Asoiaf World එක ගැන දැන ගැනීමට කියවිය යුතු පොත් අනුපිලිවෙල... [Book Order]


George RR Martin තුමානන් විසින් රචිත A song of ice and fire කියන පොත් සිරීස් එක පාදකව තමා මේ අපි හැමෝම දන්න මේ GOT Universe එක වගේම House of The Dragon හා ඉදිරියට පැමිණීමට නියමිතව තියෙන Movies & Tv Series පාදක වෙලා තියෙන්නෙ. 

මේ පොත් සීරිස් එක ප්‍රදාන කතාව දිවයන පොත් 5 හා ඊට සමගාමීව යන ඉතිහාස පොත් 6 කින් සමන්විත වෙනවා .

  • ප්‍රධාන පොත් 5 ලෙස, (Song of Ice and Fire ලෙස හදුන්වන පොත් මාලාව)
  1. A Game of Thrones (1996) - සිංහලට පරිවරථනය කර ඇත
  2. A Clash of Kings (1998) - කොටසක් සිංහලට පරිවරථනය කර ඇත
  3. A Storm of Swords (2000)
  4. A Feast for Crows (2005)
  5. A Dance with Dragons (2011)

  • ඉතිහාස පොත් 6 ක් ලෙස, 

  1. A knight of the seven kingdom (1998)
  2. The Princess and the Queen (2013)
  3. The Rogue prince (2014)
  4. The World of Ice and fire (2014)
  5. The Sons of the Dragon (2017)
  6. Fire and Blood (2018)


මීට අමතරව October 25, 2022 අවුරුද්ද තුල රිලීස් වුන අලුත්ම පොත තමයි The Rise of the Dragon, මේක fire and blood එකට සමානයි , නමුත් fire and blood එකේ සිද්දින් ලොකුවට දිග්ගස්සන්නෙ නැතුව පොඩියට සහා ලස්සන photos එහෙම දාලා හදලා තියෙන්නෙ, සරලව Fire and blood පොතම කෙටි කරලා ලස්සන කරලා තමා තියෙන්නෙ.

Books PDF & Links

පොත් ඔක්කොගෙම PDF මම Drive එකකට දාලා තියෙන්නෙ. මම Links ටික දාන්නම් ඔන අය අරගන්න. Dunk & Egg Series එකේ විතරක් Audio Book, Comic Book & PDF කියන වර්ග තුනෙන්ම තියෙනවා. Online කියවන්න කැමති අයටත් Links දාන්නම් ගිහින් කියවන්න.
  • Drive Link 
Link - Click Here
Decryption Key - 3iWl2bvE1YTMXdfGnaMA4Q
  • Online Links
  • ප්‍රධාන පොත් 5.
  1. A Game of Thrones (1996)
  2. A Clash of Kings (1998)
  3. A Storm of Swords (2000)
  4. A Feast for Crows (2005)
  5. A Dance with Dragons (2011)

  • ඉතිහාස පොත් 6ය.

  1. A knight of the seven kingdom / The Hedge Knight (1998)
  2. The Princess and the Queen (2013)
  3. The Rogue prince (2014)
  4. The World of Ice and Fire (2014)
  5. The Sons of the Dragon (2017)
  6. Fire and Blood (2018)
Story & Timeline
  • A World of Ice and Fire - අද දක්වා Westerosහි සමස්ත ඉතිහාසය.
  • The Sons of the Dragon - Aegon I’s death.
  • Fire and Blood - 2BC to Aegon III, Aegon Iගේ මරණය ගැනද මේ තුළ විස්තර කෙරේ.
  • The Rogue Prince - Viserys IIගේ පාලන සමය(Fire and Blood තුළ ද විස්තර කෙරේ)
  • The Princess and the Queen - Rhaenyra සහ Alicent අතර ආරවුල් (Fire and Blood තුළ ද විස්තර කෙරේ)
  • Dunk & Egg Saga - A Game of Thrones වලට සියවසකට පෙර
    • The Hedge Knight - Ashford Tournament
    • The Sworn Sword - Standfast

209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන වගේම Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)
  • Song of Ice and Fire - 298 AC සිට ඉදිරියට (Game of Thrones Series)
    • A Game of Thrones
    • A Clash of Kings
    • A Storm of Swords
    • A Feast for Crows 
    •  A Dance with Dragons
The World of Ice and Fire (2014)

The World of Ice and Fire කියන පොත ටිකක් විශේශයි. මොකද මේ පොතේ අද දක්වා Westerosහි සමස්ත ඉතිහාසය අන්තර්ගත වෙලා තියෙනවා. ඉතිං මේකෙ කරුණු ඉදිරිපත් වෙන්නෙ Westerosහි ජීවත් වුනු Maester Yandel කියන පුද්ගලයා විසින් රචිත් Westerosහි ඉතිහාස වාර්ථා ඔහු විසි ඉදිරිපත් කරණ ආකාරයට. ඒ කියන්නෙ GRRM මෙය රචනා කලද මෙය ඇත්තටම ඉදිරිපත් වන්නේ Maester Yandelගේ දෘශ්ඨිකෝණයෙන්. ඒ කියන්නෙ The World of Ice and Fire කියන්නෙ Asoiaf World එක ඇතුලෙදිත් ජීවමාන පොතක්. Yandel ලියපු ඒ පොත තමයි අපි කියවන්නෙ සරළවම.

Yandel ඔහුගේ මේ The World of Ice and Fire කියන පොත ලියන්න තවත් Maester වරුන් ලියපු පොත් වගේම ලිපි ලේඛනත් භාවිතා කරනවා. එහෙම ප්‍රසිද්ද කෙනෙක් තමා Robert I Baratheonගේ කාලයෙත් ජීවත් වන Archmaester Gyldayn කියන්නෙ. Yandel ඔහුගේ පොතේ Targaryen රාජවංශය ගැන ලියන්න පාදක කරගන්නෙ Archmaester Gyldayn ලියපු "Fire & Blood, Being a History of the Targaryen Kings of Westeros" කියන ඉතිහාස පොත.

Fire and blood 

මේක තමා විශේශ මේකේ පළමු Targaryen රජු Aegon ගේ සිට අපි මේ දැන් නරඹන Dance of Dragon වෙනකන් කතාව අඩංගු වෙන්නෙ.මේක පිටු 700 පොතක් මේ පොතේ පිටු 200 කින් සමන්විත Dance of Dragon කියන පරිච්චේදය පාදකව තමා HOTD Series එක හදාගෙන යන්නෙ . 

Timeline එක ගැන ගැටළු තියෙනවනම් මේ පෝස්ට් එක කියවන්න.


 Sinhalala Translation Book

මේ Song of Ice and Fire පොත් මාලාවේ එන පළමු පොත වන A Game of Thrones සහ දෙවන පොත වන A Clash of Kings පොතේ කොටසක් සෙව්වන්දි රුක්මල්දෙණිය මහත්මිය විසින් දැනටමත් සිංහල බසට හරවා ඇත. මේ පොත් දෙක GRRM ලියපු පොත් දෙකේ අසංක්ශිප්ත පරිවරථනයක් වන අතර මෙය Game of Thrones Series එක පාදක කරගෙන ලියවුණු පොතක් නොවෙ. පොත් දෙක ආශිරවාද ප්‍රකාශකයෝ විසින් නිකුත් කර ඇත. මේ පොත් දෙක ආශිරවාද ප්‍රකාශකයන්ගෙන් හෝ අන්තර්ජාලය හරහාද මිලට ගත හැක. මම නම් ගත්තෙ විශ්වයේ නවාතැනක් කියන FB Page එකකින්. මේ පොත් Book Shop වල උනත් හොයාගන්න පුලුවන්. ලේසියෙන්ම Online ගෙන්නගන්නත් පුලුවන්. මම ගත්තු තැන යටින් දාන්නම් ඔයාල ගන්න දවස අනුව මිල ගණන් වෙනස් වෙන්න පුලුවන් මම මේ දාන්නෙ අද දවසේ මිල ගණන්. මෙක මුදල් ගෙවා ප්‍රචාරණය කරන දෙයක් නෙමේ ඔයාල කැමතිනම් මෙතනින් ගන්න පුලුවන්. FB Page Link - Click Here 





Comments