CANNIBAL ...

CANNIBAL ...

Cannibal තමයි අපි දකින මේ Wild Dragonsලාගෙන් විශේශම කෙනා වෙන්නේ... කොටින්ම කිව්වොත් අපි සීරිස් එකේදී දකින Next Balerion the Dread කිව්වොත් හරි... ඒ තරමට ලොකු නොවුනත් පට්ටම Dragon කෙනෙක්... Cannibal. ගල් අගුරැ වගේ කලු පාට කොරපොතු සහ කොල පාට ඇස් තිබුනු මකරෙක්... මෙයා තමයි wild dragonsලගෙන් විශාලම සහ පැරණිතම මකරා වුනේ... Cannibal ව නිතරම දකින්න ලැබුනේ Dragonstoneවල. නිතරම Dragonmont ගුහා වල අලුත ඉපදුන මකර පැටව් සහ බිත්තර ආහාරයට ගන්න Cannibal පුරැදු වෙලා හිටියා... මේ නිසාම, එහෙම නැත්තම් Cannibalism නිසාම Cannibal ට ඒ නම වැටුනා සහ ඔහු ගොඩක් ශක්තිමත් වුනා සහ දීර්ඝ ආයුකාලයක් හිමි වුනා කියලයි සදහන් වෙන්නේ... Cannibal.ටාගේරියන්වරැ westerosවලට එන්නත් කලින් ඉදන් westerosවල ජීවත් වුනා කියලයි විශ්වාස කරන්නේ... ඒ වගේම එයා ටාගේරියන් මකරැන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පරම්පරාවකට අයිති මකරෙක් කියලත් විශ්වාස කරනවා.. ඒත් මේ ගැන හරියටම sure නැහැ.කැනිබල් නිතරම පාහේ දරැනු ස්භාවයක් තිබුන මකරෙක්.. DoD (Dance Of Dragon / මකර නර්තනය) වලටත් කලින් ඉදන් ගොඩක්දෙනා කැනිබල්ව Claim කරන්න උත්සහ කලත් ඒ හැමෝටම සිද්ද වුනේ කැනිබල්ගේ කෑමක් වෙන්න.. ඒ අයගේ ඇටකටු වලින් කැනිබල්ගේ ගුහාව පිරිලා තිබුනා කියල සදහන් වෙනවා.. මේ නිසා DoD වලදිත් කිසිම කෙනෙක් කැනිබල්ට කරදර කරන්න තරම් මෝඩ වුනේ නෑ... ඒ වගේම ගොඩක් අය හිතනවා cannibal තමයි westerosවල ඉදපු විශාලම මකරා කියලා.. ඒත් GRRMට අනුව ඇත්තටම විශාලම මකරා වෙන්නේ Balerion.ඊට පස්සේ Merrxes ... Merrxes ගැන ගත්තොත් Maestersලගේ වාර්තා වලට අනුව අසාමාන්‍ය වර්ධනයක් තිබුන මකරෙක්.. Dornishවරැ අතින් මැරැනේ නැත්තම් සමහර විට Balerionටත් වඩා විශාලවෙන්න තිබුනා.. ඒ වගේම DoD වෙන කාලෙදිත් විශාලම මකරා විදියට GRRM සදහන් කරන්නේ Vhagar .. Cannibal නෙමෙයි... කොහොමහරි Cannibal කියන්නෙත් DoD වලින් පස්සෙ westerosවල ඉතුරු වුන මකරැන් හතරදෙනාගෙන් එක්කෙනෙක් ... ඒත් ඊට පස්සෙ මෙයා ගැනත් සදහනක් වෙන්නේ නෑ... 

Comments