GOT කතා මාලාවට පෙර ඉතිහාසය[History before the GOT series]

History before the GOT series

GOT කතා මාලාව පදනම් වෙලා තියෙන්නෙ Westeros කියන මහද්විපය පදනම් කරගෙන. මුල් යුගයේ ඒ කියන්නෙ වසර 12000 කට කලින් මේ මහද්වීපයේ ජීවත් වෙලා තියෙන්නේ Children Of The Forests නමින් හඳුන්වන ශරීරයෙන් කුඩා මිනිසුන් පිරිසක්.මේ මිනිස්සු මන්තර ගුරුකම් වලට දක්ෂ පිරිසක්.

මේ Westeros මහද්වීපයට අසලින් තියෙන Essos කියන මහද්වීපයෙන් මිනිසුන් පිරිසක්  The Arm of Dorn හරහා පැමිණෙනවා.මොවුන් අපි හඳුන්වනවා First Men කියලා.මේ First Men ලා තඹවලින් හදාගත් ආයුධ පාවිච්චි කරන පිරිසක්.

First Men හා Children ලා අතර දරුණු යුද්දයක් ඇති වෙනවා. මෙයින් කිසිවෙකටත් ජය හිමි වෙන්නෙ නෑ.පසුව මේ දෙගොල්ලො සමාදාන වෙනවා.Children ලා කැලෑ තුල ජිවත් වෙන්න පටන් ගන්නවා. First Men ලා තැනිතලා භූමිවල ජනාවාස පිහිටවනවා.

මේ අතර උතුරේ ශීත ප්‍රදේශවල ඉඳන් White Walkers ලගෙ ආක්‍රමණයක් සිදු වනවා මේ  ආක්‍රමණයට First Men ලා හා Children ලා එකතුවෙලා වැඩ කරලා ජයගන්න වා. First Men ලාට නායකත්වය දෙන්නේ Brandon Stark නොහොත් Brandon The Bilder කියන කෙනෙක්. එයා මූලික වෙලා සීත භූමිය මහද්වීපයෙන් වෙන් කරමින් සුවිසල් තාප්පයක් ඉදි කරනවා. මේකට තමයි The Wall කියලා කියන්නෙ. පසුව උතුරේ රජු ලෙස Brandon කිරුළු පළඳින අතර. Winterfell සුවිසල් මාලිගාවක් හදා ගනිමින් රාජ්‍ය පාලනය කරනවා. Brandon තමයි stark පරපුරේ ආරම්භකයා. මේ විදිහට ගංගා ආශ්‍රිතව ටලී වරුත් කැලිස්ටර් වරුන් කාසල්රොක් වලත් රාජධානි පිහිටුවා ගනිමින් රාජ්‍යය පාලනය කරනවා.

ඊට වසර 2000 කට පසු ඇන්ඩල්ස් නමින් ජන කොට්ඨාසයක් Westeros රාජධානිය ආක්‍රමණය කරනවා.මේ ඇන්ඩස් වරු පැවතගෙන එන්නේ Westeros මහද්වීපයේ ඇන්ඩලාස් කඳු නිම්නයේ.මොවුන් ඉතාමත් දියුණු ජාතියක්. යකඩ හා වානේ ආයුධ වලින් සමන්විත ක්‍රමානුකූලව හමුදා නඩත්තු කරන පිරිසක්. මොවුන් ක්‍රමයෙන් උතුර හැර Westeros වල සියලු රාජධානි පරාජය කරනවා. ඒ ප්‍රභූ පවුල් සමඟ විවාහ වී තම ඇන්ඩල්ස් පරම්පරාව ව්‍යාප්ත කරනවා. ඔවුනට උතුරු ප්‍රදේශය යටත් කරගන්නට හැකිවෙන්නේ නෑ ඒ නිසා අදටත් උතුරේ පැවතගෙන එන්නේ First Men ලගෙන් පැවත එන පිරිසක් අනෙක් හැම ප්‍රදේශයකම 90% පමණ ඉන්න ඇන්ඩල්ස් වරු. ඒ නිසාම අගරජු හැදින්වීමට යොදා ගන්නේ මේ වචන පේළියයි "King Of The Andals The Rhoynar And First Men"

මේ ආකාරයට රාජ්‍යන් වලට බෙදී පාලනය කරන Westeros මහද්වීපය එකට එකතු කරන්නේ Esso මහද්වීපයේ Valeria වල ඉඳන් පැමිණෙන Targaryen වරුන් විසින්. Aegon Targaryen හා ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වැනි Rhaenys හා Visenya ඔවුන්ගේ මකරුන් ප්‍රමුඛ කරගත් හමුදාව මගින් Westeros හී සියලු රාජ්‍යයන් යටත් කර ගන්නවා. Aegon Targaryen ගේ උදව්වෙන් Baratheon වරු Stormlands වල තමන්ගෙ රාජධානියේ පිහිටුවනවා. 

මේ ආකාරයට වසර 280 Targaryen වරු Westeros මහද්වීපය පාලනය කරනවා. ටාගේරියන් වරුන්ගේ අවසන් පාලකයා වන්නේ ඒරිස් ටාගේරියන් මෙයාට තමයි GOT කතා මාලාවේ Mad King කියන්නේ මේ Mad King ට මිනිසුන් ගිනි තබා මරන පිස්සුවක් තිබුනා මේ පිස්සුව නිසාම බොහෝ ප්‍රාදේශීය නායකයන් ඔහු සමග හිත හොඳින් නෙමෙයි හිටියේ. මේ අතර ඔහුගේ පුතා Rega Targaryen උතුරේ පාලකයා වූ Reca Stark ගේ දියණිය වන Lyanna Stark ව පැහැර ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ආරවුලක් ඇතිවෙනවා. Liyana Stark ව විවාහ කර ගැනීමට යෝජනා වී සිටි Robert Baratheon හා Stark වරුන් විසින් Targaryen වරුන්ට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. මේ යුද්දය Robert Baratheon විසින් ජය ගන්නවා. Targaryen වරු සමූල ඝාතනය කරනවා. ඉතිරි වන්නේ Viserys හා Daenerys කියන කුඩා Eris Targaryen ගේ දරුවන් දෙදෙනා පමණයි. මොවුන් දෙදෙනා Targaryen වරුන්ට පක්ෂපාතී ප්‍රභූ වරුන් විසින් Essos කියන මහද්වීපයට රැගෙන යනවා.

Robert Baratheon Westeros වල රජු බවට පත්වෙනවා. ඔහුගේ හොඳම මිතුරා Edad උතුරේ පාලකයා බවට පත්වෙනවා. Robert හා Edad ගේ ගුරුවරයා වූ John Arryn රජුගේ දෙවෙනියා නොහොත් Hand Of The King බවට පත් වෙනවා.එතැනින් වසර 14කට පසු John Arryn මිය යාමත් සමඟ තමයි GOT කතා මාලාව ආරම්භ වෙන්නේ. 

Aegonගේ ආක්‍රමණයේ ඉදන් රොබට්ගේ කැරැල්ල දක්වා Timeline එක ගැටළු තියෙනවනම් මේ පෝස්ට් එක කියවන්න.

From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames. ඒගොන්ගේ ආක්‍රමණයේ සිට රොබට්ගේ කැරැල්ල දක්වා 

ඩන්කන් හා එග්ගෙ සංචාර ගැන දැනගන්න යටින් දාන පෝස්ට් එක කියවන්න.

A Tale That Became Legend: The Complete Dunk & Egg Saga

Comments