිනාර් වරු සතු වූ දැනුම හා එද්දි රැගෙන ආ වස්තුව සමග එකව Mors Martell හා Nymeria Dorne හි ප්‍රබල පාලනයක් ලබා ගන්න සමත් වෙනවා.

තම මිනිසුන් නැවත පලා යාමක් අවශ්‍ය නොවිය යුතු බව සිතූ Nymeria විසින් අර නැවි 10 000 ගිනි ගිනි තියලා විනාශ කරලා දානවා. අවසනායේ තම සැමියා සමග Dorne ගී කුඩා රජයන් අල්ලා ගැනිමට යුද්ද කරන අතර තුර අවසානේ එක් රජෙක් ගේ කඩුව පාරකින් Dorne හි කුමාරයා වු Mors Martell මිය යාමත් සමග Nymeria සමස්ත හමුදාවේම පාලකයා වෙනවා.

වසර දෙකක් පම යුද්ධය මෙහෙය වූ Nymeria  අවසානයේ ජයගත් අතර සමස්ත Dorne කලාපයම ඇයට යටත් වී අවසායේ House Martell නමින් Princess of Dorne ලෙස ඇය කිරුළු පලදිනවා. මෙම යුද්දය Nymeria's War නම්න් හැදින්වෙනවා.

GOT බලපු හැමොම දන්නවානේ ඒගෝන් මකරු 3 එක්ක ආවත් Dorne අල්ල ගන්න බැරි වුනා වගේම ඔහුගේ එක බිරිදක් වුන Rhaenys ව මකරත් එක්කම මරන්නේ දකුණෙ Dorn වල සෙට් එක තමා.මොකද මේකට හේතුව වෙන්නෙ Nymeria එක්ක ආපු රොයිනාර් වරු කියන්නෙ එස්සොස් වල මකරුන්ගෙන් වගේම වැලේරියානුවන්ගෙන් අවුරුඩු ගානක් බට කාපු වගේම මකරු එක්ක සටන් කරලා අත්දැකීම් සහිත අය ඉතින් මෙයාලට ඒගෝන් එක්ක ආපු මරු මැජික් එකක් නෙමෙ වගේමයි මකරු එක්ක සටන් කරලත් දැනුම තියෙනවා ඉතින් මෙයාලව මකරු පෙන්නලා යටත් කරගන්න බෑ කියලා ඔයාලටත් තේරෙනව අතිනෙ.

Comments